ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ලෝකයේ හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි.
ඔස්ට්‍රේලියාවේ සමස්ත සංවර්ධනය, ඉහළ ගෙවීම් සහ නම්‍යශීලී සේවා පරිසර මෙන්ම සේවකයින්ගේ අයිතීන් සුරැකීමට ඇති නීති සහ නීතිමය සංවිධාන ව්‍යුහයන්ගේ ක්‍රියාශීලිත්වය හේතුවෙන් බොහෝ විදේශ ශ්‍රමිකයින්ගේ ජනප්‍රියම තෝතැන්නක් බවට ඔස්ට්‍රේලියාව මේ වන විට පත්වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සෑම එකක්ම පාහේ මේ වන විට තරගකාරී ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්වී හමාරය.
නමුත් ඒ අතරින් පහත සඳහන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5 රැකියා කිරීමට වඩාත් හොඳම නගර ලෙස පසුගිය වසර කිහිපය තුළ සිදු කළ සමීක්ෂණ දත්ත ඇසුරින් ඔස්ට්‍රේලියානු රැකියා වාර්තාව පෙන්වා දෙයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
05. Hobart
ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ අගනුවර ලෙස Hobart හැඳින්වේ.
ඇන්ටාර්ක්ටික් මහද්වීපයට ගමන් කරන කෘස් නාවික ගමන් වල ජනප්‍රියතම පිටත්වීමේ පර්යන්තයක් ලෙසද Hobart නගරය ප්‍රසිද්ධය.
Hobart නුවර සේවය කරන සාමාන්‍ය සේවකයෙකුගේ වාර්ෂික සාමන්‍යය ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 52,000 ක් ලෙස වාර්තා වන අතර විරැකියා ප්‍රතිශතය 6.4% කි.
ටස්මේනියාවේ මුල්‍ය හා පරිපාලන මධ්‍යස්ථානය ලෙසද Hobart නුවර හැඳින්වේ.
එමෙන්ම ගොවිතැන, වයින් කර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත සඳහාද Hobart නුවර ප්‍රසිද්ධියක් උසුලයි.

Hobart City Source: Flickr
04. Brisbane
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර ලෙස Brisbane හැඳින්වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයට අනුව මෙය ඔස්ට්‍රේලියාවේ ජනගහනය අධිකම නගර අතරින් තුන්වන තැන ගනී.
Brisbane නුවර සේවය කරන සාමාන්‍ය සේවකයෙකුගේ වාර්ෂික සාමන්‍යය ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 59,500 ක් ලෙස වාර්තා වන අතර විරැකියා ප්‍රතිශතය 7% කි.
වසරේ වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණීයම සහ මනරම්ම කාලගුණය පවතින්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වීම හේතුවෙන් එහි සේවය කරන හෝ පදිංචි බොහෝ පිරිස් Brisbane නගරය අත හැර යන්නේ කලාතුරකිනි.
එමෙන්ම ව්‍යාපාරික කටයුතු අතින් මේ වන විට ඔස්ට්‍රේලියාවේ වඩා වැදගත් නගරයක් ලෙස Brisbane නගරය ඉදිරියට පැමිණෙමින් පවතියි.

Brisbane City Source: Flickr
03. Melbourne
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන නගරය ලෙස හැඳින්වෙන Melbourne නුවර ඔස්ට්‍රේලියාව තරම්ම ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇත.
ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස 2011 වසරේ පටන් නොකඩවා 7 වරක් කිරුළු පළඳින්නට Melbourne නුවර සමත් වූ අතර මේ වසරේදී පමණක් එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය.
ලෝකයේ පවතින හොඳම රැකියා වෙළෙඳ පොළවල් අතරින් එකක් ලෙස Melbourne හැඳින්වේ.
Melbourne නුවර සේවය කරන සාමාන්‍ය සේවකයෙකුගේ වාර්ෂික සාමන්‍යය ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 60,622 ක් ලෙස වාර්තා වන අතර විරැකියා ප්‍රතිශතය 5.6% කි.
තොරතුරු තාක්ෂණය, මුල්‍ය, ඉදිකිරීම්, අධ්‍යාපන හා ළමා සුරැකුම්, සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැනි ක්ෂේත්‍ර Melbourne නුවර ප්රමුඛ පෙළේ රැකියා පවතින ක්ෂේත්‍ර වේ.
ගෝලීය මුල්‍ය මධ්‍යස්ථාන දර්ශකයේ 12 වන ස්ථානය දිනාගැනීමට ද Melbourne නුවර සමත්වී තිබේ.

Melbourne City Source: Flickr
02. Canberra
ඔස්ට්‍රේලියාවේ මෙන්ම Australian Capital Territory හි අගනුවර ලෙස Canberra නුවර හැඳින්වේ.
Canberra නුවර සේවය කරන සාමාන්‍ය සේවකයෙකුගේ වාර්ෂික සාමන්‍යය ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 62,015 ක් ලෙස වාර්තා වන අතර විරැකියා ප්‍රතිශතය 3.7% කි.
Retail Store Manager, Executive Assistant, සහ Management Consultant වැනි රැකියා Canberra නුවර ජනප්‍රියතම රැකියා ලෙස හැඳින්වෙන අතර ඒ රැකියා සඳහා වාර්ෂික වැටුප් $50,925 - $84,966 අතර වේ.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය අඩුම අගය වාර්තා වන්නේ ද Australian Capital Territory වලිනි.

Canberra City Source: AAP
01. Sydney
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර ලෙස Sydney නුවර හැඳින්වේ.
ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ නගරය ලෙසද හැඳින්වෙන Sydney නුවර සංචාරක පාරාදීසයක් ලෙසද වඩාත් ජනප්‍රියය.
Sydney නුවර සේවය කරන සාමාන්‍ය සේවකයෙකුගේ වාර්ෂික සාමන්‍යය ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 66,532 ක් ලෙස වාර්තා වන අතර විරැකියා ප්‍රතිශතය 6% කි.
Accountant, Account Manager, සහ Operations Manager යන රැකියා Sydney නුවර අතිශය ජනප්‍රියම රැකියා වන අතර ඒවායේ වාර්ෂික ආදායම $58,946 - $84,572 අතර වේ.
එමෙන්ම තොරතුරු තාක්ෂණය, මුල්‍ය සේවා සහ බැංකු යන ක්ෂේත්‍ර Sydney නුවර ජනප්‍රියම සහ ප්‍රසිද්ධ රැකියා ක්ෂේත්‍ර වේ.
ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් සමස්ත ලකුණු 97.4% ක් ලබා මෙවර දර්ශකයේ 5 වන ස්ථානය ලබා ගැනීමට Sydney නුවර සමත් වී තිබේ.
--------------------------------------------------------------------------------------------------------

Sydney City Source: AAP
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------