පසුගිය මාර්තු 29 සිට වික්ටෝරියානු ප්රාන්තයේ කුලී නිවෙස් වල smoke alarms, ගෑස් සහ විදුලි උපකරණ වල safety checks අනිවාර්ය කර තිබේ.
එම නීතිය කුලී නිවැසියන්ට මෙන්ම කුලී නිවාස හිමියන්ට බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.
Highlights
- 2021 මාර්තු 29 න් පසුව වික්ටෝරියානු ප්රාන්තයේ නිවෙසක් කුලියට ලබා දෙන විට හෝ පවතින බදු/කුලී ගිවිසුම අලුත් කරන විට මෙම safety check එක අනිවාර්ය වේ.
- මෙම safety check එක නොකර 2021 මාර්තු 29 න් පසුව වික්ටෝරියානු ප්රාන්තයේ නිවෙසක් කුලියට ලබාදීමට අවසර නැත.
- මෙය කුලී නිවැසියන්ට මෙන්ම කුලී නිවෙස් හිමියාට ද සුරක්ෂිතභාවය ගෙනදෙන්නකි.
මොකද්ද මේ අලුත් නීතිය?
2021 මාර්තු 29 න් පසුව වික්ටෝරියානු ප්රාන්තයේ නිවෙසක් කුලියට ලබා දෙන විට හෝ පවතින බදු/කුලී ගිවිසුම අලුත් කරන විට හෝ ඒ නිවසේ හිමිකරු විසින් කුලී නිවැසියන්ට ලබාදුන් සියලුම ගෑස් සහ විදුලි උපකරණ, smoke alarms, නිවසේ විදුලි පරිපථය මෙන්ම සෑම විදුලි ස්විචයක්ම පරීක්ෂා කර ආරක්ෂාකාරී බව තහවුරු කරන safety check එක අනිවාර්ය වේ.
ඒ අනුව එම safety check එක නොමැතිව 2021 මාර්තු 29 න් පසුව වික්ටෝරියානු ප්රාන්තයේ නිවෙසක් කුලියට ලබාදීමට අවසර නැති බව මෙල්බර්න් නුවර A ඛාණ්ඩයේ ලියාපදිංචි විදුලි කාර්මික ශිල්පී සහ ලියාපදිංචි විදුලි කොන්ත්රාත්කරු දිමුත් කරුණාරත්න මහතා SBS සිංහල ගුවන්විදුලියට පැවසීය.
මෙම නීතිය බලාත්මක කර ඇත්තේ වික්ටෝරියානු ප්රාන්තයේ කුලී නිවාස සඳහා පමණි.
ඒ අනුව එම safety check එක කර දීම අදාළ කුලී නිවෙස් හිමියන්ගේ හෝ එම කුලී නිවෙස බාරව කටයුතු කරන දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාට වගකීමක් ඇති බව කරුණාරත්න මහතා පැවසීය.
අනෙක් පසින් කුලී නිවැසියෙකුට ද මෙම safety check එක කරදෙන ලෙස තම කුලී නිවෙස් හිමියාගෙන් හෝ කුලී නිවෙස බාරව කටයුතු කරන දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාගෙන් ඉල්ලීමට ද අයිතියක් ඇති බව ඔහු පැහැදිලි කළේය.

Source: Wikimedia
මෙම safety check එකෙහි අඩංගු දේ
මෙම safety check එක පහත සඳහන් ලෙස අංශ 3 කින් සිදු කෙරේ.
01. Electrical safety check
02. Gas safety check
03. Smoke Alarm safety check
මෙහිදී Electrical safety check එක හරහා නිවසේ ප්රධාන ස්විච් බෝර්ඩ් එකේ පටන් සමස්ත විදුලි පරිපථයම, විදුලි ස්විචයන්, Power Point මෙන්ම නිවසේ හිමිකරු විසින් කුලී නිවැසියන්ට ලබාදුන් සියලුම විදුලි උපකරණ භාවිතයට සුදුසු මට්ටමේ ඇත්දැයි පරීක්ෂා කෙරෙන බව මෙල්බර්න් නුවර A ඛාණ්ඩයේ ලියාපදිංචි විදුලි කාර්මික ශිල්පී සහ ලියාපදිංචි විදුලි කොන්ත්රාත්කරු දිමුත් කරුණාරත්න මහතා SBS සිංහල ගුවන්විදුලියට පැවසීය.
Smoke Alarm safety check එක යටතේ නිවසේ ඇති Smoke Alarm නිවැරදි ආකාරයෙන් ක්රියා කරනවාද යන්න පරීක්ෂා කර බලන බවද ඔහු සඳහන් කළේය.
Electrical safety check එක සහ Smoke Alarm safety check එක බලයලත් හා ලියාපදිංචි විදුලි කාර්මික ශිල්පියෙකු විසින් සිදුකළ යුතුය.
Gas safety check එකේදී නිවසේ ප්රධාන ගෑස් සැපයුම් කේන්ද්රයේ සිට නිවස පුරා තිබෙන ගෑස් උපකරණ පරීක්ෂාවට ලක් කෙරේ.
එමෙන්ම කාබන් මොන්ක්සයිඩ් පරීක්ෂාවත් මේ සමග සිදු කෙරෙන බව සඳහන්.
මෙම Gas safety check එක බලයලත් හා ලියාපදිංචි ගෑස් කාර්මික ශිල්පියෙකු විසින් සිදුකළ යුතුය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙම safety check එක ලබාගැනීමෙන් ලැබෙන ප්රතිලාභ
ඇතැම් කුලී නිවාස වල කුලී නිවෙස් හිමියා විසින් ලබාදුන් උපකරණ, නිවසේ ඇති විදුලි ස්විච්, power points වැනි දේ භාවිතයට නුසුදුසු තත්ත්වයේ ඇතිනම් එය හඳුනාගෙන ඒවා නඩත්තු කිරීමට හෝ අලුතින් ස්ථාපනය කිරීමට හෝ මේ හරහා හැකියාව ලැබේ.
මෙය කුලී නිවැසියන්ට මෙන්ම කුලී නිවෙස් හිමියාට ද සුරක්ෂිතභාවය ගෙනදෙන්නක්.
මීට අමතරව වික්ටෝරියා ප්රාන්තය වැනි බහු සංස්කෘතික ප්රජාවක් වෙසෙන ප්රාන්තයක විදෙස් රටවලින් පැමිණි ඇතැම් සංක්රමණිකයින් නිවෙස් වල ඇතැම් විදුලි හෝ ගෑස් උපකරණ නිවැරදි අයුරින් භාවිත කිරීමට නොදන්නා බව කරුණාරත්න මහතා SBS සිංහල ගුවන්විදුලියට පැවසීය.
ඒ අනුව මෙහිදී එම උපකරණ නිවැරදි අයුරින් ක්රියාත්මක කරන්නේ කෙසේදැයි මනා පුහුණුවක් ද ලබාදීමට හැකි වන බව ඔහු පැවසීය.