ඔස්ට්‍රේලියාව තුළ බීමත්ව රිය පැදවීම බරපතල දඩ සහ දඬුවම් හිමිවන වරදකි.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල බීමත්ව රිය පදවන රියදුරන් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් එකිනෙකට වෙනස් වෙයි.
නමුත් ඇතැම් රියදුරන් හැරුණුකොට ඒ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල රියදුරන්ගේ blood alcohol concentration (BAC) හෙවත් රුධිරගත ඇල්කොහොල් මට්ටම 0.05 ට වඩා අඩුවෙන් තිබීම පොදු නීතිය වේ.
කෙසේවෙතත්, Probationary drivers හෙවත් P-platers රියදුරන්, learner drivers හෙවත් L-platers රියදුරන් සහ කුලී රථ, බස්, සහ බර වාහන ධාවනය කරන රියදුරන් ගේ රුධිරගත ඇල්කොහොල් මට්ටම බින්දුව විය යුතු බවද වාර්තා වේ.
බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට පොලීසිය විසින් breathalyzer test නමැති පරීක්ෂණය සිදුකරන අතර සාධාරණ හේතුවක් නොමැතිව එයට මුහුණ දීම ප්‍රතික්ෂේප කිරීම ද වැරද්දක් බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල බීමත්ව රිය පදවන රියදුරන් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් පහත පරිදි වේ.

Source: AAP
Australian Capital Territory

Source: SBS Sinhala
- ඔබේ රියදුරු බලපත්‍රය අවම මාස 12 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $4,200 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- ඇතැම් විට බරපතල තත්ත්වයන් හමුවේ උපරිම මාස 12 කට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- බීමත් රියදුරන් දඬුවම් කාලයෙන් පසුව නැවත රිය ධාවනය කිරීමට පෙර ඇල්කොහොල් පිළිබඳ දැනුවත්වීමේ අනිවාර්ය පාඨ මාලාවකට සහභාගී විය යුතුය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Source: SBS Sinhala
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 2 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $5,500 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- ඇතැම් විට බරපතල තත්ත්වයන් හමුවේ උපරිම වසර 2 කට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.08 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.

Source: Pixabay
Northern Territory

Source: SBS Sinhala
එම පුහුණුව Northern Territory හි රථ වාහන සම්බන්ධ රෙජිස්ටාර්වරයා විසින් පනවන ලබන පුහුණුවකි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Source: SBS Sinhala
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.15 හෝ ඊට වඩා වැඩිනම් ඔබේ වාහනය එවෙලෙහිම පොලීසිය බාරයට ගැනේ.
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 2 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $6,600 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- බරපතල තත්ත්වයන් හමුවේ අධිකරණය තීරණය කරන කාලයකට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.10 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.

Source: NSW Police
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Source: SBS Sinhala
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 3 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $2,900 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.08 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.
ටස්මේනියා ප්‍රාන්තය

Source: SBS Sinhala
වික්ටෝරියා ප්‍රාන්තය

Source: SBS Sinhala
එම අතර බීමත්ව රිය පදවා හසුවීමෙන් අනතුරුව නැවත රියදුරු බලපත්‍රය ලබාගෙන මාස 6 ක් යනතුරු alcohol interlock මෙවලමක් ඔබේ වාහනයේ සවි කරගත යුතුවේ.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

Source: SBS Sinhala

Source: SBS Sinhala
----------------------------------------------------------------------------------------------------