ලෝකයේ ගුවන් ගමන් සහ ගුවන් සේවාවන් පිළිබඳ සමීක්ෂණ කරමින් ඒවා විවිධ ශ්‍රේණිගත කිරීම් වලට භාජනය කරන ලොව ප්‍රකට AirlineRatings.com වෙබ් අඩවියට අනුව 2018 වසෙරේ ලොව ආරක්ෂිතම සහ අනාරක්ෂිත්ම ගුවන් සේවාවන් නම් කර තිබේ.
වාර්ෂිකව සිදුකරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ලොව ක්‍රියාත්මක වන ප්‍රධාන ගුවන් සේවාවන් 409 ක් විමර්ශනය කර ඇති අතර අතීතයේ සිදුවූ අනතුරු, ඔවුන්ගේ ගුවන් යානා වල සාමන්‍ය ආයු කාලය, අදාළ රජයන්ගේ සහ ගුවන් සේවා කර්මාන්ත නියාමන ආයතන වල විගණනයන් ඒ සඳහා සලකා බලා තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය සහ Virgin Australia ගුවන් සේවයද ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට තේරී පත්ව ඇත.
ලොව ප්‍රකට ගුවන් සේවාවන් කිහිපයක්ම ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට එක්වී ඇති අතර ලොව විශිෂ්ටතම ගුවන් සේවයට හිමි Skytrax සම්මානය මෙවර හිමිකරගත් Singapore ගුවන් සේවයද එම ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි.
ඊට අමතරව Air New Zealand, Emirates, Etihad, KLM සහ Lufthansa යන ගුවන් සේවාවන්ද ඊට ඇතුලත් වේ.
එමෙන්ම ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට ඇමෙරිකානු ගුවන් සේවාවන් 2 ක් පමණක් ඇතුළත් වීම සුවිශේෂී කරුණකි.

Source: Pixabay
2018 ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20 අකාරාදී පිළිවෙලට
- Air New Zealand
- Alaska Airlines
- All Nippon Airways
- British Airways
- Cathay Pacific Airways
- Emirates
- Etihad Airways
- EVA Air
- Finnair
- Hawaiian Airlines
- Japan Airlines
- KLM
- Lufthansa
- Qantas
- Royal Jordanian Airlines
- Scandinavian Airline System
- Singapore Airlines
- Swiss
- Virgin Atlantic
- Virgin Australia

Source: AAP
එම ගුවන් සේවාවන් 10 අකාරාදී අනුපිළිවෙලට පහත පරදී වේ.
- Aer Lingus
- Flybe
- Frontier
- HK Express
- JetBlue
- Jetstar Australia/ Jetstar Asia
- Thomas Cook
- Virgin America
- Vueling
- Westjet

Source: Pixabay
ලොව ආරක්ෂාව අවම ගුවන් සේවාවන් මොනවාද?
AirlineRatings.com වෙබ් අඩවියට අනුව 2018 වසරේදී ආරක්ෂාව සඳහා single star හෙවත් එක් තරුවක් පමණක් හිමි කරගෙන ඇති ගුවන් සේවාවන් ලෙස උතුරු කොරියාවේ Air Koryo, දකුණු ඇමෙරිකාවේ Suriname හි Bluewing Airlines, ඉන්දුනීසියාවේ Trigana Air Service, නේපාලයේ Buddha Air, Nepal Airlines, Tara Air, සහ Yeti Airlines වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය (Spring) ගැන රසවත් තොරතුරු. (SBS සිංහල/වීඩියෝ)