ඔස්ට්‍රේලියාවේ වෙසෙන සෑම පුහුණු සංක්‍රමණිකයින් (skilled migrants) හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ වර්තමාන රැකියාවටත් වඩා අධි සුදුසුකම් (over-qualified) ඇති බව අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුවේ නවතම වාර්තාව මේ බව හෙළිකර ඇත.
Highlights
- ස්ථිර වීසා මත සිට ඔස්ට්‍රේලියාවේ රැකියා කරමින් සිටින පුහුණු සංක්‍රමණිකයින්ගෙන් 34,000 ක් පමණ තම නිපුණතා මට්ටමට පහළින් රැකියාවල නිරත වේ.
- ඔස්ට්‍රේලියාවේ සේවා පළපුරුද්දක් නොමැතිවීම මෙන්ම ඔස්ට්‍රේලියානු සමාජයේ පුද්ගල සම්බන්ධකම් මද වීම ඒ සඳහා පොදු හේතු ලෙස හඳුනාගෙන ඇත.
- පුහුණු සංක්‍රමණිකයන්ව හා සේවායෝජකයින්ව වඩා හොඳින් සම්බන්ධ කිරීම සඳහා රජය විසින් නියාමනය කරන ලද online පද්ධතියක් හඳුන්වා දීමට නිර්දේශ කෙරේ.
පුහුණු සංක්‍රමණිකයින් දහස් ගණනකට අධි සුදුසුකම්
ස්ථිර වීසා මත සිට ඔස්ට්‍රේලියාවේ රැකියා කරමින් සිටින පුහුණු සංක්‍රමණිකයින්ගෙන් 23% ක් තම නිපුණතා මට්ටමට පහළින් රැකියාවල නිරත වන බව හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුවේ නවතම වාර්තාව අනාවරණය කරන පරිදි එම ප්‍රමාණය 34,000 ක් පමණ වේ.
ඔස්ට්‍රේලියාවේ සේවා පළපුරුද්දක් නොමැතිවීම මෙන්ම ඔස්ට්‍රේලියානු සමාජයේ පුද්ගල සම්බන්ධකම් මද වීම ඒ සඳහා පොදු හේතු ලෙස අදාළ වාර්තාව දක්වයි.
එමෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හා ලිවීමට ඇති දුෂකරතාවද තවත් හේතුවක් ලෙස දක්වා ඇත.
තමන්ගේ කැමැත්ත මත අවම වශයෙන් හෝ තමාගේ වෘත්තියේ රැකියාවක් කිරීමට නොලැබෙන පුද්ගලයින් අතර ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ගණකාධිකාරීවරුන්, සිවිල් ඉංජිනේරුවන් සහ සූපවේදීන් ප්‍රධාන තැනක් ගනී.
පුහුණු සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ වෘත්තියේ රැකියාවක් සොයාගත නොහැකි නිසා කුලී රථ පැදවීමේ රැකියා පිළිබඳ උදාහරණය මේ තත්ත්වය පැහැදිලි කිරීමට අදාළ වාර්තාව භාවිතා කරයි.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන දියුණු කළ යුතුයි
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මනාව ඔස්ට්‍රේලියාවට විශාල සේවාවක් ලැබී ඇති බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුවේ නව ප්‍රධාන අධ්යක්ෂ Melinda Cilento පැවසුවාය.
නමුත් ඇතැම් පැති දියුණු කළ යුතු බව ද Melinda Cilento පැවසුවාය.
විශේෂයෙන්ම කොරෝනා වසගතයෙන් අනතුරුව ආර්ථිකය යළි ගොඩනැගීමේ අරමුණට මෙය වඩා වැදගත් වේ.
"ජාත්‍යන්තර දේශසීමා වසා තිබියදීත්, පුහුණු ශ්‍රමිකයින් ගේ හිඟතාව පිළිබඳව අපගේ සාමාජිකයින් නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටී." යනුවෙන් Melinda Cilento ප්‍රකාශ කළේය.
ඩිජිටල් සහ දත්ත අවස්ථාවන් ඇතුළුව වර්ධනය හා ආයෝජනය සඳහා අවශ්‍ය නිපුණතා වෙත ප්‍රවේශ වීමට ඇති නොහැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබේ.
නිපුණ සංක්‍රමණිකයින් හට තමන්ට ඇති සුදුසුකම් වලට වඩා අඩු සුදුදුසුකම් ඇති රැකියා ලබා ගැනීමෙන් වැටුප් අහිමි වන්නේ කෙසේදැයි විශ්ලේෂණය කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සූදානම් වේ.
මෙම විෂමතාවය නිසා සංක්‍රමණික සේවකයින්ට අවම වශයෙන් ඩොලර් බිලියන 1.25 ක නිසැක වශයෙන් ගෙවිය යුතු වැටුප් ඇතැයි අදාළ වාර්තාව ගණන් බලා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
අගමැති මොරිසන් ගේ මතය සහ වාර්තාවේ නිර්දේශ
කොරෝනා වසංගතයෙන් පසුව ජාත්‍යන්තර දේශ සීමා විවෘත කළ පසුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ සංශෝධන පිළිබඳව තමන්ට “විවෘත මනසක්” ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පෙන්වා දී තිබේ.
පුහුණු ශ්‍රමිකයින් හට ඉල්ලුමක් ඇති කර්මාන්ත ඉලක්ක කිරීම සහ ප්‍රාදේශීය ප්‍රදේශවල ශ්‍රම බලකායේ ඉල්ලීම් සපුරාලීම සඳහා වීසා කොන්දේසි සකස් කිරීම මෙයට ඇතුළත්ය.
Global Talent Scheme නැමති වීසා ඛාණ්ඩයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට දියත් කර ඇති අතර ඉහළ නිපුණතාවක් ඇති සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ වී තිබේ.
පුහුණු සංක්‍රමණිකයන්ව හා සේවායෝජකයින්ව වඩා හොඳින් සම්බන්ධ කිරීම සඳහා රජය විසින් නියාමනය කරන ලද online skills matching jobs platform හෙවත් නිපුණතාවට සරිලන රැකියාවක් සම්බන්ධ කෙරෙන online පද්ධතියක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුවේ නවතම වාර්තාව නිර්දේශ කරයි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලාභීන්ට රැකියාවක් සොයායන කාලය තුළදී රජයෙන් ලබාදෙන දීමනා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 4 කින් පසුව ලබාදෙන ලෙසත් එම වාර්තාව නිර්දේශ කරයි.