ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයෙන් පෙළෙන වෘත්තීන් සංඛ්‍යාව පසුගිය වසර තුළ දෙගුණයකට ආසන්න වී තිබේ.
මේ හේතුවෙන් බලධාරීහු දැන් මෙම ගැටලුව විසඳීමට හොඳම ක්‍රම දෙස බලමින් සිටිති.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR එක සෘජුවම ලබාදෙන ඉතිහාසයේ විශාලතම 189 වීසා ආරාධනා පත්‍ර තොගය නිකුත් කෙරේ
SBS Sinhala
03:00
2022 Skills Priority ලැයිස්තුව
ජාතික නිපුණතා කොමිසමේ 2022 Skills Priority ලැයිස්තුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් වෘත්තීන් 286 ක පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඇති බව සොයා ගන්නා ලදී.
2021 වසරේදී එහි සටහන් වූයේ වෘත්තීන් 153 ක් ලෙසිනි.
මෙම ලැයිස්තුවේ අඩංගු වෘත්තීන් සංඛ්‍යාව නොසිතූ ලෙස ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය විසඳීමේ හදිසි අවශ්‍යතාවය තවත් තීව්‍ර කරන බව නිපුණතා අමාත්‍ය Brendan O'Connor පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රට පුරා සිටින නිපුණතා ඇමතිවරුන් අද දිනයේදී (ඔක්තෝබර් 07) අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කිරීමටද නියමිතය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියාවේ දැනට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන වෘත්තීන්
ඔස්ට්‍රේලියාවේ දැනට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන වෘත්තීන් කිහිපයක්ම මෙම ලැයිස්තුවේ මුලටම පැමිණ තිබේ.
හෙදියන්, මෘදුකාංග ඉංජිනේරුවන්, aged care සේවකයින්, ඉදිකිරීම් කළමනාකරුවන් සහ child care සේවකයින් ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගනී.
මධ්‍යම රජයට මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ජාතික නිපුණතා කොමිසම රජයට උපදෙස් ලබාදෙයි.

Credit: SBS News
Priority Migration Skilled Occupation ලැයිස්තුව යාවත්කාලීන කිරීමේ ඉඩක්
මෙම නව ප්‍රමුඛතා ලැයිස්තුව මඟින් රජය විසින් සංවර්ධනය කරන ලද සහ වීසා සැකසීම සඳහා භාවිතා කරන skilled occupation ලැයිස්තුවේ කිසිදු ක්ෂණික වෙනසක් සිදු නොවන බව Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ තීරනාත්මක පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිරවීමට අවශ්‍ය රැකියා 44ක ලැයිස්තුවක් වන මධ්‍යම රජයේයාවත්කාලීන කිරීම බොහෝ දුරට ඉඩ ඇති පළමු වෙනස වනු ඇතැයි ඔහු ස්නාදහන් කළේය.
LISTEN TO

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්නේ කෙසේද සහ එහි ඇති ප්‍රතිලාභ මොනවාද?
SBS Sinhala
17:16
මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත සහ ටෙරිටරි වීසා අයදුම්පත් සලකා බැලීමේ වැඩසටහන් හරහා මෙම වෘත්තීන්ට අදාළ පුද්ගලයින්ගේ අයදුම්පත් වේගයෙන් සලකා බලන බව වාර්තා වේ.
Hospital pharmacist, industrial pharmacist සහ retail pharmacist යන වෘත්තීන්ද 2021 ජූලි මාසයේදී මෙම ප්‍රමුඛතා ලැයිස්තුවට එක් කරන ලදී.
මේ අතර ජාතික නිපුණතා කොමිසමේ Skills Priority ලැයිස්තුව නිකුත් කිරීම ක්ෂණික නිපුණතා හිඩැස් පිරවීම සඳහා සංක්‍රමණ වැඩසටහනේ වැදගත්කම සිහිපත් කිරීමක් බව ජාතික සේවා යෝජක සංගමයේ Ai සමූහයේ ප්‍රධාන විධායක Innes Willox පැවසුවාය.
482 තාවකාලික නිපුණතා වීසා වැනි වැඩසටහන් ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රමික්යින්ව සොයා ගැනීමට අරගල කරන බැවින් ව්‍යාපාරවලට එය වඩාත් බලපෑ ඇති බවද ඇය සඳහන් කළාය.