අප්‍රේල් 18 වන දින ලෝක උරුම දිනය ලෙස නම් කර තිබේ. ලෝක උරුමයන් නම් කරන සහ ලෝක උරුමයන් පිළිබඳ තීන්දු ගන්නා යුනෙස්කෝ සංවිධානය සෑම රටකම පාහේ ඈති ලෝක උරුමයන් පිළිබඳ ලැයිස්තු සකස් කොට ඒවා ප්‍රකාශයට පත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල පිහිටා ඇති ප්‍රධාන ලෝක උරුමයන් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ඒවායේ ඇතැම් ස්ථාන පාරිසරික බව නිසාත් ඇතැම් ස්ථාන සංස්කෘතිකමය වටිනාකම නිසාත් ලෝක උරුමයන් බවට පත්වී ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Greater Blue Mountains Area
ඔස්ට්‍රේලියාවේ බහුලව දැකිය හැකි eucalyptus ශාඛ වල විශේෂ ගණනාවක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබීම Greater Blue Mountains ප්‍රදේශය පාරිසරික බැවින් ලෝක උරුමයක් බවට නම් කිරීමට හේතුවී ඇත.
මෙය 2000 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.

Source: Wikipedia
Lord Howe Island Group
වසර මිලියන 7 ක් පමණ පැරණි වූ වැසුණු ගිනි කන්දක් ඇති මෙම දූපත ඒක දේශීය ගණනාවකට නිවහනක් සපයයි.
1982 වසරේදී මෙය පාරිසරික වටිනාකම හේතුවෙන් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.

Source: Wikipedia
Sydney Opera House
1973 වසරේදී විවෘත කළ මෙම ලෝක ප්‍රකට රඟහලේ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන්ම එය වසර 2007 දී සංස්කෘතිමය අතින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.

Source: Wikipedia
නොදර්න් ටෙරිටරි
Kakadu National Park
Kakadu ජාතික උද්‍යානයේ පිහිටි Kakadu තෙත් බිම හේතුවෙන් මෙය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
Kakadu ජාතික උද්‍යානයෙන් තුනෙන් එකක ප්‍රදේශයක් පුරාම පැතිරී ඇත්තේ මෙම Kakadu තෙත් බිම් කලාපය වේ.
මෙම භූමියේ වසර 40,000 කට පමණ පෙර සිටම මිනිසුන් වාසය කළ බවට සාක්ෂි ලැබී තිබේ.
Kakadu ජාතික උද්‍යානය සංස්කෘතිමය අතින් මෙන්ම පාරිසරික අතින්ද ලෝක උරුමයක් ලෙසට පත් කෙරුණේ 1981 වසරේදීය.

Source: Wikipedia
Uluṟu-Kata Tjuṯa National Park
ඇබෝර්ජීනියානු වැසියන්ගේ පූජනීය භූමියක් වූ මෙය Uluṟu සහ KataTjuṯa යන කඳු හේතුවෙන් සුවිශේෂී තැනක් ගනී.
Uluṟu හිදී වසර 10,000 කට වඩා පැරණි ලෙන් චිත්රද හමුවී ඇත.
මෙය 1987 වසරේදී සංස්කෘතිමය අතින් මෙන්ම පාරිසරික අතින්ද ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: SBS
ක්වීන්ස්ලන්තය
Fraser Island
ලෝකයේ විශාලතම වැලි දූපත ලෙස මෙම Fraser Island හැඳින්වේ.
වසර 750,000 ක පටන් මෙහි වැලි එකතු වන බව පැවසේ.
මෙහි පිරිසිදු ජලය සහිත වැව් 100 ක් පමණ ඇති අතර වැලි මත ලෝකයේ පැල කෙරුණු ප්‍රථම වැසි වනාන්තරය ද ඇත්තේ මෙහි බව සඳහන්.
මෙය 1992 වසරේදී පාරිසරික අතින් මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
Great Barrier Reef
වෙන් වෙන්වූ කොරල් පර 2900 කින් පමණ සැදුම් ලත් මෙය ලොව විශාලතම කොරල් පරය ලෙස හැඳින්වේ.
විවිධ වර්ගයේ කොරල් විශේෂ 400 ක් පමණක් මෙහි අඩංගු වන අතර 1981 වසරේදී පාරිසරික අතින් මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
Australian Fossil Mammal Sites
ක්වීන්ස්ලන්තය සහ දකුණු ඔස්ට්‍රේලියාවට අයත් සහ යන ෆොසිල කලාප ද්විත්වය ලොව පවතින හොඳම ෆොසිල කලාප 10 අතරට ගැනේ.
ක්ෂීරපායින්ගේ ඉතිහාසය සහ පරිණාමය පිළිබඳ බොහෝ කරුණු මෙම ප්‍රදේශ වලින් හෙළිවී ඇති අතර 1992 වසරේදී මේවා ලෝක උරුමයන් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
ටස්මේනියාව
Macquarie Island
මුහුදු මට්ටමට ඉහළින් පෘථිවියේ පිට කබල දිස්වන ලොව ඇති එකම ස්ථානය මෙය ලෙස වාර්තා වන අතර භූගෝලීය ලෙස ඇති සුවිශේෂී ලක්ෂණය හේතුවෙන් මෙය 1997 වසරේදී ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
Tasmanian Wilderness
ලොව අවසාන සමෝෂ්ණ වනාන්තර වලින් එකක් ලෙස හැඳින්වෙන මෙය ටස්මේනියාවෙන් 20% ක් පමණ වසාගෙන පවතී.
මෙයට ලඟා වීම ඉතා දුෂ්කර බව පැවසෙන අතර 1982 දී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
වික්ටෝරියා
Royal Exhibition Building සහ Carlton Gardens
1880 වසරේදී පැවැත්වූ World's Fair සඳහා මෙම ප්‍රදර්ශන ගොඩනැගිල්ල ඉදිකළ අතර 19 වන සියවසේ ලොව ඉදිවූ අවසාන ප්‍රදර්ශන ගොඩනැගිලි වලින් එකක් ලෙස මෙය හැඳින්වේ.
අද්විතීය ගෘහ නිර්මාණ ශිල්ප දැකිය හැකි මෙම ගොඩනැගිල්ලට යාබඳව පිහිටි Carlton උද්‍යානය වික්ටෝරියානු යුගයේ පැවති වතු සැලසුම් වලට ජීවමාන සාක්ෂියකි.
වික්ටෝරියානු ප්‍රාන්තයටම ආවේණික වූ ශාඛ විශේෂ කිහිපයකටම මෙය නිවහනක් වී තිබේ.
2004 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.

Source: Wikipedia
බටහිර ඔස්ට්‍රේලියාව
Shark Bay
ලොව ඇති විශාලතම සහ සාරවත්ම seagrass දෙනි මෙහි පිහිටා ඇත.
වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති dugongs හෙවත් මුහුදු ගවයින් හට මෙම ප්‍රදේශය නිවහනක් වී ඇත.
1991 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
--------------------------------------------------------------------------------------------------------

Shark Bay Source: Wikipedia
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------