ඕස්ට්‍රේලියාවේදී ඔබ විදේශ ගමන් බලපත්‍රය අලුත් කලොත් කල යුතු දේ මෙන්න

sri_lankan_passport.jpg

File - Sri Lankan Passport Source: SBS / SBS Sinhala

ඕස්ට්‍රේලියාවේදී ඔබ නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්කොට ලබා එය ගතහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


ඕස්ට්‍රේලියාවේදී ඔබ නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්කොට ලබා එය ගතහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔබගේ නව විදේශ ගමන් බලපත්‍රය ඔබගේ වීසා බලපත්‍රයට හෝ අයදුම්පත්‍රයට සම්බන්ධ කිරීමට මෙමගින් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට හැකියාව හිමි වේ.

මෙය ඔබට ImmiAccount හි ඔබගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර යාවත්කාලීන කිරීම ඔස්සේ සිදු කල හැකියි.

කෙසේ නමුත් මේ සඳහා යන වීසා වල සිටින පිරිස අදාළ නොවේ.

මෙහිදී ඔවුන් ඔවුන්ගේ නව ගමන් බලපත්‍රය භාවිතා කරමින් lectronic Travel Authority වීසා සඳහා අයදුම් කිරීම වැදගත් වේ.

ImmiAccount එකක් ඔස්සේ නව විදේශ ගමන් බලපත්‍ර තොරතුරු යාවත්කාලීන කිරීම


ImmiAccount එකක් ඔස්සේ නව විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වන තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා, වෙත පිවිස ඔබගේ අයදුම්පත තෝරගැනීම සිදු කලයුතු වේ.

අනතුරුව එහි ඇති ‘Edit’ හෝ ‘View details’ යන කොටස ඔස්සේ ‘Application home’ සඳහා පිවිසීම සිදු කල යුතුය.

පසුව ‘Update details’ යන කොටසට පිවිස 'Change of passport details' යන කොටස සඳහා නව විදේශ ගමන් බලපත්‍ර විස්තර සහ විදෙස් ගමන් බලපත්‍රය වෙනස් කිරීමට හේතු ඇතුලත් කල යුතු වේ.

මෙලෙස නව විදේශ ගමන් බලපත්‍ර විස්තර ඇතුලත් කල පසු පැය 72ක් ඇතුළත ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ඔබගේ වීසා බලපත්‍රයට හෝ අයදුම්පතට සම්බන්ධ කිරීම සිදු කරයි.

ඔබ ImmiAccount භාවිතා කර නොමැති නම් ඔබට හැක.

ඒ ඔස්සේ ඔබට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතු ඔබේ විදේශ ගමන් බලපත්‍ර පෝරමයට පිවිසිය හැක.

වැඩි විස්තර සඳහායන කොටසට පිවිසෙන්න.

Web Form එකක් ඔස්සේ නව විදේශ ගමන් බලපත්‍ර තොරතුරු යාවත්කාලීන කිරීම


ඔබගේ සංචාරක ලේඛනය Titre de Voyage (ටයිටර් ඩි වොයේජ්) හෝ "අනන්‍යතා සහතික ලේඛනයක්" නම්

ඔබ partner visa බලපත්‍රයක් සඳහා අයදුම් කොට එය ඔබගේ ImmiAccount හි නොපෙනේ නම්

ඔබගේ පිළිගැනීමේ ලිපියේ ආරම්භය 'IRIS' ලෙස තිබේ නම්

ඔබට ලිංගිකත්වය සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කොට ඇත්නම්

Web Form එක ඔස්සේ ු යාවත්කාලීන කිරීම සිදු කල යුතු වේ.

ඔබ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් හිමි නම් මෙම පෝරමය භාවිතා නොකරන්න.

ඔබේ ලිංගභේදය සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ තොරතුරු වෙනස් කිරීම


ඔබ ඔබේ ලිංගභේදය සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ තොරතුරු වෙනස් කිරීමක් පිළිබඳව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සඳහන් කරන්නේ නම් ඔබේ ලිංගභේදය සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සාක්ෂි වශයෙන් පහත සඳහන් සාක්ෂි සැපයිය යුතු වේ.

ඔබේ ලිංගභේදය සඳහන් කරන ලියාපදිංචි වෛද්‍යවරයකුගේ හෝ ලියාපදිංචි මනෝ විද්‍යාඥයකුගේ ප්‍රකාශයක්

ඔබගේ ලිංගභේදය සඳහන් කරන වලංගු විදේශ ගමන් බලපත්‍රයක් වැනි වලංගු ඕස්ට්‍රේලියානු රජයේ සංචාරක ලේඛනයක්

ඔබේ ලිංගභේදය සඳහන් කරන ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයක් මගින් ලබාදුන් උප්පැන්න සහතිකයක්

ස්ත්‍රී පුරුෂ භාවය සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමක් හඳුනා ගන්නා උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකුගේ රාජ්‍ය හෝ ප්‍රදේශයේ ලේඛනයක්

ඔබේ නව විදේශ ගමන් බලපත්‍ර තොරතුරු ඔබගේ වීසා බලපත්‍රයට හෝ අයදුම්පත්‍රයට සම්බන්ධ කිරීමට ගතවන කාලය


ImmiAccount එකක් හරහා ඔබේ නව විදේශ ගමන් බලපත්‍ර තොරතුරු ඔබගේ වීසා බලපත්‍රයට හෝ අයදුම්පත්‍රයට සම්බන්ධ කිරීමට පැය 72ක පමණ කාලයක් ගත වේ.

Web form එකක් හරහා ඔබේ නව විදේශ ගමන් බලපත්‍ර තොරතුරු ඔබගේ වීසා බලපත්‍රයට හෝ අයදුම්පත්‍රයට සම්බන්ධ කිරීමට පැය 14ක පමණ කාලයක් ගත වේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share

Recommended for you