රටකින් තවත් රටකට පැමිණීමට සහ ඒ රටේ නීත්‍යානුකූලව රැදී සිටීමට වීසා බලපත්‍ර අවශ්‍ය වේ.
තමන්ට වඩාත් යහපත් සහ සුවපහසු දිවියක් ගත කිරීමට තුන්වන ලෝකයේ බොහෝ රටවල මිනිසුන් පළමු පන්තියේ රටවලට යාමට උත්සාහ දරයි.
තමන්ගේ වීසා අවසන් වුවද ඇතැම් දෙනා ඒ රටවල අනවසරයෙන් පවා රැදී සිටින්නේ ඇතැම්විට තම ජීවිතයේ අනාගතය ගැන පවා නොසිතමිනි.
ඔස්ට්‍රේලියාවද එවැනි රටකට කදිම නිදසුනකි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පළ කළ වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාව තුළ වීසා කල් ඉකුත්වූ 64,000 ක පිරිසක් නීත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටින බව වාර්තා විය.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
Christopher Levingstone යනු වසර ගණනාවක් ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ ආගමන කටයුතු පිළිබඳ නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.
ඔහු 1990 වසරේදී ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉවත්වූ අතර ඒ වන විටත් ඔහු වීසා කල් ඉකුත්වූ සිය ගණනක් නීතියේ රැහැනට හසු කරගැනීමට සමත් වී තිබේ.
නමුත් දැන් ඔහු එලෙස වීසා කල් ඉකුත්වී අසරණ වූ පුදගලයින් හට උපකාර කරන සංක්‍රමණ නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් සිටියි.
නීතියට හසුවීම
ඔස්ට්‍රේලියාව තුළ වීසා කල් ඉකුත්වූ 64,000 ක පමණ පිරිසක් නීත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටින බව 2017 දී වාර්තා වූ අතර ඔවුන්ගෙන් 15,885 ක් බලධාරීන්ට කොටු කරගැනීමට හැකියාව ලැබුණු බවද වාර්තා වේ.
මෙලෙස වීසා කල් ඉකුත්වී අනවසරයෙන් ඔස්ට්‍රේලියාවේ රැදී සිට නීතියේ රැහැනට හසුවූ විට පහත ක්‍රියා මාර්ග වලට මුහුණ දීමට සිදුවන බව බලධාරීන් පවසයි.
- රඳවා තබා ගැනීම.
- පිටුවහල් කිරීම.
- වසර 3 ක අවම කාලයකට යටත්ව ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීම තහනම් කිරීම.
මෙවැනි පුද්ගලයින්ව හසු කරගැනීමට යාමේදී තමන් හට විවිධ අත්දැකීම් සඳහා මුහුණ දීමට සිදුවූ බව Christopher Levingstone පවසයි.
"දිනක් වීසා කල් ඉකුත්වූ පිලිපීන ජාතික කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් පුද්ගලයෙකු බියවී එතැන් තිබූ ජනේලයකින් එලියට පැන්නා. ඔහුට ගොඩාක් තුවාල සිදුවුණා. වාසනාවකට ඔහු මිය ගියේ නැහැ." යනුවෙන් Levingstone ඔහුට අමතක නොවන එක් සිදුවීමක් SBS පුවත් සේවය සමග විස්තර කළේය.

Source: SBS
කල් ඉකුත්වූ වීසා ඇති පුද්ගලයින් පිළිබඳ දැනගැනීම
ඔස්ට්‍රේලියාව තුළ වීසා පරීක්ෂා කිරීම ඉතා දුලබ ලෙස සිදුවන අතර එවැනි අවස්තාවන් හිදී කල් ඉකුත්වූ වීසා ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුවන බව සංක්‍රමණ නීතිඥයෙකු ලෙස කටයුතු කරන Christopher Levingstone පවසයි.
නමුත් අත්අඩංගුවට ගන්නා කල් ඉකුත්වූ වීසා ඇති පුද්ගලයින් පිළිබඳ 99% කම තොරතුරු ලබා දෙන්නේ සමාජයේ වෙසෙන පුද්ගලයින් බව ඔහු පෙන්වා දෙයි.
ලිංගිකත්වය, මුදල් සහ වෛරය එවැනි ඔත්තු දීමට ප්‍රධානතම කරුණු බව හඳුනාගෙන තිබේ.
"වීසා කල් ඉකුත්වූ කෙනෙක් තමන්ට යම් කිසි මුදලක් ණය වී ඇත්නම් ඔහු එම ණය ලබා නොදෙන තත්ත්වයක් පවතී නම් ඔහු හෝ ඇය පිළිබඳ ඔත්තුවක් දීම, වීසා කල් ඉකුත්වූ කෙනෙක් පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධයකට තමන් හෝ තමන්ගේ කෙනෙකු අකමැතිනම් ඔහු හෝ ඇය පිළිබඳ ඔත්තුවක් දීම හෝ කල් ඉකුත්වූ වීසා සහිත පුද්ගලයින්ට දඬුවම් කිරීමේ අරමුණින් ඔහු හෝ ඇය පිළිබඳ ඔත්තුවක් දීම බහුලව කෙරෙනවා" යනුවෙන් Levingstone පැහැදිලි කළේය.

Source: Department of Home Affairs
විකල්ප සීමිතයි.
නීත්‍යානුකූල ලෙස ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම වෙනුවට නීත්‍යානුකූල නොවන ලෙස ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමේදී පවතින විකල්ප සීමිත බව සංක්‍රමණ නීතිඥයෙකු ලෙස කටයුතු කරන Christopher Levingstone පවසයි.
"උදාහරණයක් විදියට ගත්තොත්...රටක ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි. මුදල් උපයන විට බැංකු ගිණුමක් අවශ්‍යයි. ඔස්ට්‍රේලියාව තුළ බැංකු ගිණුමක් විවෘත කිරීමට ලකණු 100 ක් අවශ්‍යයි. එම ලකුණු 100 ලබා ගන්න යාමේදී නීත්‍යානුකූල වීසා එකක් අවශ්‍යයි. නීත්‍යානුකූල වීසා නොමැතිනම් එතනදී කොහොමත් හසුවෙනවා." යනුවෙන් Levingstone පැහැදිලි කළේය.
සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
ඔස්ට්‍රේලියාව තුළ වීසා කල් ඉකුත්වී සිටින පුද්ගලයින් රටින් පිටව යාම හෝ Status Resolution Service මගින් තමන්ගේ වීසා තත්ත්වයට විසඳුමක් ලබා ගැනීම හෝ වහාම කළ යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව SBS පුවත් සේවයට පැවසීය.
එසේ නොකරන පුද්ගලයින්ව රටින් නෙරපීම හෝ රඳවා තැබීම සිදු කරන බව ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසීය.
එලෙස රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති පුද්ගලයෙකු හට නැවත නිදහස ලැබීමේ ඉඩකඩ ඉතා සීමිත බවද Levingstone පැහැදිලි කළේය.
වැඩි විස්තර
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

2017 වසරේදී මෙල්බන් නුවර ආකර්ෂණීයම ස්ථාන 5. (SBS සිංහල/වීඩියෝ)