ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Great South Coast කලාපයේ ඇති ශ්‍රම හිඟයට පිළියමක් වශයෙන් Great South Coast Designated Area Migration Agreement වැඩසටහන පසුගිය ජුනි 11 වන දින නිල වශයෙන් දියත් කෙරුණි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA ව්‍යාපෘතියේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම DAMA කලාපය ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

Source: SBS
Great South Coast කලාපයේ DAMA වැඩසටහන
Great South Coast කලාපයේ පවතින රැකියා පුරප්පාඩු එම ප්‍රද්ශයේ සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් පුරවාගත නොහැකි විට එම රැකියා සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමට Great South Coast කලාපයේ DAMA වැඩසටහන හරහා හැකියාව ලැබේ.
ඒ අනුව Great South Coast කලාපයේ සිටින සේවායෝජකයින්ට මේ හරහා විශාල ප්‍රතිලාභයක් අත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම DAMA කලාපය ලෙස හැඳින්වෙන මෙය නගර සභාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම DAMA කලාපය ලෙසද හැඳින්වේ.
ඒ අනුව Great South Coast කලාපයේ DAMA වැඩසටහන, Warrnambool නගර සභාව හරහා ක්‍රියාත්මක වේ.

Great South Coast DAMA Map Source: www.gscdama.warrnambool.vic.gov.au
DAMA සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ආර්ථික සංවර්ධනය මූලික කරගනිමින් මෙම DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.
එමෙන්ම ප්‍රාදේශීය කලාප වල ශ්‍රම හිඟය පිරවීමට DAMA වැඩසටහන හරහා ඵලදායී ලෙස හැකියාව ලැබෙන බව Wannon මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"පසුගිය වසර කිහිපය මුළුල්ලේම ප්‍රාදේශීය කලාප වල බොහෝ සේවායෝජකයින් ඔවුන්ගේ රැකියා පුරප්පාඩු පුරවා ගැනීමට හැකියාවක් නොමැති බවට මැසිවිලි නගන්නට වුණා. රජයක් ලෙස මෙයට අප ඇහුම්කන් දුන්නා. මෙය ඇත්තෙන්ම ඉලක්කගත වැඩසටහනක්. මේ හරහා ඔස්ට්‍රෙලියානුවන්ගේ රැකියා වලට තර්ජනයක් නොවන බවත් අවධාරණය කරන්නට අවශ්‍යයි. මේ හරහා සිදුකෙරෙන්නේ ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවාගත නොහැකි පුරප්පාඩු සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීම පමණයි." යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය Dan Tehan එම නිවේදනයේ වැඩි දුරටත් පැවසීය.

Source: Getty Images
Great South Coast DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව
Great South Coast කලාපයේ DAMA වැඩසටහන Glenelg, Moyne, Southern Grampians, Warrnambool, Corangamite සහ Colac-Otway යන නගර සභා කලාප වල ක්‍රියාත්මක කෙරේ.
මෙම කලාප වල ක්‍රියාත්මක කෙරෙන විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි වෘත්තීන් 27 ක් මෙම DAMA වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබේ.
මෙම වෘත්තීන් සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ද හැකියාව පවතින බව වාර්තා වේ.
මේ අතර පළමු වසරේදී මේ හරහා පුද්ගලයින් 100 දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදෙන බව Warrnambool නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරී Peter Schneider පැවසීය.
Great South Coast DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව පහත පරිදි වේ.
ANZSCO Code | Occupation |
721111 | Agricultural & Horticultural Mobile Plant Operator |
311111 | Agricultural Technician |
321111 | Automotive Electrician |
121312 | Beef Cattle Farmer |
141111 | Café or Restaurant Manager |
351311 | Chef |
323211 | Computer Numerical Control (CNC) Machinist |
351411 | Cook |
070499 | Dairy Cattle Farm Operator |
321212 | Diesel Motor Mechanic |
721211 | Earthmoving Plant Operator |
323212 | Fitter & Turner |
141311 | Hotel or Motel Manager |
711211 | Industrial Spray painter |
831211 | Meat Boners & Slicers |
831311 | Meat Process Worker |
322311 | Metal Fabricator |
121216 | Mixed Crop Farmer |
121317 | Mixed Livestock Farmer |
721999 | Mobile Plant Operators nec |
321211 | Motor Mechanic -general |
312912 | Non-destructive Testing (NDT) Technician |
324111 | Panel beater |
839312 | Product Quality Controller (Meat Grader) |
070499 | Senior Dairy Cattle Farm Worker |
831212 | Slaughterer |
733111 | Truck Driver -general |
Designated Area Migration Agreement (DAMA)
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර හඳුනාගත් කලාප කිහිපයක්ම DAMA වැඩසටහනට ඇතුළත් කර ඇත.
එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ Great South Coast කලාපය, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.

Source: SBS Sinhala