2019 නව අවුරුදු උදාව සැමරීමට ඔස්ට්‍රේලියාව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි.
සෑම වසරකම පාහේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල අද (31/12) රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන සඳහා ඒවායේ සංවිධායකයින් මේ වන විටත් එම කටයුතු අවසාන කරමින් පසුවෙයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ දැවැන්තම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සහ ලොව ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් සිඩ්නි නුවර වරාය පාලම ආශ්රිත ගිනි කෙළි සංදර්ශනය මෙවර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම ගිනි කෙළි සංදර්ශනය ලෙස වාර්තා තබන බව එහි සංවිධාකයින් පවසයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ විශාලත්වය අතින් දෙවැනි තැන ගන්නා මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය ද මෙවර මෙල්බර්න් ඉතිහාසයේ විශාලතම සහ සුවිශේෂීතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය වන බවත් වාර්තා වේ.
මෙල්බර්න් සහ සිඩ්නි නගර වලට අමතරව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වලද පැවැත්වෙන අද (31/12) රාත්‍රියේ ගිනි කෙළි සංදර්ශන පැවැත්වෙන බව සඳහන්.
එක් එක් ප්‍රධාන නගර වල අද රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: AAP
සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය
ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ගිනි කෙළි සංදර්ශනය සහ ලොව ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් සිඩ්නි නුවර වරාය පාලම ආශ්රිත ගිනි කෙළි සංදර්ශනය මෙවර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම ගිනි කෙළි සංදර්ශනය ලෙස වාර්තා තැබීමට නියමිත බව එහි සංවිධාකයින් පවසයි.
ලොව වැඩිම පිරිසක් සජීවීව හා රූපවාහිනී මාධ්‍යයෙන් නරඹන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙසින්ද සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය ප්‍රසිද්ධියක් උසුලයි.
සෑම වසරකම සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය කුමන හෝ තේමාවක් යටතේ පැවැත්වෙන අතර මෙවර තේමාව පසුගිය අගෝස්තු මාසයේ අභාවප්‍රාප්ත ලෝක ප්‍රකට ඇමෙරිකානු ගායිකාවක් වන Aretha Franklin හට උපාහාර කිරීමක් ලෙස වෙන් කෙරෙන බව වාර්තා වේ.
ප්‍රධාන මල් වෙඩි සංදර්ශනය සඳහා ටොන් 8.5 ක ගිනි කෙළි යොදා ගැනෙයි.
ඊට අමතරව තනි තනිව නිකුත් කෙරෙන මල් වෙඩි 100,000 කින්ද උල්කාපාත වැනි මල් වෙඩි 35,000 කින්ද මෙවර සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සැරසේ.
මේ සඳහා වැයවන මුළු පිරිවැය ඩොලර් මිලියන 5.78 ක් බව සඳහන්.
මිලියනකයට අධික ජනකායක් මෙය නැරඹීම සඳහා සිඩ්නි නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Source: SBS
නැරඹිය හැකි ස්ථාන
සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නොමිලයේ නැරඹීම සඳහා සිඩ්නි නගර සභාව පහත සඳහන් ප්‍රධාන ස්ථාන 4 සාමාන්‍ය ජනතාවට සකස් කර තිබේ.
- Bradfield Park
- Mrs Macquaries Point
- Pirrama Park
- Sydney Opera House
අද රාත්‍රී 8 සිට හෙට අලුයම 2 දක්වා මේ ස්ථාන විවෘතව පවතියි.

Source: AAP
මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සඳහා මෙල්බර්න් නගර මධ්‍යයේ ගොඩනැගිලි 22 කින් ගිනි කෙළි නිකුත් කිරීමට නියමිතය.
ටොන් 14 ක ගිනි කෙළි රැගත් මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සඳහා ඩොලර් 234,000 ක පිරිවැයක් වැයවන බව වාර්තා වේ.
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙල්බර්න් නගරයේ වර්ග කිලෝ මීටර් 7 ක් පමණ ආවරණය වන පරිදි සකස් කර ඇති අතර 350,000 අධික ජනකායක් මෙය නැරඹීම සඳහා මෙල්බර්න් නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Source: Flickr
නැරඹිය හැකි ස්ථාන
මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නැරඹීම සඳහා මෙල්බර්න් නගර සභාව පහත සඳහන් ප්‍රධාන ස්ථාන 4 සාමාන්‍ය ජනතාවට සකස් කර තිබේ.
- King's Domain
- Treasury Gardens
- Docklands
- Flagstaff Gardens
අද රාත්‍රී 9 සිට හෙට අලුයම 1 දක්වා මේ ස්ථාන විවෘතව පවතියි.
ඒවායේ සජීවී සංගීත ප්‍රසංග, විවිධ විනෝදාංග සහ ආහාර පාන පහසුකම් ද සපයා තිබේ.
මෙම සියලු නැරඹීමේ පරිශ්‍ර මත් පැන් වලින් තොරවන බවත් ඒවායේ යමෙකු මත් පැන් පානය කළ හසුවුවහොත් දඩ මුදල් පැනවීමට කටයුතු යොදන බවත් මෙල්බර්න් නගර සභාව පවසයි.

