පසුගිය මුල්‍ය වර්ෂය තුළදී ඔස්ට්‍රේලියාවේ ඉදිකළ නිවාස වල ප්‍රමාණය (size) පසුගිය දශක දෙක තුළ ඉදිකළ නිවාස වල ප්‍රමාණය (size) හා සසඳන විට කුඩාම ප්‍රමණයේ නිවාස බව හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේත්රය පිළිබඳ සැලකීමේදී මෙය ඉතා සුවිශේෂී සිදුවීමක් බව පැවසේ.

Source: AAP
ප්‍රමාණයෙන් කුඩා නිවාස
2017/18 වසරේ අලුතින් ඉදිකළ නිවාසයක සාමාන්‍ය බිම් ප්‍රමාණය වර්ග මීටර් 186.3 ක් බව වාර්තා වේ.
එම අගය නිවාස සහ මහල් නිවාස (apartments) යන දෙයාකාරයේම ආකෘති සඳහා පොදු බවද පැවසේ.
ඒ අනුව 2016/17 වසර හා සසඳන විට 2017/18 වසරේ නිවාස වල ප්‍රමාණය 1.6% කින් කුඩාවී ඇති බව පෙනේ.
1996 වසරේ සිට මේ දක්වා ගත් කළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රමාණයෙන් කුඩා නිවාස ඒ අනුව 2017/18 වසරේ ඉදිවී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Source: AAP
මහල් නිවාස (apartments) වල ඉහළ යාම සහ ප්‍රමාණය කුඩා වීම.
ප්‍රමාණයෙන් කුඩා නිවාස ඉදිවීමට ප්‍රධානාතම හේතුව වැඩි වශයෙන් මහල් නිවාස (apartments) ඉදිකිරීම බව ආර්ථික විද්‍යාඥ Craig James පැවසීය.
පසුගිය වසරේ අලුතින් ඉදිකළ නිවාස වල මුළු සංඛ්‍යාව සමග ගත් කල 46% ක ප්‍රතිශතයක් මහල් නිවාස බව හෙළිවී තිබේ.
එය මීට වසර 8 කට පෙර පැවතියේ 27% ක් ලෙසිනි.

Source: AAP
ඔස්ට්‍රේලියනුවාසීන් කුඩා නිවාස වල වාසය කිරීමට හුරු වීම.
වසර 2009 දී නිවාස වල මිල ඉහළ යාමත් සමගම ඔස්ට්‍රේලියනුවාසීන් කුඩා නිවාස වල වාසය කිරීමට හුරු වීමට පටන් ගත් බව ආර්ථික විද්‍යාඥ Craig James පැවසීය.
ජීවන වියදම ඉහළ යාමත් සමගම බොහෝ මිනිසුන් සරළව දිවි ගෙවීමට හුරුවූ බව ඔහු පෙන්වා දෙයි.

Source: AAP
ප්‍රමාණයෙන් විශාලතම නිවාස ඇත්තේ කුමන ප්‍රාන්තයේද?
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන කල ප්‍රමාණයෙන් විශාලතම නිවාස ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බව හෙළිවී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාසයක සාමාන්‍ය ප්‍රමාණය වර්ග මීටර් 244.8 කි.
මෙහි දෙවැනි ස්ථානය ACT හටද තුන්වැනි සහ සිව්වැනි ස්ථාන පිළිවෙලින් බටහිර ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තය හට හිමිවී ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------