කාර්මික රටවල් වල පුද්ගලයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමෙන් ඩොලර් බිලියන ගණනක ආර්ථික පාඩුවක් සිදුවන බව RAND Corporation ආයතනයේ පර්යේෂකයින් සොයාගෙන තිබේ.
සේවකයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වසරකට සිදුවන ආර්ථික පාඩුව ඩොලර් බිලියන 400 ක් පමණ වන බවත් එය වැඩකරන දින මිලියන 1.23 ක පාඩුවක් බවත් ගණන් බලා ඇත.
මෙලෙස සේවකයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ අත්කරගන්නා ලොව දෙවැනි රට ලෙස ජපානය හැඳින්වේ.
තම සේවකයින්ට ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් ජපානයට වසරකට ඩොලර් බිලියන 138 ක් පමණ පාඩු වන බව වාර්තා වේ.

Source: AAP
ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම
සංවර්ධිත රටවල පුද්ගලයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමේ ප්‍රවණතාව ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 20-30% ක් ලෙස දැක්වෙන බවත් වාර්තා වේ.
ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් සේවා ස්ථානයේදී ආරක්ෂාවට මෙන්ම ඵලදායිතාවටද ඉමහත් බලපෑමක් සිදු කරන බව බටහිර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය David Hillman පවසයි.
එමෙන්ම සේවා ස්ථානයේ දරුණු අනතුරු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ද මේ හේතුවෙන් ඇති බව ඔහු පෙන්වා දෙයි.

Source: SBS
ප්‍රමාණවත් තරමේ නින්දක පැය ගණන
සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට පැය 8 ක්වත් නිදාගත යුතු බව ඔස්ට්‍රේලියාවේ www.healthdirect.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ළමුන්ට සහ යෞවන පුද්ගලයින්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිර්දේශ කර ඇත.
නමුත් අද ඇති තරගකාරී සමාජ රටාව තුළ අවම වශයෙන් පැය 6 ක හෝ 7 ක නින්දක්වත් අවශ්‍ය බව වෛද්‍යවරු පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------