ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ ප්‍රධාන වීසා අතර නිරතුරුවම සාකච්ඡාවට බඳුන්වන තවත් අමතර වීසා වර්ගයක් ලෙසද Bridging visa හැඳින්විය හැකිය.
මෙය අමතර වීසා වර්ගයක් ලෙස හැඳින්වුවද මෙහි ඇති වැදගත්කම හෝ ප්‍රයොජනවත්කම සුළුපටු නොවේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ Bridging visa පහත ආකාරයෙන් වර්ග 5 කට බෙදා වෙන් කෙරෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
- Bridging visa A (BVA)
- Bridging visa B (BVB)
- Bridging visa C (BVC)
- Bridging visa D (BVD)
- Bridging visa E (BVE)
ඒ සෑම Bridging visa වර්ගයකටම ඊට අනන්‍යවූ කොන්දේසි පවතියි.

Source: Department of Home Affairs
01. Bridging visa A (BVA)
- මෙය තාවකාලික වීසා වර්ගයකි.
- මේ සඳහා ඔබ ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිටිය යුතුය.
- ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල පිළිගත් වීසා එකක සිට තවත් නීත්‍යානුකූල පිළිගත් වීසා එකකට අයදුම් කිරීමේදී Bridging visa A (BVA) නිකුත් කරනු ඇත.
- නමුත් එය බලාත්මක වන්නේ ඔබ දැනට සිටින නීත්‍යානුකූල පිළිගත් වීසා එක අවසන් වීමෙන් අනතුරුවය.
- ඔබ අයදුම්කළ ඔස්ට්‍රේලියානු වීසා එක ඔබට ලැබුණ විටම මෙම Bridging visa A අහෝසි වේ.
- Bridging visa A සහිත කාලයේදී ඔබ කලින් සිටි වීසා එකේ කොන්දේසිම බලපායි. (අධ්‍යාපනය සහ සේවය කිරීමේ කොන්දේසි)
- මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
- ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටවුවහොත් මෙම Bridging visa A අහෝසි වේ.
- ඒ අනුව ඔබට Bridging visa A යටතේ නැවතත් ඔස්ට්‍රේලියාවට ඇතුළුවිය නොහැකිය.
- Bridging visa A එකක සිටින ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට අවශ්‍යනම් ඔබ Bridging visa B සඳහා අයදුම් කළ යුතුය.

what are bridging visas Source: Getty Images
02. Bridging visa B (BVB)
- මෙයද තාවකාලික වීසා වර්ගයකි.
- මේ සඳහා අයදුම්කිරීමට ඔබ ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිටිය යුතු අතර ඔබට Bridging visa A (BVA ) එකක් තිබිය යුතුය.
- Bridging visa A (BVA ) එකක සිට ඔස්ට්‍රේලියාවෙන් පිටවී නැවතත් ඔස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව පැමිණීමට මෙම Bridging visa B (BVB) තිබිය යුතුය.
- මෙම Bridging visa B (BVB) ඔබට පිරිනැමීමේදී ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව සිටීමේ නිශ්චිත කාල සීමාව කුමක්ද කියා දැනුම් දීමක් සිදු කරයි.
- එම කාලය අවසන් වීමට පෙර ඔබ නැවත ඔස්ට්‍රේලියාවට ඒමට වගබලාගත යුතුය.
- නැතහොත් ඔබට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර ඒ සඳහා ඔබට වෙනත් වීසා එකකට අයදුම් කිරීමට සිදුවේ.
- මේ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 145 ක ගාස්තුවක් අය කෙරේ.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

