ඔස්ට්‍රේලියාවේ සෑම විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක්ම ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රහිතව විශ්ව විද්‍යාල වලට පැමිණෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
2017 වසරේදී ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් අළලා මෙම සමීක්ෂණය සිදු කර ඇත.
ඔවුන් එසේ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රහිතව විශ්ව විද්‍යාල වලට පැමිණීමට මූලිකම හේතුව තමන්ගේ අධ්‍යාපන වියදම සමග ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල පිරිවැය දැරීමට නොහැකි වීම බව එම සමීක්ෂණය පෙන්වා දෙයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල සහ අඩු සමාජ - ආර්ථික පසුබිමකින් පැමිණෙන විශ්ව විද්‍යාල සිසුන් අතර එම අගය පහෙන් එකක් බව ද අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආදී වාසී විශ්ව විද්‍යාල සිසුන් අතර ආහාර නොගෙන විශ්ව විද්‍යාල වෙත පැමිණීමේ පිරිස 25% ක් බවද හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ බොහෝ විශ්ව විද්‍යාල සිසුන් හට සැලකිය යුතු තරමේ මුල්‍ය සහයක් රජයෙන් නොලැබෙන බවත් ඒ තත්ත්වය ඉක්මනින් වෙනස් විය යුතු බවත් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති Mark Pace, SBS පුවත් සේවයට පැවසීය.

Source: Twitter
මුල්‍ය අර්බුද
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන් බොහොමයක් තම ආර්ථික අපහසුතා නිසා තම අධ්‍යාපන කටයුතු කල් දැමීම හෝ වරකදී ලබා ගන්නා විෂයයන් ප්‍රමාණය අඩු කරගැනීමක් සිදු කරන බව Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson පවසයි.
"පූර්ණ කාලීන අධ්‍යාපන ලබන සිසුන් වසරකට ඩොලර් 18,000 ක ජීවන මට්ටමකයි සිටින්නේ. එය දරිද්‍රතා මට්ටමෙන් බොහොම පහළ මට්ටමකයි පවතින්නේ. ඔබ අධ්‍යාපනය ලබන විටදී අධ්‍යාපනය ලැබීමයි මූලික කාරනාව වන්නේ, නමුත් ඇතැම් සිසුන්ගේ ආර්ථික අපහසුතා නිසා එම මූලික අරමුණ කඩාකප්පල් වී තිබෙනවා." යනුවෙන් Catriona Jackson පැවසුවාය.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ආර්ථික අර්බුද සාරාංශගතව
- හතෙන් එකක් ආහාර හෝ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රහිතව විශ්ව විද්‍යාලයට යයි.
- ඔස්ට්‍රේලියාවේ ආදී වාසී විශ්ව විද්‍යාල සිසුන් අතර එම අගය 25% කි.
- සෑම විශ්ව විද්‍යාල සිසුන් 5 දෙනෙකුගෙන්ම තුන් දෙනෙකු තම ආර්ථිකය පිළිබඳ වද වෙයි.
- සෑම විශ්ව විද්‍යාල සිසුන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවන වියදම තම අදායමට වඩා ඉහළ වෙයි.
- සෑම විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම ආර්ථික අපහසුතා නිසා තම අධ්‍යාපන කටයුතු කල් දමයි.
- සෑම විශ්ව විද්‍යාල සිසුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම ආර්ථික අපහසුතා නිසා වරකදී ලබා ගන්නා විෂයයන් ප්‍රමාණය අඩු කර ගනියි.
- විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරේම 80% ක් දෙනා රැකියා කරයි.
- පූර්ණ කාලීන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් තුනෙන් එකක්ම සතියකට පැය 20 ට වඩා සේවය කරයි.
- තමන්ගේ රැකියා හේතුවෙන් සෑම විශ්ව විද්‍යාල සිසුන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු හට තම දේශන සහ පන්ති මග හැරෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------