ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික කටයුතු වලට අදාළ ඔස්ට්‍රේලියානු රජයේ SkillSelect වෙබ් පිටුව මේ වන විට යාවත් කාලීන කරමින් පවතින අතර තවමත් එය සංස්කරණ මට්ටමේ (beta version) පවතියි.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත සහ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා නිපුණතා සංක්‍රමණික වැඩසටහන් හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතා රැසකට පත්ව ඇති බව වාර්තා වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එමෙන්ම SkillSelect හරහා නිපුණතා සංක්‍රමණිකයින්ට ලබා දෙන තොරතුරු නිසි පරිදි නොලැබීම හා ප්‍රමාද වීම්ද මේ අනුව සිදුව තිබේ.

Source: Pixabay
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව
ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව, ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය, ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ සේවාව, ඔස්ට්‍රේලියානු අපරාධ පරීක්ෂණ කොමිසම, ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු පිළිබඳ බුද්ධි අංශය වන AUSTRAC යන දෙපාර්තමේන්තු එක් කරමින් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (homeaffairs) නමින් තනි දෙපාර්තමේන්තුවක් පසුගිය වසරේ නිර්මාණය කිරීමට වත්මන් ලිබරල් සන්ධාන රජය පියවර ගත්තේය.
මේ අනුව ඉහත සියලු දෙපාර්තමේන්තු වල මව් වෙබ් අඩවිය බවට පත්වුයේ www.homeaffairs.gov.au ය.
නමුත් මීට මාස කිහිපයකට පෙර ආගමන කටයුතු සඳහා වෙනමම නව වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ගෙන තිබෙන අතර එහි අංශ කිහිපයක්ම තවමත් සංස්කරණ මට්ටමේ පැවතීම නිසා එම වෙබ් අඩවි භාවිතා කරන්නන්ට විවිධ තාක්ෂණික ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇත.

Source: Department of Home Affairs
SkillSelect වෙබ් පිටුව තවමත් සංස්කරණ මට්ටමේ
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික කටයුතු වලට අදාළ ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රධානතම තොරතුරු රැගත් සහ අයදුම්පත් යොමු කිරීමේ දොරටුව ලෙස ක්‍රියාත්මක වන්නේ SkillSelect වෙබ් පිටුවය.
මෙය තවමත් beta version හෙවත් සංස්කරණ මට්ටමේ පවතියි.
මේ නිසාම ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන පිළිබඳ මේ හරහා ලබා දෙන තොරතුරු දැඩි ලෙස ප්‍රමාද වී ඇති බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ 189 වීසා හෙවත් නිපුණතා සංක්‍රමණික වීසා හි EOI (Expression of Interest) වලට අදාළ මාසික ආරාධනා පත්‍ර වල නවතම තොරතුරු පළ කිරීම මේ නිසා දැඩි ලෙස ප්‍රමාද වී තිබේ.

Skilled Migrant Source: SBS
189 වීසා මාසික ආරාධනා පත්‍ර
ඔස්ට්‍රේලියාවේ 189 වීසා හෙවත් නිපුණතා සංක්‍රමණික වීසා හි EOI (Expression of Interest) වලට අදාළ මාසික ආරාධනා පත්‍ර වටය සෑම මාසයකම 11 වන දිනයේදී ක්‍රියාත්මක වේ.
ඒ අනුව ගතවන දෙසැම්බර් මාසයේ ආරධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර පසුගිය දෙසැම්බර් 11 වන දින නිකුත් කර තිබේ.
සාමන්‍යයෙන් ආරධනා පත්‍ර නිකුත් කරන 11 වන දිනයේ සිට සති 2 ත් 4 ත් අතර කාලයක් ඇතුළතදී එම ආරධනා පත්‍ර වටයේ නිල තොරතුරු SkillSelect වෙබ් පිටුවේ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබයි.
ඒ අනුව කොපමණ ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්ද, ඒ ඒ වෘත්තීන් සඳහා නිකුත් කර ඇති ආරධනා පත්‍ර සංඛ්‍යාව හා EOI ලකුණු මට්ටම් පිළිබඳ එහිදී තොරතුරු ඉදිරිපත් කෙරේ.
මෙම තොරතුරු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වීසා අයදුම්කරුවන්ට මෙන්ම සංක්‍රමණික ඒජන්තවරුන්ට අතිශය තීරණාත්මක තොරතුරු වෙයි.

Skilled Migrant moving in... but no job Source: Getty Images
මාසික ආරාධනා පත්‍ර වල නිල තොරතුරු දැඩි ලෙස ප්‍රමාද වෙයි.
SkillSelect වෙබ් පිටුවේ මේ වන විට අවසාන වශයෙන් පළ කර ඇත්තේ 2018 ඔක්තෝබර් මාසයේ ආරධනා පත්‍ර වටයේ නිල තොරතුරුය.
සාමාන්‍ය යන්ත්රණයට අනුව එම තොරතුරු පළ කිරීමට නියමිතව තිබුණේ 2018 නොවැම්බර් මස මුල් සතිය තුළදීය.
නමුත් 2018 ඔක්තෝබර් මාසයේ ආරධනා පත්‍ර වටයේ නිල තොරතුරු SkillSelect වෙබ් පිටුවේ පළ කරනු ලැබුවේ පසුගිය සතියේ සිකුරාදා බවට වාර්තා වේ.
කෙසේනමුත් 2018 දෙසැම්බර් මාසයේ පළමු සතිය වන විට 2018 නොවැම්බර් මාසයේ ආරධනා පත්‍ර වටයේ නිල තොරතුරු පළ කළ යුතුව පැවතුණද එය තවමත් ප්‍රමාදය.
ඒ අනුව 2018 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි ආරධනා පත්‍ර වටවල නිල තොරතුරු පළ කිරීම ප්‍රමාද වී තිබේ.

Source: Department of Home Affairs
SkillSelect වෙබ් පිටුවේ තාක්ෂණික දෝෂ
SkillSelect වෙබ් පිටුව තවමත් සංස්කරණ මට්ටමේ පැවතීම හේතුවෙන් විවිධ තාක්ෂණික දෝෂ වලට මුහුණ දිය හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එම වෙබ් පිටුවේ ඉහළින්ම පණිවිඩයක් දිස් කරමින් දන්වා සිටියි.
ඒ හේතුවෙන් SkillSelect වෙබ් පිටුවේ ඇතැම් අන්තර්ගත තොරතුරු බලාගැනීමේ අපහසුතා වලට එය භාවිතා කරන්නන් මුහුණ දිය හැකි බවත් එයට කණගාටුව පළ කරන බවත් ඔවුන් දන්වා සිටියි.
කෙසේවෙතත්, අන්තර් ජාලයේ ප්‍රධාන Web browser වලින් එකක් වන Mozilla Firefox හරහා SkillSelect වෙබ් පිටුවේ ඇතැම් අන්තර්ගත තොරතුරු දිස් නොවන තත්ත්වයක් මේ වන විට පවතී.
Internet Explorer, Google Chrome සහ Safari browser වල මේ තත්ත්වය බොහෝ දුරට විසදී ඇති බව පෙනෙන්නට ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------