වැඩි ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල කිහිපයක්ම ඉංග්‍රීසි භාෂා ප්රවීනත්වය සඳහා පනවා ඇති අවශ්‍යතාවන් සහ කොන්දේසි (English requirements) අත්හැර දමා ඇති බව ABC Four Corners වැඩසටහන හෙළිදරව් කරයි.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
අදාළ විශ්ව විද්‍යාල පාඨ මාලාවන්ට පනවා ඇති අවම ඉංග්‍රීසි භාෂා ප්රවීනත්වයක් නොමැති ජාත්‍යන්තර සිසුන්ව ඇතැම් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විසින් ඇතුළත් කර ඇතැයි එම වැඩසටහන අනාවරණය කරයි.

Source: AAP
විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.
එනිසාම ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම සඳහා යම් ඉංග්‍රීසි භාෂා ප්රවීණත්වයක් තිබීම අත්‍යවශ්‍ය සුදුසුකමක් බව සෑම ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක්ම ප්‍රසිද්ධ කර තිබේ.
නමුත් මෙවැනි තත්ත්වයක් තිබියදී ඇතැම් විශ්ව විද්‍යාල එම බරපතල අවශ්‍යතාව නොසලකා අධික ලාබ ඉපයීමේ අරමුණින් අඩු ඉංග්‍රීසි දැනුමක් සහිත ජාත්‍යන්තර සිසුන් විශ්ව විද්‍යාලයට බඳවා ගැනීම පිළිබඳ පසුගිය සමයේ විටින් විට අසන්නට ලැබිණි.
තම පාඨ මාලාවන්ට ලියාපදිංචි වීම සඳහා ඉංග්‍රීසි භාෂා ප්රවීණත්වයක් අවශ්‍ය නොවන බවට පවසා ඇතැම් විශ්ව විද්‍යාල ප්‍රචාරණ ඊමේල් පණිවිඩ, ජාත්‍යන්තර සිසුන්ව තමන් වෙත යොමු කරන ඒජන්තවරුන්ට යවා ඇති බව ABC Four Corners වැඩසටහන හෙළිදරව් කරයි.
සාමන්‍යයෙන් ජාත්‍යන්තර සිසුන් බඳවාගැනීමෙන් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඩොලර් මිලියන ගණනක ආදායමක් ලබන අතර ඔවුන්ගේ ලාබය විශාල ලෙස රැදී පවතින්නේද මෙම ජාත්‍යන්තර සිසුන් මතය.
එවැනි වූ ඊමේල් පණිවිඩයක් ටස්මේනියා විශ්ව විද්‍යාලයෙන් යොමු කර ඇති බවටද ABC Four Corners වැඩසටහන හෙළිදරව් කරයි.
නමුත් තම විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර සිසුන්ගෙන් මුදල් ගරන විශ්ව විද්‍යාලයක් නොවන බව ටස්මේනියා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය Rufus Black පවසා තිබේ.
කෙසේවෙතත්, තම විශ්ව විද්‍යාලයට ජාත්‍යන්තර සිසුන්ව බඳවා ගන්නා පටිපාටිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බවද ඔහු පොරොන්දු වී තිබේ.
මේ අතර ඊට සමාන තවත් ඊමේල් පණිවිඩයක් Southern Cross විශ්ව විද්‍යාලයෙන් යොමු කර ඇති බව Four Corners වැඩසටහන පවසයි.
එම ඊමේල් පණිවිඩය පහත පරදී වේ.
"We are happy to inform you that SCU is now providing IELTS waiver for their Lismore and Gold Coast campuses".

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සහ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය
වර්තාමන නීති යටතේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාගැනීමට ජාත්‍යන්තර සිසුන්ට International English Language Testing හෙවත් IELTS ඉංග්‍රීසි විභාගයෙන් අවම වශයෙන් ලකුණු 5.5 ක් හෝ ලබාගත යුතුවේ.
බොහෝ විශ්ව විද්‍යාල වල පාඨ මාලාවන් සඳහා ප්‍රවේශ වීමට නම් ජාත්‍යන්තර සිසුන්ට IELTS ලකුණු 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් ලබාගත යුතුවේ.
කෙසේවෙතත්, ඉල්ලුම් කරන IELTS ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් නමුත් IELTS ලකුණු 4.5 මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තිබෙන ජාත්‍යන්තර සිසුන්ට කොන්දේසියක් මත ශිෂ්‍ය වීසා ලබා දීමට වර්තමානයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියා කරයි.
එනම් එම ශිෂ්‍යයින් Elicos හෙවත් අවම වශයෙන් සති 20 ක ඉංග්‍රීසි භාෂා පාඨ මාලාවකට ලියා පදිංචි විය යුතුය.
එම පාඨ මාලාව සමත්වන සිසුන්ට නැවතත් තමන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ලකුණු ප්‍රමාණය ලබාගැනීමට IELTS විභාගයට මුහුණ දිය යුතු නැත.

Source: Flickr
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් 753,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් 380,000 ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ වැඩි ප්රතිශතයක ජාත්‍යන්තර සිසුන් පැමිණෙන්නේ චීනයෙන් වන අතර එම ප්‍රතිශතය සාමාන්‍යයෙන් 30% කි.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ වසර දෙකක උපාධියක් හදාරන විට ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර සිසුවෙකුට වැය වන බව අනාවරනය වී තිබේ.
වැඩිම ජාත්‍යන්තර සිසුන් සිටින ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාල 5 පහත පරිදි වේ.
----------------------------------------------------------------------------------------------------

Source: SBS
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------