ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු (සැප්තැම්බර් 11 ට යෙදුණු) ඊයේ (02/10) දිනයේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව 2018 - 19 වසර සඳහා මේ වන විට ආරාධනා පත්‍ර (Invitation Rounds) වට තුනක් ප්‍රකාශයට පත් කර ඇත.
2018 ජූලි 11 වන දින පළමුවැන්න නිකුත් කර ඇති අතර දෙවැන්න අගෝස්තු 11 වන දිනට නිකුත් කර තිබේ.
තුන්වැනි ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් 11 නිකුත් කෙරුණු අතර එහි විස්තර ඊයේ (02/10) ප්‍රකාශයට පත් කෙරුණි.

Source: ww.homeaffairs.gov.au
සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටය
මෙහිදී Skilled - Independent (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 2490 ක්ද Skilled - Regional (Provisional) (subclass 489) සඳහා ආරාධනා පත්‍ර 10 ක්ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටයෙදී නිකුත් කර ඇති මුළු ආරාධනා පත්‍ර ප්‍රමාණය 2500 කි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මීට පෙර වසර වල සෑම මාසයකටම ආරාධනා පත්‍ර වට දෙකක් සති දෙකකට වරක් ක්‍රියාත්මක විය.
එහිදී එක් වටයකට මුළු ආරධනා පත්‍ර 1250 ක් නිකුත් කෙරිණි.
නමුත් 2018 ජූලි මාසයේ පටන් සෑම මසකටම එක් වරක් ආරාධනා පත්‍ර නිකුත් කෙරෙන අතර එහිදී මුළු ආරධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරේ.

Source: SBS
IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (2211) සඳහා 25/05/2018 9:59am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Accountants (2211) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 80 කි.
Auditors, Company Secretaries and Corporate Treasurers (2212) සඳහා 1/05/2018 10:54am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Auditors, Company Secretaries and Corporate Treasurers (2212) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව ද 80 කි.
ICT Business and System Analysts (2611) සඳහා 28/05/2018 6:25pm තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර ICT Business and System Analysts (2611) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 75 කි.
Software and Applications Programmers (2613) සඳහා 20/08/2018 3:13pm තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Software and Applications Programmers (2613) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 75 කි.
Computer Network Professionals (2631) සඳහා 17/01/2018 11:36am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Computer Network Professionals (2631) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 70 කි.

Source: Getty Images
IT කෝටාව
2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 6,202 ක්ව තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පරිගණක මෘදුකාංග හා මෘදුකාංග ඉංජිනේරු (2613 - Software and Applications Programmers) ගේ කෝටාව 2018 -19 වසරේ 7,271 දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙවර 2613 ඛාණ්ඩයේ කෝටාව 1,069 කින් වැඩිවී ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උදවියට මෙය ඉතා සුබදායී පුවතකි.
ICT Business and System Analysts (2611) සඳහා මේ වසරේ ඇති කෝටාව 1,466 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 248 ක් නිකුත් කර ඇත.
Software and Applications Programmers (2613) සඳහා මේ වසරේ ඇති කෝටාව 7,271 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 1,231 ක් නිකුත් කර ඇත.
මේ අනුව සැප්තැම්බර් 11 ආරධනා පත්‍ර වටයේදී Software and Applications Programmers (2613) සඳහා ආරධනා පත්‍ර 650 ක් නිකුත් කර තිබේ.
Computer Network Professionals (2631) සඳහා මේ වසරේ ඇති කෝටාව 2,167 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 367 ක් නිකුත් කර ඇත.

Source: Getty Images
ගණකාධිකාරී කෝටාව
නමුත් 2018 -19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව ගණකාධිකාරී (2211 - Accountants) කෝටාව අඩු වී ඇත.
2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 4,785 ක්ව තිබූ ගණකාධිකාරී කෝටාව මෙවර 3,753 ක් දක්වා අඩු කර තිබේ.
එය 1,032 ක අඩුවීමකි.
Accountants (2211) සඳහා මේ වසරේ ඇති කෝටාවෙන් මේ වන විට ආරධනා පත්‍ර 636 ක් නිකුත් කර ඇත.
මේ අනුව සැප්තැම්බර් 11 ආරධනා පත්‍ර වටයේදී Accountants (2211) සඳහා ආරධනා පත්‍ර 336 ක් නිකුත් කර තිබේ.

