ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට (casual employees) පසුගිය ඔක්තෝබර් 01 වන දින සිට තම සේවය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස වෙනස් කරගැනීම සඳහා ඉල්ලීම් කිරීමට හැකියාව ලැබී ඇත.
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන සහ කම්කරු නීති පිළිබඳ නියාමකයා ලෙස සැලකෙන Fair Work Ombudsman වරයා මෙම නව නීතිය පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කළේය.

Source: Flickr
පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස සේවය වෙනස් කරගැනීම
Fair Work Ombudsman වරයා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට තම සේවය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස වෙනස් කරගැනීම සඳහා ඉල්ලීම් කිරීමට පහත කරුණු සම්පූර්ණ කළ යුතුවේ.
- අනියම් සේවකයෙකු ලෙස අවම වශයෙන් මාස 12 ක කාලයක් හෝ එක හා සමාන සේවා මුරයක හෝ පැය ගණනක සේවය කිරීම.
- මාස 12ක් පුරාවට සතියකට පැය 38ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවය කරන අනියම් සේවකයින්ට පූර්ණ කාලීන සේවය සඳහා ඉල්ලුම් කළ හැකිය.
- මාස 12ක් පුරාවට සතියකට පැය 38කට අඩුවෙන් සේවය කරන අනියම් සේවකයින්ට ස්ථිර අර්ධ කාලීන සේවය සඳහා ඉල්ලුම් කළ හැකිය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Australian Council of Trade Unions (ACTU) හෙවත් ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සභාව මෙම නව තීන්දුව පිළිබඳ ප්‍රසාදය පළ කරන බව එහි සභාපතිනිය වන Michelle O'Neill පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ බහුතරයක් අනියම් සේවකයින් තම සේවය පූර්ණ කාලීන ලෙස හෝ අර්ධ කාලීන ලෙස හෝ ස්ථිර කරගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන්ට මෙම තීන්දුව මහත්වූ අස්වැසිල්ලක් වනු ඇති බවත් Michelle O'Neill වැඩි දුරටත් පැහැදිලි කළාය.

Two men using tablet PC in office, coworkers in background --- Image by Hiya Images/Corbis Source: Flickr
ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම
තම සේවය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ ලෙස වෙනස් කරගැනීම පිණිස අනියම් සේවකයෙකු කරන ඉල්ලීම, සේවා යෝජකයෙකු (Employer) හට ප්‍රතික්ෂේප කිරීමට හැකියාව තිබේ.
නමුත් එම ප්‍රතික්ෂේප කිරීම සඳහා සාධාරණ හේතු සවිස්තරාත්මකව සේවා යෝජකයා විසින් අදාළ සේවකයාට ඉදිරිපත් කළ යුතුවෙයි.
එමෙන්ම එවැනි ප්‍රතික්ෂේප කිරීමකට පෙරාතුව අදාළ සේවකයා සමග සාකච්ඡා කර ඔහුට හෝ ඇයට ඒ පිළිබඳ නිසි දැනුම් දීමක් ද සේවා යෝජකයා විසින් සිදුකළ යුතුය.

Trong năm qua nhân công Úc làm thêm đến 3,2 tỉ tiếng đồng hồ mà không được trả lương. Source: AAP
අනියම් සේවකයෙකු වීමේ අවාසි
- සේවය කරන පැය ගණන පිළිබඳ විශ්වාසයක් තැබීමට නොහැකි වීම.
- අක්‍රමවත් පැය ගණන් සේවය කිරීමට සිදුවීම
- ගෙවීම් සහිත ලෙඩ නිවාඩු (sick leave) හෝ වාර්ෂික නිවාඩු (annual leave) නොමැති වීම.
- නොදන්වා සේවය අත්හිටුවීමට බොහෝ විට සේවායෝජකයාට හැකිවීම.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------