Source: Getty Images
03. Bridging visa C (BVC)
- මෙයද තාවකාලික වීසා වර්ගයකි.
- මේ සඳහා අයදුම්කිරීමට ඔබ ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිටිය යුතුය.
- ඔබ ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල පිළිගත් වීසා එකකට අයදුම් කිරීමේදී ඔබට නීත්‍යානුකූල පිළිගත් ඔස්ට්‍රේලියානු වීසා එකක් නොතිබෙන අවස්ථාවේදී Bridging visa C (BVC) ස්වයංක්‍රීයව නිකුත් කෙරේ.
- ඔබ අයදුම් කළ නව වීසා එක ලැබෙන තෙක් හෝ ඒ පිළිබඳ තීන්දුව ලැබෙන තෙක් හෝ ඔබට ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලව රැදී සිටීමට Bridging visa C (BVC) මගින් ඉඩ ලබා දෙයි.
- නමුත් ඔබ අයදුම් කර ඇති වීසා එක පහත සඳහන් වීසා අතරින් එකකට නොවේනම් ඔබට නව වීසා එක ලැබෙන තුරු ඔස්ට්‍රේලියාව තුළ සේවය කිරීමට තහනම්ය.
- Business Talent visa (subclass 132)
- Business Innovation and Investment (Provisional) visa (subclass 188)
- Business Innovation and Investment (Permanent) visa (subclass 888)
- Employer Nomination Scheme visa (subclass 186)
- Regional Sponsored Migration Scheme visa (subclass 187)
- Skilled — Independent visa (subclass 189)
- Skilled — Nominated visa (subclass 190)
- Skilled — Regional (Provisional) visa (subclass 489)
- මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

Spotlight shifts from ‘boat people’ to record numbers of ‘airplane people’ Source: SBS
04. Bridging visa D (BVD)
- මෙයද තාවකාලික වීසා වර්ගයකි.
- මේ සඳහා අයදුම්කිරීමට ඔබ ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිටිය යුතුය.
- ඔබ ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල පිළිගත් වීසා එකකට අයදුම් කිරීමේදී එහි යම් වැරැද්දක් සිදුවූ විට හෝ යම් අතපසුවීමක් සිදුවූ විට හෝ එය නිවැරදි කිරීමට ඔබට ලබාදෙන දින 5 ක කාලය තුළ Bridging visa D (BVD) සඳහා අයදුම් කිරීමට හැකිය.
- නමුත් මෙම Bridging visa D (BVD) දින 5 කින් අහෝසි වෙයි.
- BVD (subclass 040) සහ BVD (subclass 041) යනුවෙන් Bridging visa D (BVD) ඛාණ්ඩ දෙකකි.
- මෙම Bridging visa D (BVD) සහිත කාලය අතරතුර ඔබ ඔස්ට්‍රේලියාවේ සේවය කළහොත් ඔබගේ Bridging visa D (BVD) අවලංගු කෙරේ.
- මෙම Bridging visa D (BVD) එක හරහා ඔස්ට්‍රේලියාවෙන් පිටවූ විට ඔබට නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙයි.
- මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

Source: SBS
05. Bridging visa E (BVE)
- මෙයද තාවකාලික වීසා වර්ගයකි.
- මේ සඳහා අයදුම්කිරීමට ඔබ ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිටිය යුතුය.
- BVE (subclass 050) සහ BVE (subclass 051) ලෙස Bridging visa E (BVE) ප්‍රධාන ඛාණ්ඩ දෙකකි.
- ඔබ ඔස්ට්‍රේලියාවේ නීති විරෝධීව රැදී සිටින විට හෝ වීසා අවසන්වී ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සූදානමින් සිටින විට හෝ වීසා ගැටලුවට අදාළ උසාවි තීන්දුව ලැබෙන තෙක් ඔස්ට්‍රේලියාවේ සිටින විට හෝ මෙම වීසා වර්ගය නිකුත් කෙරේ.
- ඔබේ Bridging visa E (BVE) අවලංගු කළ පසු හෝ ඔබ ඔස්ට්‍රේලියාවෙන් නික්ම ගිය පසු හෝ ඔබට නව වීසා එකක් ලැබුන විට හෝ මෙම Bridging visa E (BVE) අවසන් වේ.
- ඔබේ Bridging visa E කාල සමයේ ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට හැකිද යන්න ඔබට ඔබේ Bridging visa E පිරිනැමීමේදී ලැබෙන ලිපියේ දැනුම් දෙයි.
- මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය පිළිබද සේවා ලබා ගන්නේ කෙසේද ?