ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයට බලය හිමි මැතිවරණ ආසන වල පිහිටි උප නගර වල නිවාස මිල පසුගිය වසරේදී කැපී පෙනෙන ලෙස පහත බැස ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
එහිදී ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර තීරයට යාබද කලාප වල පිහිටි උප නගර වල නිවාස මිලෙහි දරුණු කඩාවැටීමක් සිදුවී ඇති බව ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රසිද්ධ ආයතනයක් සහ වෙබ් අඩවියක් වන Domain සඳහන් කරයි.

Source: AAP
නිවාස මිල කැපී පෙනෙන ලෙස කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ මිල ගණන් සම්බන්ධ Domain විසින් සංවිධානය කළ සමීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ 20 ක් හඳුනාගෙන තිබේ.
එයින් 11 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අයත් වන අතර 9 ක් වික්ටෝරියානු ප්‍රාන්තයට අයත් වීම සුවිශේෂී සිදුවීමකි.
මේ අතර ලිබරල් සන්ධානය බලය හොබවන ඡන්ද බල ප්‍රදේශ වල පිහිටි උප නගර වල නිවාස මිල කඩා වැටීමේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව ඔවුන් වාර්තා කරයි.
එමෙන්ම දකුණු දිග මෙල්බර්න් කලාපයේ කම්කරු පක්ෂයේ බල කණුවක් වන Macnamara වලද පසුගිය වසරේ නිවාස මිල කඩා වැටීමේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
Macnamara යනු ආර්ථික වශයෙන් ඉතා ශක්තිමත් කලාපයක් වන අතර 2018 වන තෙක්ම එය හැඳින්වුයේ Melbourne Ports යන නමිනි.
Albert Park, Caulfield, South Melbourne සහ St Kilda යන උප නගර ද ඊට ඇතුළත් වේ.
එම කලාපයේ මධ්‍යන නිවාස මිල $1,200,000 ක් පමණ වන අතර එහි පදිංචිකරුවන්ගේ සතියක සාමාන්‍ය ආදායම $1,866 ක් බව සඳහන්.

Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය වසර තුළ කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ පහත පරිදි වේ.

Source: SBS Sinhala
READ MORE
වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය වසර තුළ කැපී පෙනෙන ලෙස නිවාස මිල කඩා වැටුණු ඡන්ද බල ප්‍රදේශ පහත පරිදි වේ.

Source: SBS Sinhala
ශක්තිමත් ආරථික නගර වල නිවාස මිල කඩාවැටීමට හේතු
ඔස්ට්‍රේලියාවේ ආර්ථික අතින් ශක්තිමත් නගර වල නිවාස මිල කඩාවැටීමට ප්‍රධාන හේතු දෙකක එකතුවක් බලපාන බව ආර්ථික විද්‍යාඥ Shane Oliver පවසයි.
එම කලාප වල ඉල්ලුමට වඩා apartments හෙවත් තට්ටු නිවාස වල සැපයීම අධික ලෙස ඉහළ යාම සහ එම ප්‍රදේශ සම්බන්ධ නිවාස ණය මුදලක් ලබාගැනීමට ඇති අපහසුව එම සාධක ලෙස ඔහු පෙන්වා දෙයි.
නමුත් මෙම කලාප වල පසුගිය වසර 5 පුරාවටම ශක්තිමත් සහ ස්ථාවර නිවාස මිලක් පවත්වාගෙන පැමිණි බවද වාර්තා වේ.
මේ අතර පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාවට එහා ගිය මිල ගණන් බොහෝ නිවාස වලට යෙදීමෙන් පවා නිවාස වෙළෙඳ පොළ කඩා වැටීමේ තත්ත්වය තවත් වර්ධනය කිරීමට හේතුවූ බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති.

Source: SBS Sinhala