ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට ඔබේ ජංගම දුරකතනය හෝ smartwatch එක ස්පර්ශ කිරීම නුදුරේදීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇති බව වාර්තා වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
පදිකයින්ගේ මෙන්ම රියදුරන්ගේ ද ආරක්ෂාව උදෙසා රිය පැදවීමේදී ජංගම දුරකතන සහ smartwatch භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය පිළිබඳ ප්‍රධාන බලධරයා වන ජාතික ප්‍රවාහන කොමිසමට අවශ්‍යවී ඇති බව The Age පුවත්පත වාර්තා කරයි.

Source: AAP
රිය පදවන විට ජංගම දුරකතන භාවිත කිරීම
ජංගම දුරකතනය hands-free රැඳවුමක රඳවා තබන විටකදී පමණක් රිය පදවන විට ඇමතුමක් ලබා ගැනීම හෝ ඇමතුම් වලට පිළිතුරු සැපයීම හෝ GPS භාවිතය වත්මන් නීතිය යටතේ අවසර ලැබේ.
නමුත් ජංගම දුරකතන ඉහත සඳහන් අයුරින් හෝ භාවිතා කීරීමෙන් රියදුරන්ගේ අවධානය බිදී බරපතල මාර්ග අනතුරු සිදුවීමේ අවදානම ඉතා ඉහළ බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.
මේ හේතුවෙන් විශාල ජීවිත පිරිසක් අනතුරට පත්වීමේ අවදානමක්ද පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති සම්බන්ධ අවසන් ලියවිල්ල 1999 දී ප්‍රකාශයට පත් කරන ලද්දක් වන අතර එහි වත්මනයේ මුහුණ දෙන නවීනතම තාක්ෂණය සහ තාක්ෂණික ක්‍රියා සමබන්ධව සටහන්වී නොමැත.
එනිසාම තමන්ට රිය පදවන විට භාවිතා කළ හැක්කේ කුමන තාක්ෂණික උපකරණ ද යන්න පිළිබඳ රියදුරන්ද සිටින්නේ දෙගිඩියාවකිනි.

Source: Flickr
රිය පදවන විට ජංගම දුරකතන භාවිත කිරීමේ වත්මන් නීති
රිය පදවන විට ජංගම දුරකතන භාවිත කිරීම පහත අවස්ථාවන් හිදී පමණක් වතමන් නීතිය යටතේ හැකිවේ.
- වානිජ වශයෙන් නිමවූ දුරකථන රඳවනයක ජංගම දුරකතනය රඳවා ඇති විටෙක
- ජංගම දුරකතනයේ කිසිදු ස්ථානයක් ස්පර්ශ නොකරමින් එය භාවිතා කිරීමේදී
තවද,
- රිය පදවන විට ඔබේ උකුල මත ජංගම දුරකතනය තබා ගැනීම සපුරා තහනම්ය.
- එමෙන්ම ඔබේ සිරුරේ කිනම් කොටසක හෝ රිය පදවන විට ජංගම දුරකතනය රඳවා භාවිත කිරීම සපුරා තහනම්ය.
- වීඩියෝ ඇමතුම් ලබා ගැනීම, කෙටි පණිවිඩ යැවීම හා කියවීම මෙන්ම ඊමේල් කියවීම හා යැවීම සපුරා තහනම්ය.
- වාහනය නවත්වා ඇති නමුත් එන්ජිම පණ ගන්වා ඇති මොහොතක වුවද ජංගම දුරකතනය භාවිත කිරීම සපුරා තහනම්ය. උදා: වර්ණ සංඥා එළි අසළ නවත්වා ඇති විට.

Source: Flickr
Smartwatches සහ Google Glasses
ජංගම දුරකථන සහ visual display units ඔස්ට්‍රේලියාවේ පවතින මාර්ග ආරක්ෂණ නීති වලට ඇතුළත් කර තිබෙන බැවින් ඒවා භාවිතයේදී බල පැවැත්වෙන නීති පිළිබඳ පැහැදිලි සටහනක් තබා ඇත.
නමුත් නවීන තාක්ෂණයත් සමග පැමිණි smartwatches සහ Google Glasses එම නීති වලට ඇතුළත් නොවීම නිසා ඒ පිළිබඳව හටගෙන ඇත්තේ විශාල ගැටළුවක් බව RACV හි ආරක්ෂණ සහ අධ්‍යාපන කළමනාකාරිනී Elvira Lazar පැවසුවාය.
නමුත් VicRoads සඳහන් කරන ආකාරයට smartwatches ද ජංගම දුරකතන ඝනයට අයත් වන බැවින් ඒවා සඳහාද ජංගම දුරකතන වලට බලපාන නීතිම අදාළ වේ.
මේ අතර ජංගම දුරකතනයේ GPS එක රිය ධාවනයේදී භාවිත කිරීම පිළිබඳවද නැවත සිතා බැලිය යුතු බව බලධාරීන් පවසා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------