Source: Getty Images
සැප්තැම්බර් 11 වටයේ ප්‍රධාන වෘත්තීන් හි ලකුණු මට්ටම්
සැප්තැම්බර් 11 වටයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර යොමු කෙරුණු ලකුණු මට්ටම පහත පරිදි වේ.
මීලඟ ආරාධනා පත්‍ර වටය ඔක්තෝබර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

Point scores and the dates of effect cut off for the pro rata occupations in the 11 September 2018 invitation round. Source: Department of Home Affairs
සැප්තැම්බර් 11 වන විට “Occupation ceiling list 2018 – 19” හි තත්ත්වය පහත පරිදි වේ.
Occupation ID | Description | Occupation Ceiling Value 2018-19 | Invitations to 11/09/2018 |
---|---|---|---|
1213 | Livestock Farmers | 4,841 | 0 |
1331 | Construction Managers | 5,982 | 13 |
1332 | Engineering Managers | 1,131 | 10 |
1341 | Child Care Centre Managers | 1,000 | 1 |
1342 | Health and Welfare Services Managers | 1,302 | 3 |
2211 | Accountants* | 3,753 | 636 |
2212 | Auditors, Company Secretaries and Corporate Treasurers* | 1,342 | 227 |
2241 | Actuaries, Mathematicians and Statisticians | 1,000 | 25 |
2245 | Land Economists and Valuers | 1,000 | 12 |
2247 | Management consultant | 3,894 | 79 |
2321 | Architects and Landscape Architects | 1,251 | 87 |
2322 | Cartographers and Surveyors | 1,000 | 23 |
2331 | Chemical and Materials Engineers | 1,000 | 133 |
2332 | Civil Engineering Professionals | 3,510 | 339 |
2333 | Electrical Engineers | 1,000 | 172 |
2334 | Electronics Engineers* | 300 | 51 |
2335 | Industrial, Mechanical and Production Engineers* | 1,780 | 301 |
2339 | Other Engineering Professionals* | 700 | 119 |
2341 | Agricultural and Forestry Scientists | 1,000 | 45 |
2346 | Medical Laboratory Scientists | 1,600 | 38 |
2347 | Veterinarians | 1,000 | 25 |
2349 | Other Natural and Physical Science Professionals | 1,000 | 7 |
2411 | Early Childhood (Pre-primary School) Teachers | 2,488 | 70 |
2414 | Secondary School Teachers | 8,480 | 115 |
2415 | Special Education Teachers | 1,000 | 1 |
2512 | Medical Imaging Professionals | 1,224 | 5 |
2514 | Optometrists and Orthoptists | 1,000 | 3 |
2519 | Other Health Diagnostic and Promotion Professionals | 1,000 | 2 |
2521 | Chiropractors and Osteopaths | 1,000 | 10 |
2524 | Occupational Therapists | 1,227 | 19 |
2525 | Physiotherapists | 1,613 | 31 |
2526 | Podiatrists | 1,000 | 1 |
2527 | Speech Professionals and Audiologists | 1,000 | 21 |
2531 | General Practitioners and Resident Medical officers | 3,348 | 100 |
2533 | Internal Medicine Specialists | 1,000 | 15 |
2534 | Psychiatrists | 1,000 | 2 |
2535 | Surgeons | 1,000 | 4 |
2539 | Other Medical Practitioners | 1,145 | 221 |
2541 | Midwives | 1,000 | 11 |
2544 | Registered Nurses | 17,322 | 413 |
2611 | ICT Business and Systems Analysts* | 1,466 | 248 |
2613 | Software and Applications Programmers* | 7,271 | 1231 |
2621 | Database and Systems Administrators and ICT Security Specialists | 2,660 | 295 |
2631 | Computer Network Professionals* | 2,167 | 367 |
2633 | Telecommunications Engineering Professionals | 1,000 | 251 |
2711 | Barristers | 1,000 | 0 |
2713 | Solicitors | 3,770 | 54 |
2723 | Psychologists | 2,228 | 19 |
2725 | Social Workers | 2,125 | 53 |
3122 | Civil Engineering Draftspersons and Technicians | 1,000 | 14 |
3123 | Electrical Engineering Draftspersons and Technicians | 1,000 | 4 |
3132 | Telecommunications Technical Specialists | 1,000 | 7 |
3211 | Automotive Electricians | 1,000 | 0 |
3212 | Motor Mechanics | 6,099 | 10 |
3222 | Sheetmetal Trades Workers | 1,000 | 0 |
3223 | Structural Steel and Welding Trades Workers | 4,639 | 3 |
3232 | Metal Fitters and Machinists | 6,989 | 3 |
3233 | Precision Metal Trades Workers | 1,000 | 0 |
3241 | Panelbeaters | 1,000 | 0 |
3311 | Bricklayers and Stonemasons | 1,594 | 1 |
3312 | Carpenters and Joiners | 8,372 | 6 |
3322 | Painting Trades Workers | 3,277 | 3 |
3331 | Glaziers | 1,000 | 1 |
3332 | Plasterers | 2,081 | 0 |
3334 | Wall and Floor Tilers | 1,259 | 0 |
3341 | Plumbers | 5,766 | 3 |
3411 | Electricians | 9,303 | 15 |
3421 | Airconditioning and Refrigeration Mechanics | 1,836 | 0 |
3422 | Electrical Distribution Trades Workers | 1,019 | 0 |
3423 | Electronics Trades Workers | 1,769 | 13 |
3513 | Chefs | 2,821 | 18 |
3941 | Cabinetmakers | 1,421 | 1 |
3991 | Boat Builders and Shipwrights | 1,000 | 0 |
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------