Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
සැප්තැම්බර් 27 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.
Highlights
- මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 36 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
- ඊට අමතරව 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 61 ක් නිකුත් කර තිබේ.
- 2021 සැප්තැම්බර් 01 දින වන විට ACT හි 190 වීසා 492 ක්ද 491 වීසා 1,164 ක්ද ඉතිරිව ඇත.
ACT සැප්තැම්බර් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය
ACT හි සැප්තැම්බර් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2021 සැප්තැම්බර් 27 වන දින ක්‍රියාත්මක විය.
මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 36 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 100 ක් වේ.
නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 110 ක් බව සඳහන්.
ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 61 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.
නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 100 ක් බව සඳහන්.

Overlooking Lake Burley Griffin with Dept. of Defence in the foreground, Captain Cook water jet centre and Black Mountain top right. (AAP Photo/Alan Porritt) Source: AAP Photo/Alan Porritt
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (subclass 190) වීසා - 600
- Skilled Work Regional (subclass 491) වීසා - 1,400
මේ අතර 2021 සැප්තැම්බර් මාසයේ 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.
- 190 වීසා - 492
- 491 වීසා - 1164
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ACT Critical Skills ලැයිස්තුව
ACT Critical Skills ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.
ACT Critical Skills ලැයිස්තුව සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.
ඒ අනුව ACT Critical Skills ලැයිස්තුවේ නවතම යාවත්කාලීන කිරීම 2021 සැප්තැම්බර් මස මුල සතියෙදේ සිදු කෙරිණි.
මේ වන විට ක්‍රියාත්මක වන නවතම ACT Critical Skills ලැයිස්තුව