ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින්ගේ හීන වලින් ප්‍රධානතම හීනයක් වන්නේ තමන්ටම කියා නිවසක්මිලට මිලට ගැනීමය.
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ දැරිය නොහැකි මිල ගණන් හේතුවෙන් බොහෝ විට එම හීනය ටිකෙන් ටිකෙන් කල් යනවා විය හැකිය.
පොදු ප්‍රවාහන සේවා වලට යාබදව නිවසක් සොයන විට ඒවායේ මිල ගණන් සාපේක්ෂව තවත් ඉහළ මිලක් ගන්නා බව පෙනී යයි.
නමුත් පොදු ප්‍රවාහන සේවා වලට ද යාබදව ඔබ කැමති උප නගරයක පවතින සාමාන්‍ය නිවාස මිල ගණන් වලට වඩා තරමක් ලාභදායී මිලකට නිවසක් මිලට ගන්නා ක්‍රමයක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන domain වෙබ් අඩවිය සඳහන් කර තිබුණි.

Source: AAP
දුම්රිය මාර්ගයක අවසානයට සමීප ප්‍රදේශ වල ඇති නිවාස
මෙල්බර්න් කලාපයේ දුම්රිය මාර්ගයක අවසානයට සමීප ප්‍රදේශ වල ඇති නිවාස වල මිල ගණන් එම දුම්රිය මාර්ගයට යාබදව පිහිටා ඇති අනෙකුත් උප නගර වල ඇති නිවාස වලට සාපේක්ෂව තරමක අඩු මිලක් ගන්නා බව domain වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් බොහෝ දෙනා මේ පිළිබඳ එතරම් තැකීමක් නොකරන බවද පෙනී ගොස් ඇත.
ඒ අනුව බොහෝ දුම්රිය මාර්ග වල අවසාන දුම්රිය ස්ථානයට යාබදව ඇති උප නගරයේ ඔබට සාපේක්ෂව අඩු මිලටකට නිවසක් මිලට ගැනීමේ හැකියාව පවතියි.
උදාහරණයක් ලෙස Werribee දුම්රිය මාර්ගයේ අවසානයට සමීපව ඇති උප නගර වල නිවාස මධ්‍යන මිල $500,000 ක් වන අතර සාපේක්ෂව එය ඉතා දැරිය හැකි මට්ටමේ පවතින මිලක් බව සඳහන්.
මේ අතර Sandringham දුම්රිය මාර්ගයේ අවසානයට සමීපව ඇති උප නගර වල නිවාස මධ්‍යන මිල ඩොලර් මිලියන 1.61 කි. නමුත් මෙල්බර්න් කලාපයේ දුම්රිය මාර්ගයක් අවසානයේ පිහිටි උප නගරයක වාර්තාවන ඉහලම නිවාස මිල ලෙසද මෙය වාර්තා වේ.
Alamein දුම්රිය මාර්ගයේ අවසානයට සමීපව ඇති උප නගර වල නිවාස මධ්‍යන මිල ඩොලර් මිලියන 1.575 ක් වන අතර Williamstown දුම්රිය මාර්ගයේ අවසානයට සමීපව ඇති උප නගර වල නිවාස මධ්‍යන මිල ඩොලර් මිලියන 1.315 කි.

Source: Flickr
මෙල්බර්න් කලාපයේ බොහෝ දුම්රිය මාර්ග වල අවසානයට සමීප ප්‍රදේශ වල ඇති නිවාස වල මධ්‍යන මිල

Source: Domain
නිවාස මිල සාපේක්ෂව ඉහළ යාමට ප්‍රධාන හේතු
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ ඇතැම් නිවාස වල මිල ගණන් සාපේක්ෂව ඉහළ යාමට ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගෙන තිබේ.
- පොදු ප්රවහාන සේවා වලට ආසන්න බව. (විශේෂයෙන්ම දුම්රිය ස්ථානයකට)
- මෙල්බර්න් නගරයට ඇති දුර ප්‍රමාණය (විශේෂයෙන්ම අඩු දුර ප්‍රමාණයක්)
- පාසල්, රෝහල් සහ සාප්පු සංකීර්ණ වලට යාබදව පිහිටීම.
- ප්‍රදේශයේ ජීවත්වීමේ තත්ත්වය (Neighbourhood status)
- ප්‍රදේශයේ ආරක්ෂාව
මෙම කරුණු මත නිවසක මූලික මිල ගණන් එහා මෙහා සිදුවන බව සඳහන්.

Source: SBS Sinhala
Read & Watch More

ජුනි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)