ඉදිරි වසරේ ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු ගෑස් හිඟයක් ඇතිවන බවට ඔස්ට්‍රේලියාවේ ගෑස් සැපයුම් පිළිබඳ ප්‍රධාන වාර්තාවක් පුරෝකථනය කරයි.
බලශක්ති මිල ඉහළ යාම නිසා ගෘහස්ථ අයවැය මත ජීවන වියදම් පීඩනය ඉහළ යන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
Highlights
- ගෑස් අපනයනකරුවන් විසින් නිපදවන සියලුම අතිරික්ත ගෑස් පිටරට යැවුවහොත් වසර 2023 දී ඔස්ට්‍රේලියාවට ගෑස් හිඟයක් ඇතිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.
- මෙම නවතම ගෑස් විමර්ශන වාර්තාව ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර තීරයේ ගෑස් වෙළඳපොලේ භයානක ලක්ෂණ කිහිපයක් ඉස්මතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කළේය.
- ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් වෙන් කරන ලෙස අපනයනකරුවන්ට බල කිරීම සඳහා එහි ගෑස් trigger ය ක්‍රියාත්මක කිරීමේ තීරණය මධ්‍යම රජය කල් දමා ඇත.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමෙන් නව වාර්තාවක්
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් මෙම වාර්තාව අගෝස්තු 01 නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ගෑස් අපනයනකරුවන් විසින් නිපදවන සියලුම අතිරික්ත ගෑස් පිටරට යැවුවහොත් වසර 2023 දී ඔස්ට්‍රේලියාවට ගෑස් හිඟයක් ඇතිවනු ඇතැයි එහි සඳහන් වේ.
වැඩිවන ඉල්ලුම සහ කොන්ත්‍රාත්තු ගත නොවූ ගෑස්වල වැඩිවීමක් මධ්‍යයේ මෙම හිඟය සිදුවනු ඇතැයි එම වාර්තාව පුරෝකථනය කරයි.
එහිදී එම ගෑස් බොහෝ විට වැඩි මිලට විදෙස් රටවලට අලෙවි කෙරෙනු ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) සහ Australian Energy Market Operator යන ආයතන දෙකම ඊළඟ වසරේ ඔස්ට්‍රේලියාව තුළ ගෑස් හිඟයක් පිළිබඳ පුරෝකථනය කර ඇති අතර වසර 2017 හි තත්ත්වයට වඩා මෙම හිඟය අයහපත් වනු ඇතැයි ACCC නවතම වාර්තාව පවසයි.
මෙම නවතම ගෑස් විමර්ශන වාර්තාව ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර තීරයේ ගෑස් වෙළඳපොලේ භයානක ලක්ෂණ කිහිපයක් ඉස්මතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කළේය.
ගෑස් නිෂ්පාදකයින් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු රහිත හෝ අතිරික්ත ගෑස් වැඩි ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට සපයන්නේ නැතිනම් එය ලබන වසර සඳහා සැලකිය යුතු ගෑස් හිඟයක් ඔස්ට්‍රේලියාවට ඇතිකරන බව ඔහු පැවසීය.

Treasurer Jim Chalmers says the latest gas inquiry report from ACCC highlights some "alarming" features of the east coast gas market. Source: AAP (LUKAS COACH)
විදේශයන්ට විකිණීමට පෙර ඔස්ට්‍රේලියාවට ගෑස් ලබා දෙන ලෙස ඉල්ලීමක්
වසර 2017 දී ඇතිවූ ගෑස් අර්බුදයේ ප්‍රතිඵලය වූයේ එවකට බලයේ සිටි ලිබරල් සන්ධාන රජය විසින් ගෘහස්ථ ගෑස් ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමය.
එහිදී අවසානයේදී ඔස්ට්‍රේලියාවේ නිපදවන අතිරික්ත ගෑස් විදේශ රටවලට විකිණීමට පෙර ඔස්ට්‍රේලියාවට ලබා ගැනීමට ගෑස් අපනයනකරුවන් සමඟ ගිවිසුමකට එළඹීණි.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම් වාර්තාවේ ඇති කරුණු ඉතා බරපතල වන අතර මෙහිදී නිවැරදිව ක්‍රියා කරන ලෙස තමන් ගෑස් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
විශේෂයෙන්ම නිවාස සහ ව්‍යාපාර දැඩි පීඩනයකට ලක්ව ඇති විට ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ගෑස් සැපයුම සුරක්ෂිත සහ තරඟකාරී මිලකට තිබීම ඉතා වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.
මෙම ගෑස් හිඟ පුරෝකතනය පැමිණෙන්නේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්තයේ ගල් අඟුරු ජනනය වාර්තාගත අවම මට්ටම්වලට පැමිණ අනෙකුත් බලශක්ති ප්‍රභවයන් මත පීඩනය යෙදීමෙන් පසුවය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරුට අනුව ගල් අඟුරු බලාගාර ඇනහිටීම් සහ ඉන්ධන සීමා කිරීම් හේතුවෙන් කළු ගල් අඟුරු නිෂ්පාදනය එහි දෙවන කාර්තුවේ අඩුම නිෂ්පාදනයට වැටුණි.
පසුගිය වසරේ එම කාර්තුවේ ඩොලර් 8.20 ට සාපේක්ෂව ගිගාජූල් එකකට ඩොලර් 28.40 ක සාමාන්‍යයක් දක්වා ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර, දෙවන කාර්තුවේදී නැගෙනහිර වෙරළේ තොග ගෑස් මිල තුන් ගුණයකට වඩා වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරු සිය කාර්තුමය වාර්තාවේ හෙළි කළේය.
ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් වෙන් කරන ලෙස අපනයනකරුවන්ට බල කිරීම සඳහා එහි ගෑස් trigger ය ක්‍රියාත්මක කිරීමේ තීරණය මධ්‍යම රජය කල් දමා ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම වාර්තාවේ සොයාගැනීම් බැරෑරුම් ලෙස සලකන බවත් රජය ACCC පරීක්ෂණයට ප්‍රතිචාර දක්වන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කළේය.