වික්ටෝරියානු ප්රාන්තයේ 'Slow Down, Move Over' හෙවත් පොලිස්, ගිනි නිවන හෝ ගිලන්රථ වැනි හදිසි සේවා වාහනයක් විදුලි බුබුළු නංවමින් මාර්ගයේ ගමන් කරන විට 40km/h දක්වා වේගය අඩාල කරමින් රිය ධාවනය කිරීමේ නීතිය පිලි නොපදින රියදුරන් නීතියේ රැහැනට හසු කරගැනීමට පසුගිය සතියේ සිට වික්ටෝරියානු පොලීසිය අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේ.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
පොලිස්, ගිනි නිවන හෝ ගිලන්රථ වැනි හදිසි සේවා වාහනයක් විදුලි බුබුළු නංවමින් මාර්ගයේ ගමන් කරන විට බොහෝ රියදුරන් තම වාහනයේ වේගය අඩාල නොකිරීම නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීමට මෙම පියවර ගෙන තිබේ.

Source: SBS
හදිසි වාහනයක් අසළදී 40km/h දක්වා වේගය අඩාල කිරීමේ නීතිය
'Slow Down, Move Over' හෙවත් හදිසි වාහනයක් අසළදී 40km/h දක්වා වේගය අඩාල කිරීමේ නීතිය වික්ටෝරියානු ප්රාන්තයට හඳුන්වා දෙනු ලැබුවේ 2017 වසරේ ජූලි 01 වන දින සිටය.
ඒ අනුව පොලිස්, ගිනි නිවන හෝ ගිලන්රථ වැනි හදිසි සේවා වාහනයක් විදුලි බුබුළු නංවමින් හෝ හදිසි නලා හඬ නංවමින් මාර්ගයේ ගමන් කරන විට අනෙකුත් සියලු වාහන 40km/h දක්වා වේගය අඩාල කරමින් රිය ධාවනය කළ යුතුවිය.
එම නීතිය කඩ කළ රියදුරන් හට $272 ක දඩයක්ද හිමිවිය.
2017 වසරේ අගවන විට එලෙස දඩ ලැබුණු පුද්ගලයින් 134 දෙනෙකු වාර්තාවූ බව Herald Sun පුවත් පත වාර්තා කරයි.
එමෙන්ම 2018 වසරේදී එම ප්රමාණය 548 දක්වා ඉහළ නැග තිබුණු බවද ඔවුන් සඳහන් කරයි.

Source: AAP
නීතිය බලාත්මක කිරීම
මෙම නීතිය හේතුවෙන් මාර්ග වල රියදුරන් අතුරු අනතුරු වලට ලක්වීමත් අමතර රිය අනතුරු සිදුවීමත් ඇතැම් විට දක්නට ලැබුණු නිසා එවැනි අවස්ථාවක කලබලයකින් තොරව තමන්ගේ වාහනය ක්රමිකව මන්දගාමී කරන ලෙස වික්ටෝරියානු පොලීසිය පවසයි.
"ඇතැම් වෙලාවට අධික වේගයෙන් ධාවනය කරන වාහන හදිසි වාහනයක් දුටු විටම වේගය 40km/h දක්වා අඩාල කිරීමට එක එල්ලේ තිරිංග පාගනු ලබයි. එවන් අවස්ථා වලදී වාහනය අනතුරට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර ඉදිරියෙන් සහ පිටුපසින් ඇති වාහන මෙන්ම මාර්ගයේ ගමන් කරන පාපැදි කරුවන් සහ මගීන්ද අනතුරට ලක්වෙනවා." යනුවෙන් වික්ටෝරියා ප්රාන්තයේ මාර්ග පිළිබඳ සහකාර කොමසාරිස් Stephen Leane පැවසීය.
මේ අතර මෙම නීතිය උල්ලංඝනය නොකරන රියදුරන් අල්වා ගැනීමට radar guns අතැතිව සිටින පොලිස් නිලධාරීන් කාර්යයේ යෙදවීමට ද වික්ටෝරියානු පොලීසිය කටයුතු කර තිබේ.

Source: SBS
වික්ටෝරියා ප්රාන්තයේ මාර්ග අනතුරු
2018 වසරේදී මාර්ග අනතුරු නිසා වික්ටෝරියා ප්රාන්තයේ ජීවිත හානි 213 ක් සිදුවූ බව www.tac.vic.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එයින් 104 ක් මෙලබර්න් කලාපය ආශ්රිතවත් 109 ක් වික්ටෝරියා ප්රාන්තයේ ප්රාදේශීය කලාප වල සිදුවූ බවත් වාර්තා වේ.
එමෙන්ම වික්ටෝරියා ප්රාන්තයේ 2018 වසරේදී මාර්ග අනතුරු නිසා මියගිය පිරිමින් 154 ක් බවත් කාන්තවන් 59 ක් වන බවත් සඳහන්.
2017 වසරේදී මාර්ග අනතුරු නිසා වික්ටෝරියා ප්රාන්තයේ ජීවිත හානි 259 ක් සිදුවිය.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------