ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට පෙර හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර ඔබ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට (වත්මනයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට) expression of interest එකක් හෙවත් EOI එකක් යොමු කළ යුතු වේ.
SBS සිංහල වෙබ් අඩවිය ගෙන එන මෙම ලිපියෙන් EOI එකක් යනු කුමක්ද, එය යොමු කළ හැකි අයුරු, ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් යනාදී වැදගත් කරුණු කිහිපයක් සවිස්තාරාත්මකව ඉදිරිපත් කෙරේ.

Source: SBS
මොකද්ද මේ expression of interest හෙවත් EOI ?
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය ලබා ගැනීමට නිපුණතා වීසා (skilled visa) හරහා අයදුම් කිරීමේදී ඒ සඳහා ඔබේ ඇති සැලකිල්ල සහ අභිරුචිය පෙන්වීමට ඇති ක්‍රමය මෙලෙස expression of interest හෙවත් EOI ලෙස දැක්වේ.
මෙය අන්තර්ජාලය හරහා පිරවිය යුතු පෝරමයක් වන අතර එහි ඇති ප්‍රශ්න ගණනාවකට ඔබට පිළිතුරු සැපයීමට සිදුවේ.
එම ප්‍රශ්න ඔබේ නිපුණතා පිළිබඳ විමසන අතර ඒවා ඔබ අයදුම් කරනු ලබන වීසා වර්ගය මත වෙනස් වෙයි.
එමගින් ඔබේ නිපුණතාවන් හා සුදුසුකම් විමසා බලා ඔබේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නිර්ණය කර ඔබට අදාළ වීසා වර්ගයට අයදුම් කිරීමට සුදුසු දැයි පරීක්ෂා කෙරෙයි.
පහත සඳහන් වීසා සඳහා අයදුම් කිරීමේදී ඔබට expression of interest එකක් හෙවත් EOI එකක් යොමු කළ යුතු වේ.
- .
එමෙන්ම පහත වීසා සඳහා ද ඔබට expression of interest එකක් හෙවත් EOI එකක් යොමු කළ හැකිය.
- .

Source: Getty Images
Expression of interest එකක් හෙවත් EOI එකක් යොමු කරන්නේ කෙසේද?
EOI එකක් යොමු කළ පසුව ඔබගේ තොරතුරු අලුත් කළ හැකිද?
ඔව්.
හරහා ඔබ යොමු කළ EOI එකේ තොරතුරු ඔබට අලුත් කිරීමට හැකි නමුත් ඔබගේ EOI එක සලකා බලා ඔබට invitation එකක් හෙවත් අයදුම්පතක් ලැබුණ පසු ඔබේ තොරතුරු අලුත් කළ නොහැකිය.
ඔබට අයදුම්පත ලැබී දින 60 ක් ඇතුළත ඔබ අයදුම් කිරීමට අපේක්ෂිත වීසා වර්ගය සඳහා අයදුම් නොකළහොත් එම අයදුම්පත අවලංගු වී යන අතර ඉන් අනතුරුව් නැවතත් ඔබේ විස්තර අලුත් කිරීමට ඔබට හැකියාව ලැබේ.
කොපමණ EOI ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට යොමු කළ හැකිද?
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව හරහා ඔබට ඕනෑම EOI ප්‍රමාණයක් යොමු කළ හැකි අතර එහි සීමාවක් නොමැත.
නමුත් එම සෑම EOI එකකදීම ඔබට නියමිත ප්‍රසාද ලකුණු ප්‍රමාණය තිබෙන බව ඔබ පෙන්විය යුතු වෙයි.

Source: SBS
ඔබේ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය, නිපුණතා ඇගයීම හෝ රැකියාවේ ඇගයීම සම්පූර්ණ නොකර ඔබට EOI එකක් යොමු කළ හැකිද?
ඔබ ලකුණු ක්‍රමයක් මත පදනම් වූ නිපුණතා වීසා එකකට අයදුම් කරනවා නම් ඔබ අනිවාර්යෙන් ඔබේ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය, නිපුණතා ඇගයීම (skills assessment) හෝ රැකියාවේ ඇගයීම (job ready program) සම්පූර්ණ කළ යුතු වේ.
ඔබේ ලිපි ලේඛන ඔබේ EOI එක සමග යොමු කිරීමට අවශ්‍ය නැතත් ඒවායේ ඇති ඔබේ නිවරදි තොරතුරු ඇතුළත් කළ යුතු වේ.
ඔබේ EOI එක සංක්‍රමණික ඒජන්තවරයෙකු මගින් යොමු කළ හැකිද?
ඔව්.
ඔබේ EOI එක බලයලත්, ලියා පදිංචි සංක්‍රමණික ඒජන්තවරයෙකු මගින් යොමු කළ හැකිය.
ඔබ ඔබේ EOI එක යොමු කිරීමේදී ඔබට එක් login එකක් පමණක් නිර්මාණය කිරීමට සිදු වන අතර ඔබේ EOI එක එම login එක හරහා පමණක් භාවිතා කළ හැකි වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------