ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරි නැමීමේ නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කිරීමට යෝජිත වෙනස්කම් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පවසයි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු රජය මේ සඳහා වෙනස්කම් කිහිපයක් යෝජනා කළ වුවද ඒවා සෙනට් සභාවේදී කම්කරු පක්ෂය සහ ස්වාධීන සෙනට් සභිකයින් අතින් පරාජයට පත් විය.
රජය විසින් යෝජිත එම වෙනස්කම් ඉතා දැඩි බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම, විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්රවීනත්වය මැනීමේ පරීක්ෂණය වැනි වෙනස්කම් රජය විසින් යෝජනා කරන ලදී.
නමුත් ඉංග්‍රීසි භාෂා ප්රවීනත්වය මැනීමේ පරීක්ෂණය, විශ්ව විද්‍යාල මට්ටමේ එකක් නොවන බවත් ඔස්ට්‍රේලියානු ජන සමාජයත් සමග මුහු වීමට සහ තම අදහස් සන්නිවේදනය කිරීමට අවශ්‍ය සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඔවුන්ට තිබිය යුතු බව රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා SBS පුවත් සේවයට පැවසීය.
“ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට ප්‍රථම ඔවුන් ඉංග්‍රීසි භාෂාව සන්නිවේදනය කිරීමට දැනගත යුතුයි. මන්ද ඔස්ට්‍රේලියානු සමාජයත් සමග මුසු වීමට මෙන්ම ඔස්ට්‍රේලියානු වටිනාකම් හඳුනා ගැනීමට එමගින් ඔවුන්ට පහසු වෙන නිසා. මෙය රටේ සංවර්ධනයට මෙන්ම සංක්රමණිකයින්ගේ සුබ සිද්ධියටද ඉතා හොඳ පිටිවහලක්.” යනුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge වැඩි දුරටත් පැවසීය.
කෙසේවෙතත්, මීට පෙර රජය ඉදිරිපත් කළ යෝජනා යටතේ ඉංග්‍රීසි භාෂාව මැන බැලීම IELTS ලකුණු 6 මට්ටමේ තිබිය යුතු බවට වාර්තා වුණු නමුත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එම මට්ටම නැවත IELTS ලකුණු 5 මට්ටම දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.
මෙනිසාම මෙවර මෙම යෝජිත වෙනස්කම් සඳහා සෙනට් සාභාවේ අනුමැතිය ගැනීමට හැකි බවට ඔහු විශ්වාස කරයි.

Australian citizenship Source: SBS
සංක්‍රමණිකයින්ගෙන් 25% කට ඉංග්‍රීසි බැහැ.
මේ අතර පසුගිය මාස 7 ඇතුළත ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයකට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි බවත් සීමා සහිත ඉංග්‍රීසි දැනුමක් ඇති බවත් රජයේ දත්ත පෙන්වා දෙයි.
නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට කිසිවෙකු හෝ අපේක්ෂා කරනවානම් ඔහු හෝ ඇය හට සාමන්‍ය මට්ටමේ හෝ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතු බව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පවසයි.
එමෙන්ම ලොව විවිධ රටවල සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් පැමිණෙන බවත් මේ වන විට ඔවුන්ගෙන් ඇතැම් කණ්ඩායම් පොදු ඔස්ට්‍රේලියානු සමාජයෙන් වෙන්වී වෙනමම ජීවත් වීමට උත්සහ දරන බවත් පෙනෙන්නට තිබෙන බව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පෙන්වා දෙයි.
මේ තත්ත්වය හේතුවෙන් ඔවුන් ඔස්ට්‍රේලියානු සමාජයේ වටිනාකම් හඳුනා නොගන්නා බවත් එනිසාම මුළු මහත් සමාජයම ගැටළු රාශියකට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------