ඔස්ට්‍රේලියාවේ ජනගහනය ශීග්‍ර ලෙස ඉහළ යාමට විදේශ සංක්රමණිකයින්ගේ පැමිණීම ප්‍රධානතම හේතුව බව පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව 2017 වසරේ මාර්තු 31 සිට 2018 මාර්තු 31 දක්වා ගෙවී ගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනයට පුද්ගලයින් 380,700 ක් එක්ව තිබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ සඳහාද අධික ඉල්ලුමක් පවතින අතර නැගෙනහිර වෙරළට යාබද නගර වල මේ තත්ත්වය අධිකව දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියාවේ Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය සහ සංක්‍රමණික ප්‍රජාව
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වන විට මිලියන 25 ඉක්මවා තිබේ.
පසුගිය පස් වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 1.86 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම 2003 - 2008 කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 1.47 කින් ඉහළ ගොස් තිබේ.
මේ සඳහා මූලිකම හේතුව සංක්‍රමණිකයින් බව සඳහන්.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව 236,786 වන බවත් එය එම කාලයේ සිදුවූ ජනගහන වර්ධනයෙන් 62% ක ප්‍රතිශතයක් බවත් අනාවරණය වී තිබේ.
නමුත් ඊට පෙර වසරේ එම සංඛ්‍යාව තවත් 20,000 කින් පමණ වැඩි බවද වාර්තා වේ.
මේ අතර 2014 මාර්තු සිට ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස හෝ දිගු කාලීනව සංක්‍රමණය වන සංක්රමණිකයින්ගේ ප්‍රමාණය ඉහළම අගයක් ගත් බව ද සඳහන්.

Source: AAP
බහුතර සංක්‍රමණිකයින් ප්‍රධාන නගර වෙත පිවිසීම
බොහෝ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පමණක් ස්ථාපිත වීම මේ වන විට සුලබව දැකීමට හැකි සිදුවීමකි.
වඩාත් හොඳ රැකියා අවස්ථා ලබා ගැනීමට මෙන්ම තම පවුලේ හිතවතුන් සහ මිතුරන් සමග ජීවත්වීමේ අරමුණින් ඔවුන් මෙසේ ප්‍රධාන නගර කිහියක් වටා පමණක් වාසය කිරීමට පෙළඹෙන බව Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
2016 වසර වන විට සංක්‍රමණිකයින්ගෙන් 83% ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව දිවිගෙවන බව හෙළිවී ඇති අතර ඔස්ට්‍රේලියාවේ උපත ලැබූවන්ගේ එම ප්‍රතිශතය 61% ක් බවද හෙළිවී ඇත.
මේ තත්ත්වය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එතරම් කැමැත්තක් නොදක්වන බව පවසා ඇති අතර අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව අනෙකුත් ප්‍රාන්ත වලට විසුරුවා හැරීමේ ක්‍රමවේදයකට අවධානය යොමු කරන බව පසුගිය මස මුලදී අවධාරණය කළේය.
ප්‍රාන්ත සහ සංක්‍රමණිකයින්
ප්‍රාන්ත මට්ටමින් ගත් කල වාර්ෂික ජනගහන වර්ධන වේගය ඉහළින්ම ඇත්තේ වික්ටෝරියානු ප්රාන්තයේය.
එය පසුගිය වසරේදී 2% ක වර්ධන වේගයක් පෙන්වූ අතර පුද්ගලයින් 137,395 ක් වික්ටෝරියානු ප්‍රාන්ත ජනගහනයට එක්වී තිබේ.
වසර 2012 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ වාර්ෂික ජනගහන වර්ධන වේගය 2% මට්ටමට වඩා ඉහළ අගයකින් නොකඩවා පැවතීමද විශේෂිත කරුණකි.
මේ අතර වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ජනගහන වර්ධනයෙන් බහුතර දායකත්වය සංක්‍රමණිකයින් බවද හෙළිවී තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ එම දායකත්වය ප්‍රාන්තයේ ජනගහන වර්ධනයෙන් 61% ක් වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම අගය 80% කි.
මේ අතර ටස්මේනියා ප්‍රාන්තයේ ජනගහන වර්ධන වේගය 1.02% ක් වන බවද සඳහන්.

Source: AAP
පසුගිය සමයේ විශාල වශයෙන් ජාත්‍යන්තර සිසුන් ටස්මේනියාවට සංක්‍රමණය වීම හේතුවෙන් මෙලෙස ටස්මේනියා ප්‍රාන්තයේ ජනගහන වර්ධන වේගය ඉහළ යාමට හේතුවී තිබේ.
මේ අතර දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory හි ජනගහන වර්ධනය ඉතා සෙමින් සිදුවන බව වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------