ටස්මේනියානු ප්‍රාන්තය subclass 190 සඳහා ආරාධනා පත්‍ර යැවීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර ඇත. මෙම කාණ්ඩය සඳහා ටස්මේනියානු ප්‍රාන්තය වෙත නිකුත් කර ඇති ස්ථාන ප්‍රමානය අවසන්වීමට ඉතා ආසන්නව පැවතීම මීට හේතුව වී ඇත. මෙම වීසා කාණ්ඩයට පවතින ඉල්ලුම ඉහල යාම සහ පවතින ස්ථාන ප්‍රමාණය අවම මට්ටමකට පැමිණීම හේතුවෙන් Gold Pass වර්ගීකරණයට අයත් අයදුම් කරුවන් ට පමණක් subclass 190 සඳහා ආරාධනා පත්‍ර යැවීමට Migration tasmania විසින් තීරණය කර තිබේ.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන වීසා 185,000 විවිද ක්ෂේශ්ත්‍ර හරහා 2024 - 25 වසරවල බෙදී යන්නේ මෙහෙමයි
SBS Sinhala
04:31
මෙහිදී ඉහල ප්‍රමුඛතා මට්ටමක් වන Gold මට්ටම සඳහා පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.
- කුසලතා ඇගයීම එනම් Skill assessment එක ලබා තිබීම.
- අදාළ නිපුණතාවයට ඍජු ලෙස සම්බන්ද රැකියාවක නිරත වී තිබීම
- එම රැකියාව අත්‍යාවශ්‍ය රැකියා ලැයිස්තුවේ ඇතුලත්වී තිබීම
Subclass 190 සඳහා අයදුම්පත් භාරගැනීම 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා මේ වසරේ ජූලි මාසයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ උවත් subclass 491 සඳහා අයදුම්පත් යොමුකිරීම සඳහා කිසිදු බාදාවක් නොමැති අතර මේ සඳහා වෙබ් අඩවිය හරහා අයදුම් පතක් යොමු කිරීමේ හැකියාව පවතී.
Subclass 190 කාණ්ඩය
- මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත් ප්‍රමාණය 586. මුළු ස්ථාන සංක්‍යාව 600
- මේවනවිට ලැබී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති ස්ථාන සංඛ්‍යාව 58
- නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා නිකුත් කර ඇති නමුත් තවමත් පිළිගෙන නොමැති ප්‍රමාණය 22
- මේවනවිට ලියාපදිංචි වී ඇති අයදුම්පත්‍ර සංක්‍යාව 601
Subclass 491 කාණ්ඩය
- මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත් ප්‍රමාණය 572. මුළු ස්ථාන සංක්‍යාව 600
- මේවනවිට ලැබී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති ස්ථාන සංඛ්‍යාව 25
- නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා නිකුත් කර ඇති නමුත් තවමත් පිළිගෙන නොමැති ප්‍රමාණය 64
- මේවනවිට ලියාපදිංචි වී ඇති අයදුම්පත්‍ර සංක්‍යාව 601
LISTEN TO

NSW ප්‍රාන්ත රජය හදිසියේ වීසා කොන්දේසි ලිහිල් කරයි: මාස 6න් PR Pathway එකකට අවස්තාවක්
SBS Sinhala
11:27
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************
- SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර
- SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න