ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ ශ්‍රම හිඟය මග හරවා සංවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව සංක්‍රමණික වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ.
මෙම නව සංක්‍රමණික වැඩසටහන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ Warrnambool නගර සභාව එක්ව දියත් කිරීමට කටයුතු යොදා ඇත.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙයින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

Source: Getty Images
Designated Area Migration Agreement (DAMA)
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාස කිහිපය තුළ අවධානය යොමු කරමින් සිටියි.
ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.
එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කලාපය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව ජනගහනය සමානව රට පුරා විසුරුවා හැරීමට හැකිවන අතරම ශ්‍රම හිඟය අඩු කරගනිමින් සියලු කලාප සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.

Source: Pixabay
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ මේ වන විට කෘෂිකාර්මික හා hospitality ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර වල සැලකිය යුතු ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.
එනිසාම එම අර්බුදය විසඳා ගැනීම සඳහා සම්මත නිපුණතා සංක්‍රමණික වැඩසටහන් හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ස්ථාපිත කිරීමට බලධාරීන්ට මෙමගින් හැකියාව ලැබේ.
ඔස්ට්‍රේලියාවේ දේශීය ජනතාවගෙන් අදාළ රැකියා පුරප්පාඩු පුරවාගැනීමට නොහැකි තත්ත්වයන් හිදී මෙලෙස විදෙස් නිපුණතා සංක්‍රමණිකයින් හරහා ඒවා පුරවාගැනීමට අදාළ කලාප වලට මධ්‍යම රජය අවසර ලබා දෙන බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ Glenelg, Moyne, Warrnambool, Corangamite, Colac-Otway සහ Southern Grampians shires ප්‍රදේශ වල සේවායෝජකයින් මෙන්ම ප්රජාවන්ද ඒ ඒ ප්‍රදේශ සඳහා ශ්‍රමිකයින් සොයමින් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය සහ Wannon මැතිවරණ බල ප්‍රදේශයේ ලිබරල් පක්ෂ නියෝජිත Dan Tehan පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික කලාප වලින් එකක් බවත් මෙම නව සංක්‍රමණික වැඩසටහන හරහා තම කලාපයට වැඩිපුර නිෂ්පාදන සිදු කිරීමටත් අලෙවි කිරීමටත් අපනයනය කිරීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍ය Dan Tehan පෙන්වා දුන්නේය.

Minister for Immigration, Citizenship and Multicultural Affairs David Coleman Source: SBS
මිනුම් දඬු සහ කොන්දේසි
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ DAMA වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාවේ ඒ ඒ කලාප පහත සඳහන් ප්‍රධාන කොන්දේසි සැපිරිය යුතුවේ.
- කලාපයේ ශ්‍රම වෙළෙඳපොලේ තත්ත්වය සහ හිඟය නිසි පරිදි අවබෝධ කරගත යුතුය.
- කලාපයේ පවතින ශ්‍රම හිඟය පිරවීම සඳහා පළමුව ඔස්ට්‍රේලියානු වාසීන්ට අවස්ථාව ලබා දිය යුතුය.
- සංක්‍රමණික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කලාපයේ ප්‍රජාව සහය දක්වන බව පෙන්විය යුතුය.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයෙන් පසුව DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වේ.
ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ Pilbara සහ Kalgoorlie-Boulder කලාප, උතුරු ක්වීන්ස්ලන්තයේ Cairns මෙන්ම මධ්‍යම නිව් සවුත් වේල්ස් හි Orana කලාප වල ශ්‍රම හිඟය පිරවීම සඳහා ද DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ ඒ කලාප බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍රවල නවතම ශ්‍රේණිගත කිරීම මෙන්න. (SBS සිංහල/වාර්තා)