IPL ක්‍රිකට් තරගාවලියට පසුව ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් 20-20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස Big Bash League හැඳින්වෙයි.
2018/19 Big Bash League (BBL) තරගාවලිය හෙටින් (19/12) ඇරඹෙන අතර මෙවර BBL තරගාවලිය පැවැත්වෙන්නේ 8 වන වරටය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
කණ්ඩායම් 8 ක් පළමු වටයේ තරග 56 කට මුහුණදී අවසන් පූර්ව තරග 2 කින් අවසන් මහා තරඟයට ගොස් මෙවර BBL ශූරතාව දිනාගැනීමට උත්සාහ දරයි.
2018/19 BBL ප්‍රධාන කණ්ඩායම්
01. Hobart Hurricanes
නායක - Matthew Wade
විදෙස් ක්‍රීඩකයින් - Jofra Archer (England), Tymal Mills (England)

Source: SBS
02. Adelaide Strikers
නායක - Travis Head
විදෙස් ක්‍රීඩකයින් - Colin Ingram (South Africa), Rashid Khan (Afghanistan)

Source: SBS
03. Melbourne Renegades
නායක - Aaron Finch
විදෙස් ක්‍රීඩකයින් - Mohammad Nabi (Afghanistan), Usman Khan Shinwari (Pakistan), Harry Gurney (England)

Source: Facebook
04. Perth Scorchers
නායක - Mitchell Marsh
විදෙස් ක්‍රීඩකයින් - Usman Qadir (Pakistan), David Willey (England)

Source: Facebook
05. Melbourne Stars
නායක - Glenn Maxwell
විදෙස් ක්‍රීඩකයින් - Dwayne Bravo (West Indies), Sandeep Lamichhane (Nepal), Liam Plunkett (England)

Source: Facebook
06. Sydney Thunder
නායක - Shane Watson
විදෙස් ක්‍රීඩකයින් - Joe Root (England), Jos Buttler (England), Chris Jordan (England), Anton Devcich (New Zealand)

Source: Facebook
07. Brisbane Heat
නායක - Chris Lynn
විදෙස් ක්‍රීඩකයින් - Brendon McCullum (New Zealand), Mujeeb Ur Rahman (Afghanistan)

Source: Facebook
08. Sydney Sixers
නායක - Moises Henriques
විදෙස් ක්‍රීඩකයින් - Joe Denly (England), Tom Curran (England)

Source: Facebook
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
BBL ඉතිහාසය
BBL ආරම්භ වූයේ 2011/12 වසරේදීය.
පළමු BBL ශූරයින් වූයේ Sydney Sixers කණ්ඩායමය.
පසුගිය වර ශූරයින් වූයේ Adelaide Strikers කණ්ඩායමය.
වැඩිම වාර ගණනක් BBL ශූරයින් ලෙස මෙතෙක් කිරුළු පළඳින්නට Perth Scorchers කණ්ඩායම සමත් වී ඇති අතර ඔවුන් මේ වන විට 3 වරක් BBL ශූරයින් වී තිබේ.

Source: Facebook
BBL ශූරයින්
2011/12 - Sydney Sixers
2012/13 - Brisbane Heat
2013/14 - Perth Scorchers
2014/15 - Perth Scorchers
2015/16 - Sydney Thunder
2016/17 - Perth Scorchers
2017/18 - Adelaide Striker

Source: Facebook
මෙවර BBL තරගාවලියේ විශේෂතා
ලොව පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනූ ක්‍රිකට් තරගාවලියක කාසියේ වාසිය වෙනුවට පිත්තේ වාසිය මෙවර BBL හි උරඟා බලයි.
කාසිය වෙනුවට විශේෂයෙන් නිර්මාණය කළ ක්‍රිකට් පිත්තක් මේ සඳහා යොදා ගනියි.
Head හෝ tail වෙනුවට මෙවර ඉල්ලීමට සිදුවන්නේ hills හෝ flats ලෙසය.
එමෙන්ම කඩුල්ලේ පන්දුව වැදුණු විටම ආලෝකය විහිදුවන Zings stumps ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නේද BBL හරහාය.

Source: Facebook
BBL 2018/19 පළමු තරගය
Brisbane Heat සහ Adelaide Strikers කණ්ඩායම් අතර බ්‍රිස්බර්න් Gabba ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (19/12) රාත්‍රී 7 ට ඇරඹේ.
BBL 2018/19 අවසන් මහා තරගය
2019 පෙබරවාරි 17 ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA