ඔස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා අයදුම්කරුවන්ට දැන් Visa Medical අවශ්‍ය නැහැ, සියලු විස්තර මෙන්න

Australian visa

Source: Getty / Getty Images/Stadtratte

මෙය තාවකාලික තීරණයක් වන අතර දැනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ ඇති සියලුම සුදුසුකම් ලත් තාවකාලික වීසා අයදුම්පත් සහ ඔස්ට්‍රේලියාවේ සිට යොමු කරන ලද නව අයදුම්පත් සඳහා මෙය අදාළ වේ.


ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා අයදුම්කරුවන්ට තමන්ගේ වීසා සම්බන්ධ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ ජාතිකත්වය, පෙර පදිංචිය සහ යෝජිත රැඳී සිටින කාලය මත පදනම්ව වෛද්‍ය පරීක්ෂණ සහ පපුවේ එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමට අවශ්‍ය නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.


නමුත් පහත සඳහන් ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා අයදුම්කරුවන්ට තවමත් අදාළ වෛද්‍ය පරීක්ෂණ හෝ පපුවේ එක්ස් කිරණ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වනු ඇත:

  • වෛද්‍ය ප්‍රතිකාර, temporary protection වීසා බලපත්‍රයක් හෝ provisional වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්
  • වෛද්‍ය වියදම් දැරීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය යැයි බලාපොරොත්තුවෙන් සිටින අයදුම්කරුවන්
  • වෛද්‍යවරයකු, දන්ත වෛද්‍යවරයකු, හෙදියක් හෝ පරිපූරක වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට හෝ අධ්‍යයනය කිරීමට අදහස් කරන අයදුම්කරුවන්
  • රෝහලකට, aged හෝ disability care මධ්‍යස්ථානයකට ඇතුළු වීමට අපේක්ෂා කරන ක්ෂය රෝග අවදානම වැඩි අයදුම්කරුවන්
  • මේ වන විට ගැබ්ගෙන සිටින අතරේ ඔස්ට්‍රේලියාවේදී දරුවා ලැබීමට අදහස් කරන අයදුම්කරුවන්
  • ඔස්ට්‍රේලියාවේ childcare මධ්‍යස්ථානයක සේවය කිරීමට හෝ පුහුණු වීමට අදහස් කරන අයදුම්කරුවන්
  • වයස අවුරුදු 75 ට වැඩි සංචාරක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අදහස් කරන අයදුම්කරුවන්
  • ක්ෂය රෝගියෙකු සමඟ කලින් ගෘහස්ථ සම්බන්ධතා ඇති අයදුම්කරුවන්
LISTEN TO
sinhala_171022_MHDService_Final.mp3 image

ඔස්ට්‍රේලියානු වීසාවලට අදාළ සෞඛ්‍ය පරීක්ෂණ ඉක්මණින් කරගත හැකි ක්‍රමයක් ගැන Home Affairs වෙතින් පණිවිඩයක්

SBS Sinhala

01:53

මෙය තාවකාලික තීරණයක් වන අතර දැනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ ඇති සියලුම සුදුසුකම් ලත් තාවකාලික වීසා අයදුම්පත් සහ ඔස්ට්‍රේලියාවේ සිට යොමු කරන ලද නව අයදුම්පත් සඳහා මෙය අදාළ වේ.

2023 වසරේ මුලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම විධිවිධාන යළි සමාලෝචනය කරනු ඇත.

දැනටමත් අවසන් කර ඇති සෞඛ්‍ය පරීක්ෂණ පිළිබඳ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සාමාන්‍ය ආකාරයෙන් සලකා බලනු ලබන බවත් ඒවා සඳහා යළි මුදල් ගෙවීමක් සිදු නොකරන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සෞඛ්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ

සෞඛ්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.

  • 401 Temporary Work (Long Stay Activity)
  • 403 Temporary Work (International Relations)
  • 405 Investor Retirement
  • 407 Training
  • 408 Temporary Activity
  • 410 Retirement
  • 417 and 462 Working Holiday
  • 461 New Zealand Citizen Family Relationship (Temporary)
  • 476 Skilled - Recognised Graduate
  • 482 Temporary Skill Shortage
  • 485 Temporary Graduate
  • 500 Students
  • 590 Student Guardian
  • 600 Visitor
  • 870 Sponsored Parent (Temporary)
  • 995 Diplomatic (Temporary)

Share