වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති හෙට (17/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (16/06) තීරණය කළේය.
ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට වෙන වෙනම කොරෝනා නීති පහත පරිදි ලිහිල් කෙරෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය
- ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකිය.
- කිලෝ මීටර් 25 සීමාව අදාළ නොවේ.
- නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
- ඇතැම් සීමාවන්ට යටත්ව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
- හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා alpine කලාපයට යාමට අවසර ඇති නමුත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් ඒ සඳහා පිටවීමට පැය 72 කට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතුය. මේ සඳහා වයස අවුරුදු දෙකට අඩු ළමුන් ඇතුළත් නොවේ.
- අවසර ලත් හේතු මත හැර aged care මධ්‍යස්ථාන වෙත අමුත්තන්ට ඇතුළුවීමට අවසර නැත.
- පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
- මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට
- දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට
- දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
- පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
- උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය.
- හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය.
- පූර්ණ සේවක ධාරිතාවෙන් 50% ක් හෝ උපරිම සේවකයින් 20 ක් දක්වා හෝ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
- සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
- තමන්ගේ දරුවන් සමග වැඩිහිටියන් දෙදෙනෙකුට එක් දිනකදී අමුත්තන් ලෙස නිවසකට යා හැකිය.
- එළිමහනේ උපරිම පුද්ගලයින් 20 ක් දක්වා ඒකරාශී විය හැකිය.
- සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
- සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
- නිවාසය ඇතුළත පුද්ගලයින් 75 ක් ඇතුළු සම්පූර්ණ සහභාගීවන්නන් 150 ක උපරිමයකට යටත්ව නිවාස වෙන්දේසි ක්‍රියාත්මක කළ හැකිය.
- උපරිම පුද්ගලයින් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සව පැවැත්විය හැකිය.
- උපරිම පුද්ගලයින් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 75 කට අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
- ඊට අමතරව බහිරව තවත් අමුත්තන් 75 කට අවසර ලැබේ.

A person is seen wearing a face mask in Melbourne Source: AAP
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප
- ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකිය.
- නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
- වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර මෙන්ම මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය වෙත සංචරණයට අවසර ලැබේ.
- අවසර ලත් හේතු මත හැර aged care මධ්‍යස්ථාන වෙත අමුත්තන්ට ඇතුළුවීමට අවසර නැත.
- පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
- මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට
- දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට
- දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
- පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
- උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය.
- හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය.
- පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ උපරිම සේවකයින් 30 ක් දක්වා හෝ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
- සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
- තමන්ගේ දරුවන් සමග වැඩිහිටියන් පස් දෙනෙකුට එක් දිනකදී අමුත්තන් ලෙස නිවසකට යා හැකිය.
- එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
- සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
- සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
- නිවාස වෙන්දේසි ක්‍රියාත්මක කළ හැකිය.
- උපරිම පුද්ගලයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සව පැවැත්විය හැකිය.
- උපරිම පුද්ගලයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
- වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ උපරිම අමුත්තන් 300 කට අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.