කුලී නිවෙසක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාභීන්ට තිබෙන හැකියාව පෙරටත් වඩා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස ක්ෂේත්රය පිළිබඳ Anglicare Australia සිදුකළ 10 වන වාර්ෂික සමීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබේ.

Source: Wikimedia
ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාභීන් සහ කුලී නිවාස
පසුගිය මාර්තු 23 වන දින වන විට ඔස්ට්‍රේලියාව පුරා නිවාස 69,485 කට වඩා කුලියට දීම පිණිස ප්‍රචාරය කර තිබු බව Anglicare Australia සමීක්ෂණය වාර්තා කරයි.
නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන Newstart සුබ සාධන දීමනාව ලබන තනි පුද්ගලයෙකුට එම නිවාස වලින් නිවාස දෙකකට පමණක් කුලී ගෙවිය හැකි මට්ටමක පැවතුණු බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අඩු අදායම් ලාභීන් හට කුලී නිවෙසක් ලබාගැනීමට තිබෙන හැකියාව පෙරටත් වඩා පහළ ගොස් ඇති බව ඔවුන් වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේත්රය යම් පසුබෑමකට ලක්වෙලා ඇති බවත් එනිසාම එහි අවදානම අඩු අදායම ලාභීන් වැනි ඉතා අවදානම් සහගත පුද්ගලයින්ට පෙරට වඩා දැඩිව බලපාමින් පවතින බවත් Anglicare Australia හි විධායක අධ්යක්ෂ Kasy Chambers, SBS පුවත් සේවයට පැවසුවාය.

Source: AAP
Rent affordability
නිවාස කුලිය නිවැසියන්ගේ ආදායමෙන් 30% කට වඩා අඩුවෙන් ඇති අවස්ථාව ඔස්ට්‍රේලියාවේ rent affordability හෙවත් දැරිය හැකි නිවාස කුලිය ලෙස Anglicare Australia ආයතනය හඳුන්වයි.
නිවාස කුලිය 30% ට වඩා ඉහළ අවස්ථා එම නිවැසියන් මුල්‍ය පීඩනයන්ගෙන් පෙළීමට වැඩි සම්භාවිතාවක් දක්වන බව ඔවුන් පැහැදිලි කරයි.
ඔස්ට්‍රේලියාවේ අඩු අදායම් ලාභීන් යයි සැලකෙන පුද්ගලයින්ගෙන් 2.2% ක් කුලී නිවාස වල නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පසුවන බව Anglicare Australia හි මෙම 10 වන ජාතික සම්කීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
එමෙන්ම විශ්‍රාමික වැටුප් ලබන පුද්ගලයින්ගෙන් හෝ Disability Support විශ්‍රාමිකයින්ගෙන් 0.5% ක්ද කුලී නිවාස වල නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පසුවන බව හෙළිවී තිබේ.
දැරිය හැකි මට්ටමේ කුලී නිවාස වල විශාල හිඟයක් පවතින බවත් එය නිවාස ගැටලුව ඉහළ නංවන වාර්තාගත හේතුවක් වන බවත් Anglicare Australia හි විධායක අධ්යක්ෂ Kasy Chambers, SBS පුවත් සේවයට පැවසුවාය.
මේ වන විට අඩු ආදායම් ලාභී නිවැසියන්ගෙන් 44% ක ප්‍රතිශතයක් නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳින බව ත් එය 2008 වසර වන පැවතියේ 35% ක මට්ටමක බවත් Anglicare Australia හි නවතම වාර්තාව අනාවරණය කරයි.

Source: Press Association
ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව
මේ වන විට තනි පුද්ගලයෙකු හට Newstart දීමනාව ලෙස සතියකට $270 ක මුදලක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් පිරි නැමෙන අතර එය දිනකට $40 පමණ මුදලකි.
නමුත් එම මුදල සෑහීමකට පත්විය හැකි මට්ටමේ නොවන බව බොහෝ Newstart දීමනා ලබන පුද්ගලයින් මැසිවිලි නගමින් සිටියි.
මේ අතර හෙට (18/05) පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් Newstart දීමනාව සංශෝධනය කිරීමට අවධානය යොමු කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව සතියකට $75 කින් ඉහළ දැමිය යුතු බවට Australian Council of Social Service හි ප්‍රධාන විධායිකා Cassandra Goldie, SBS පුවත් සේවයට පැවසුවාය.

Source: SBS Sinhala