පසුගිය සෙනසුරාදා (24/11) පැවති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලින් කම්කරු පක්ෂය දැවන්ත ජයක් අත් කරගෙන සිටියි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නැවතත් වසර 4 කට කම්කරු පක්ෂයට හිමිවන අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හිටපු ප්‍රාන්ත අගමැති Daniel Andrews නැවතත් ප්‍රාන්ත අගමැති ලෙස තේරී පත්වී ඇත.
මැතිවරණයට පෙර සිටම කම්කරු පක්ෂය ලබා දුන් පොරොන්දු සහ ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති වලට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන ක්ෂේත්‍ර සෑම එකකම පාහේ විශාල සංවර්ධන කටයුතු සිදු කරන බවට දැනුම් දුන්නේය.
ඒ අනුව කම්කරු පක්ෂ රජය යටතේ ඔවුන් ලබා දුන් පොරොන්දු අනුව ඉදිරියේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ සිදුවන වෙනස පහත පරිදි වේ.

Premier Daniel Andrews and his government will embark on a multi-billion dollar infrastructure blitz. Source: AAP
මහා මාර්ග සහ යටිතල පහසුකම්
Eastern Freeway මාර්ගය සහ Metropolitan Ring Road මාර්ගය එකට එක් කරමින් North East Link toll මාර්ගය ඉදි කිරීම.
දුම්රිය ස්ථාන ආශ්රිත රථ ගාල් වල වාහන නවතා තැබීමේ ස්ථාන 11,000 ක් අලුතින් ඉදි කිරීම.
වසර 2022 වන විට West Gate උමග ඉදිකර අවසන් කිරීම.
West Gate Freeway මාර්ගයට අමතර මංතීරු 4ක් එක් කිරීම.

North East Link Source: AAP
ගමනාගමන
Southern Cross දුම්රිය ස්ථානයේ සිට මෙල්බර්න් ගුවන් තොටුපොළට නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම.
මෙල්බර්න් කලාපයේ උප නගර බහුතරයක් යා කරමින් Suburban Rail Loop දුම්රිය මාර්ගය ඉදි කිරීම.
මහා මාර්ග හරහා ඇති තවත් දුම්රිය මාර්ග 25 ක් ඉවත් කිරීම. (Remove Level Crossing)
ක්රැන්බර්න් දුම්රිය මාර්ගය Clyde දක්වා දීර්ග කිරීම.

Source: Metro
සෞඛ්‍ය
නව ශල්‍යාගාර 2ක් සහ නව ඇඳන් 130 ක් සමග Frankston රෝහල නවීකරණය කිරීම.
ඩොලර් බිලියන 1.5ක පිරිවැයකින් යුක්ත නව රෝහලක් Footscray ප්‍රදේශයේ ඉදි කිරීම.
ඩොලර් මිලියන 31.4ක් වැයකර Royal Children's රෝහල විශාල කිරීම.
වික්ටෝරියානු ප්‍රාන්තයේ රජයේ [පාසල් දරුවන්ට නොමිලයේ දන්ත සුරැකුම් සේවාවන් ලබා දීම.
වික්ටෝරියානු ප්‍රාදේශීය ප්‍රදේශ වලට විශේෂඥ සෞඛ්‍ය නිලධාරීන් ලක්ෂ 5 ක් අනියුක්ත කිරීම.

Source: Getty Images
අධ්‍යාපන
ඉදිරි වසර 8 ඇතුළත නව පාසල් 100 ක් ඉදි කිරීම.
ස්වාධීන සහ කතෝලික පාසල් වල ගොඩනැගිලි අරමුදල සඳහා ඩොලර් මිලියන 400 ක් වෙන් කිරීම.
ලිංගික සංක්‍රාන්තික සිසුන් හට සහය සලසන Safe Schools වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යාම.

Source: AAP
ප්‍රාදේශීය සංවර්ධනය
බැලරාට් ප්‍රදේශයේ මාර්ග සංවර්ධනයට ඩොලර් මිලියන 58.6 ක් වෙන් කිරීම.
සූර්ය පැනල ඉදි කරන Solar victoria, Latrobe නිම්නයට ගෙන යාම.
වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ඇති මූලික කඳවුරු බිම් 500 ක ගාස්තු අහෝසි කිරීම.

Source: Getty Images
නීතිය හා සාමය
මෙල්බර්න් නුවර ආරක්ෂාව තර කිරීම.
පැය 24 පුරාම ක්‍රියාත්මක වන පොලිස් ස්ථාන වල විමසීම් කවුළුවේ අවම වශයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයේ යෙදවීම.
අඩු වැටුප් ගෙවීම අපරාධයක් බවට පත් කිරීම.

Source: AAP
බලශක්ති
නිවාස ලක්ෂ 7 කට සූර්ය පැනල 50% ක වට්ටමක් සහිතව ලබා දීම.
නිත්‍ය බදු කප්පාදු කර ගෘහස්ථ බලශක්ති බිල් අඩු කිරීමට පියවර ගැනීම.
වැරදීමෙන් පාරිභෝගිකයින්ගේ බලශක්තිය විසන්ධි කළ සමාගම් වෙත පනවන දඩ මුදල දෙගුණ කිරීම.

Source: AAP
පාරිසරික
වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්කය 50% කරා යාම.
සැහැල්ලු ප්ලාස්ටික් බෑග් සිල්ලර වෙළෙඳ සැල් වලින්, ආහාර සැල් වලින් සහ කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළෙඳ සැල් වලින් තහනම් කිරීම.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”