ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා සරණාගත සංඛ්‍යාව සීමා කිරීමට වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පොරොන්දුවක් ලබා දී තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එළඹෙන මැයි 18 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ලිබරල් සන්ධානය නැවත බලයට පත් වුවහොත් ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා සරණාගතයින් සංඛ්‍යාව සඳහා සීමාවක් පනවන බවට අගමැති මොරිසන් පසුගියදා සිඩ්නි නුවරදී පැවසුවේය.

Source: Department of Home Affairs
ඔස්ට්‍රේලියාවට බාරගන්නා සරණාගතයින්
ජාත්‍යන්තර සරණාගතයින් බාරගැනීම යටතේ කටයුතු කරන රටක් ලෙස ඔස්ට්‍රේලියාව විසින් සරණාගතයින්ව බාරගැනීම පසුගිය වසර ගණනාව තුළම ක්‍රියාත්මක කරනු ලැබීය.
නමුත් එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් නව රජය යටතේ වාර්ෂිකව බාරගන්නා සරණාගතයින් ප්‍රමාණය 18,750 ක් බවට සීමා කරන බව අගමැති මොරිසන් පොරොන්දු වූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගියදා සිඩ්නි නුවරදී පැවති ලිබරල් සන්ධාන මැතිවරණ ප්‍රවර්ධන රැස්වීමකදී මේ බව ඔහු ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ දෙවැනි දීර්ගත්ම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ John Howard ද සහභාගී විය.
මෙවර මැතිවරණ ව්‍යාපාරය සඳහා John Howard සහභාගී වූ ප්‍රථම අවස්ථාව ලෙසද එය හැඳින්වේ.
මේ අතර 2019-20 කාලයේදී මානුෂීය සරණාගත වීසා ලැබූ පුද්ගලයින්ගෙන් 30% - 40% ත් අතර ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීමටද වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උත්සාහ දරයි.
නමුත් අනාගතයේදී ඔස්ට්‍රේලියාවට බාරගන්නා සරණාගතයින්ව ස්ථාපනය කරන අයුරු පිළිබඳ තවමත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විස්තර ඉදිරිපත් කර නොමැති බවද සඳහන්.

Australia reportedly agreed to take Rwandan accused murderers in US refugee deal Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණික කෝටාව
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට වත්මන් ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධාන රජය පසුගිය මාර්තු මාසයේදී තීරණය කළේය.
ඒ අනුව මේ වන විට 190,00 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට තීරණය වී ඇත.
එහිදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොලේ පවතින ශ්‍රම හිඟය පිරවීම සඳහා Skill stream යටතේ බාරගන්නා සංක්‍රමණිකයින් කෝටාව 108,682 ක් වේ.
එය මුළු කෝටාවෙන් 69.5% කි.
Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.
- Employer Sponsored - 30,000
- Skilled Independent - 18,652
- Regional - 23,000
- Skilled Employer Sponsored - 9,000
- Skilled Work Regional - 14,000
- State/Territory Nominated - 24,968
- Business Innovation & Investment program - 6,862
- Global Talent - 5,000
- Distinguished Talent - 200
පෙර පැවති Skilled Independent ඛාණ්ඩයේ 43,990 ක වාර්ෂික කෝටාව 2019-20 නව සැලැස්මේදී 18,652 ක් දක්වා 25,338 කින් කප්පාදු කිරීම නිපුණතා සංක්‍රමණිකයින්ට දැවැන්ත ලෙස බලපාන බවද පෙනී යයි.
2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා Family stream ