ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය ගැන බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විශේෂ හෙළිදරව්වක්

Nalinda2 (1).jpg

Australian Security Intelligence Organisation ASIO Director General Mike Burgess Source: AAP

අන්තවාදී මතවාද සහිත වැඩසටහන් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ළමුන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියා අන්තර්ජාලය හරහා සිදුවීමේ වැඩි අවධානමක් පවතින බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී Mike Burgess පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට ඇති අවදානම් තත්ත්ව පිළිබඳව වාර්ෂිකව සිදුකෙරෙන තොරතුරු ඉදිරිපත් කිරීමේදී මේ බව සඳහන් කිරීමට ඔහු කටයුතු කර තුබුණා. තම මතවාද සමග එකඟ නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් මුලාකර ඔවුන්ව ඝාතනය කිරීමේ රටවල් තුනක පුද්ගලයින්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටද ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය පසුගිය කාලයේ කටයුතු කල බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


LISTEN TO
Learning Sinhala in Australia  int image

ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ දරුවන් සිංහල භාෂාව ඉගෙනීම වැදගත් වන්නේ ඇයිද යන්න ගැන ගුරුවරියකගේ අදහස්

SBS Sinhala

21/02/202513:23
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය සම්බන්ධ කාරණා බොහෝ දුරට වෙනස් වී ඇති බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය එනම් ASIO ආයතනයේ ප්‍රධානී Mike Burgess පවසා සිටිනවා.

ආරක්ෂාව සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව මුහුණ දෙන අභියෝග පිළිබඳව සිදුකරන වාර්ෂික සමාලෝචනය බුද්ධි අංශ ප්‍රධානීන්, පොලිස් නිලධාරීන් සහ චීන තානාපති ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් හමුවේ කැන්බරා නුවරදී පැවත්වී තිබුනා. කලාපීය බලවතුන් විසින් බුද්ධි තොරතුරු සොයා බැලීමේ අවස්ථා ඉහළයාම්, විදෙස් රවල් විසින් සිදුකරන අතපෙවීම් කලාපය තුල ඉහල යාම වැනි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ද ගැටළු සුලභව දක්නට ලැබෙන අතර වර්තමාන තාක්ෂණික දියුණුව හරහා මෙම තත්ත්වය තවදුරටත් උස්ත්සන්න වී ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

ඉදිරි වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය
  • වඩාත් සංකීර්ණ, අභියෝගාත්මක සහ නිතර වෙනස්වන සුළු ස්වභාවයක් ගැනීම
  • සමාජ ආරක්ෂණ තත්වයද පිරිහීමකට ලක්වීම ඇති
  • වර්තමාන ඕස්ට්‍රේලියාවේ පවතින දියුණු සාමාජීය තත්වය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආරක්ෂණ තත්වයට ගැටළු මතුවීම
  • විවිධ ආයතන කෙරෙහි ජනතා විශ්වාසය අඩු වීම
  • නොඉවසීම වර්ධනය වීම සහ කුමන්ත්‍රණ සිදුවීම බහුලවීම
  • සාවද්‍ය තොරතුරු බහුල වීම හේතුවෙන් සත්‍යය තොරතුරු හෑල්ලුවට ලක්වීම වැනි තත්වයකට පත්වනු ඇතිබවට බුද්ධි අංශ ප්‍රධානියා අනතුරු අඟවා සිටිනවා.
  • මෙහිදී ආරක්ෂාව සම්බන්දයෙන් තර්ජන එල්ල වී ඇති පුද්ගලයින් අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන්ද සිටින බව හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ඇති AUKUS ගිවිසුම පිලිබඳ රහස් තොරතුරු විදෙස් ඔත්තු සේවා වල ඉලක්කයක් බවට පත්වී ඇති බවද Mike Burges පවසා සිටිනවා. 2030 වසර වනවිට ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සිදුවන අතර මේ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට විදෙස් බලවේග කුමන්ත්‍රණය කරනු ඇති බවටද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල පද්ධතීන් ඉලක්ක කිරීමටද විදෙස් බලවේග කුමන්ත්‍රණය කරන බව ඔහු පවසනවා. අනාගත ලෝකය තවදුරටත් සංකීර්ණ ස්වභාවයක් ගනු ඇති බැවින් ඕස්ට්‍රේලියාවේ සතුරු බලවේග සහ ඔවුනට සහය දෙන පිරිස් හඳුනාගැනීම ඉතා වැදගත් බව ඔහු මෙහිදී අවධාරණය කර සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ ආයතන පමණක් නොව එක් එක් පුද්ගලයින්ද ආරක්ෂාව සම්බන්ධ තර්ජන වලට මුහුණ දිය හැකි බව ඔහු පවසනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති නමුත් තවමත් තම රාජ්‍ය වලට තර්ජනයක් ලෙස සලකනු ලබන පුද්ගලයින්ට හිරිහැර කිරීමට සහ බිය ගැන්වීමට විදෙස් බලවේග කටයුතු කර ඇති බවටද ඔහු පෙන්වා දෙනවා.

