2017 ඔස්ට්‍රේලියානු අය - වැය : Medicare බදු ඉහළ නැංවීම ඔබගේ පසුම්බියට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)
පසුගිය අඟහරුවාදා (09/05) ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2017-2018 අය වයෙන් Medicare බද්ද ඉහළ නංවන බවට භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.
ඒ අනුව Medicare බද්ද 2019 වසරේ ජූලි මස සිට 0.5% කින් වැඩි වන අතර සමස්ත අගය 2% සිට 2.5% දක්වා වැඩි වෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන Medicare පහසුකම් හිමි බොහෝ බදු ගෙවන්නන් මෙම Medicare බද්ද වාර්ෂිකව ගෙවිය යුතු අතර මෙම වැඩිවීම ඔබගේ මුදල් පසුම්බියට බලපාන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් විමසා බලමු.

Source: ABC Australia
- ඔබ (තනි පුද්ගලයෙකු නම්) වසරකට ඩොලර් 21,655 කට වඩා අඩු ආදායමක් සහිත අයෙකු නම් ඔබ Medicare බද්දෙන් නිදහස් වේ.
- ඔබ (පවුලක් වශෙයන්) වසරකට ඩොලර් 36,541 කට වඩා අඩු ආදායමක් සහිත අයෙකු නම් ඔබ Medicare බද්දෙන් නිදහස් වේ. එමෙන්ම Medicare බදු ගෙවීමේ සීමාව තෙක් ඔබට එක් දරුවෙකු වෙනුවෙන් අමතර ඩොලර් 3,356 ක ආදායමක් ඉපයිය හැකිය.
- මෙම වෙනස්කම් අනුව ඉදිරි සිව් වසර තුළ ඩොලර් බිලියන 8.2 ක බදු ඉහළ යාමක් සිදු වන බව රජය පවසන අතර එම මුදල් ජාතික දියවැඩියා රක්ෂණ වැඩසටහන (National Disability Insurance Scheme) සඳහා බැර කෙරෙනු ඇත.