පසුගිය ජූලි 01 වන දිනෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන නව රැකියා ලැයිස්තු ද්විත්වය මේ වන විට ප්‍රකාශ කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි මෙම නව රැකියා ලැයිස්තු පිබඳව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ වාර්තා කර ඇත.

Source: Flickr
State Nominated Occupation List (SNOL)
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිපුණතා සංක්‍රමණික වැඩසටහන (General Skilled Migration program) යටතේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ නිර්දේශිත වීසා වැඩසටහනට (state nomination in South Australia) අයදුම් කිරීමට SNOL හරහා සිදුකළ හැකිය.
ඒ සඳහා ඔබගේ නිපුණතාවට ගැලපෙන වෘත්තියක් මෙම ලැයිස්තුවේ අඩංගු විය යුතුය.
මෙම රැකියා ලැයිස්තුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උපාධිධාරීන් ඇතුළුව සියලු අයදුම්කරුවන් සඳහා විවෘත වේ.
SNOL ලයිස්තුවේ රැකියා 275 ක් මෙවර අඩංගු කර තිබේ.
Supplementary Skilled List (SSL)
SNOL රැකියා ලැයිස්තුවේ අඩංගු නොවන වෘත්තීන් SSL රැකියා ලැයිස්තුවේ අඩංගු කර ඇත.
මේ සඳහා අයදුම් කිරීමට ඔබ සුදුසුකම් ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ අමතර සුදුසුකම් සැපිරීමෙන් පමණක් බවද ප්‍රාන්ත රජය වාර්තා කරයි.
මෙවර SSL ලයිස්තුවේ රැකියා 223 ක් අඩංගු කර තිබේ.
Read & Watch More

ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)