එක් අවස්තාවකදී, ඔස්ට්‍රේලියාව ජීවත්වන මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිහඬ කිරීමට විදේශීය ඔත්තු සේවයකට අවශ්‍ය වී ඇති අතර ඔහු වෙනත් රටක සංචාරය කරන අතර තුර අහඹු අනතුරක් ලෙස හුවා දක්වමින් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් මෙම විදෙස් ඔත්තුසේවා ක්‍රියාත්මක කර ඇති බවටද Mike Burges මෙහිදී තොරතුරු හෙළිකර සිටියා.

අන්තර්ජාලය හරහා ඔස්ට්‍රේලියාවේ ඉපදුනු තරුණ පිරිස් ඉලක්ක කිරීමට මෙම බලවේග කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා. මෙහිදී අන්තවාදී සහ මූලධර්මවාදී මතවාද සහිත පුද්ගලයින් තරුණ සමාජය තුල වෛරය පැතිරවීමේ ක්‍රියාවලියක නිරතවී සිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඩිජිටල් තාක්ෂණික ලෝකය තුල හැදී වැඩෙන තරුණ දරුවන් මෙම අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවනතාවයක් දක්නට ඇති බව Mike Burges පවසා සිටිනවා.

හිස ගසාදමන වීඩියෝපට කුඩා දරුවන් අතරේ පැතිර යාම, 12 හැවිරිදි දරුවකු ආගමික ස්ථානයක් පුපුරුවා හැරීමට සැලසුම් කිරීම, 17 හැවිරිදි තරුණ දරුවකු නාසි හමුදා මතවාද සහ Ku Klux Klan සංවිධානය පිලිබඳ වීඩියෝ පට නැරඹීම මෙන්ම යුදෙව්වන් මරාදැමිය යුතු බව කියවෙන පාඨ ප්‍රසිද්ධ ස්ථාන වල සටහන් කිරීම, 12 හැවිරිදි දරුවකු පාසල තුල වෙඩිතැබීමක් සැලසුම් කිරීම වැනි පසුගිය කාලයේ දක්නට ලැබුණ සිදුවීම් කිහිපයක් සඳහන් කිරීමටද ඔහු මෙහිදී කටයුතු කරනු ලැබුවා.

පසුගිය වසරේ දී ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකිරීම සඳහා වූ සැලසුම් පහක් කඩාකප්පල් කිරීමට ASIO ආයතනය සමත්වූ බවත්, ඒ සියල්ලටම පාහේ ළමුන් සම්බන්ධ බවත් Mike Burgess පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ඉපදුනු පිරිමි දරුවන් මෙවැනි ක්‍රියා සම්බධයෙන් වැඩිවශයෙන් යොමුවී ඇතිබවත් මෙවැනි ක්‍රියා සම්බන්දයෙන් ASIO ආයතනයේ විමර්ශනවලට ලක්වන ළමුන් බොහෝවිට වයස අවුරුදු 15 සීමාවේ පසුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා. මේ අනුව අන්තවාදී ක්‍රියා මැඩලීමට යොදා ගන්නා උපක්‍රම වෙනස් කිරීමටද බලධාරීන්ට සිදුවනවා

 
ඕස්ට්‍රේලියාවේ සිදුවන දේ පිලිබඳ නවතම තොරතුරු රැගත් අපගේ ගුවන් විදුලි විශේෂාංග වලට සවන්දෙන්න sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. එහි මුල් පිටුවේ පහලට ගමන් කල විට හමුවන "කාලීන" ලෙස නම්කොට ඇති වෙබ් පිටුවට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකියි.


Share