Source: AAP
නැරඹිය හැකි සෙසු ස්ථාන
මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය නැරඹිය හැකි තවත් ස්ථාන කිහිපයක් මෙල්බර්න් නගර සභාව ජනතාවට දැනුම් දෙයි.
ඒවා පහත පරිදි වේ.
- Yarra Boulevard, Kew
- Federation Square
- Ruckers Hill, Northcote
- Green Point, Brighton Beach
- The Strand, Williamstown
- Mount Dandenong
- Albert Park, Albert Park
- Point Ormond, Elwood

Source: AAP
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයේ සුවිශේෂීතා
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය ඉතිහාසයේ පෙර නොවූ විරු අයුරින් පහත සඳහන් සුවිශේෂීතාවලින් සමන්විත වේ.
- Flying Dragons: මකරෙකු අහසට පියාඹන විලසින් මෙම මල් වෙඩි පුපුරනු ලැබේ.
- Crackling Dragon Eggs: බිත්තර හැඩති මල් වෙඩි ඉහළ අහසේ පිපිරීමට ඉඩ සලසා තිබේ.
- Spider Shells: කකුල් 8 ක් සහිත මකුළුවෙකු විලස මෙම මල් වෙඩි ඉහළ අහසේ විසිරෙයි.
- Rainbow Fans: දේදුණු වර්ණ වලින් සමන්විත අවානක් ලෙසින් මෙම මල් වෙඩි ඉහළ අහසේ විසිරෙයි.
- Saturn Rings: මධ්‍ය ලක්ෂ්‍යයක් වටා විහිදුණු පරිවාර වළලු ලෙස මෙම මල් වෙඩි ඉහළ අහසේ විසිරෙයි.

Fireworks go off at midnight to celebrate New Year's Eve in Melbourne, Thursday, Jan. 1, 2015. (AAP Image/David Crosling) NO ARCHIVING Source: AAP
ක්වීන්ස්ලන්තය
බ්‍රිස්බන් නුවර South Bank පරිශ්‍රයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන නව අවුරුදු ගිනි කෙලි සංදර්ශනය අද රාත්රියේදී පැවැත්වේ.
85,000 ක පමණ ජනකායක් මෙය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බ්‍රිස්බන් ගංගාවේ Victoria සහ Goodwill පාලම් අතර මෙම ගිනි කෙලි සංදර්ශනය සංවිධානය කර තිබේ.
දකුණු ඔස්ට්‍රේලියාව
දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය Adelaide Oval ක්‍රීඩාංගනය ආශ්‍රිතව මෙවරත් සුපුරුදු පරිදි පැවැත්වේ.
ඇඩිලේඩ් Elder Park සහ ඇඩිලේඩ් Riverbank පරිශ්‍ර වලදී මෙය සජීවීව නැරඹීමට ජනතාවට පහසුකම් සලසා තිබේ.

Source: Flickr
බටහිර ඔස්ට්‍රේලියාව
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය පර්ත් නුවර SWAN ගංගාව ආශ්‍රිතව පැවැත්වේ.
නැරඹිය හැකි ස්ථාන
පර්ත් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නැරඹීම සඳහා පහත සඳහන් ප්‍රධාන ස්ථාන සාමාන්‍ය ජනතාවට සකස් කර තිබේ.
- Applecross
- Cannington
- City Beach
- Crown
- Gloucester Park
- Mandurah
- Mindarie
- Rockingham
- Rottnest Island

fireworks Source: SBS
Australian Capital Territory
Australian Capital Territory හි ප්‍රධාන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය කැන්බරා නුවර Civic Square ආශ්‍රිතව පැවැත්වේ.
අද රාත්‍රී 9 සිට එම ස්ථානය ජනතාවට විවෘතව පවතී.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------