2021 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල සහ දමිළ වැසියන්ට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
කොරෝනා වසංගතය හමුවේ 2020 වසරේදී මෙන්ම මේ වසරේදී ද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නොහැකි වීම පිළිබඳව අගමැති මොරිසන් සඳහන් කර ඇති අතරේ ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට දුන් සහය පිළිබඳව ස්තුතිය පළ කර සිටියේය.
පැමිණි බාධක හමුවේ මානව දයාව ඉදිරියට රැගෙන ගමන් කරමු යයිද අගමැතිවරයා තම පණිවිඩයේ සඳහන් කර තිබේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහත වේ.

Source: AUS PM Media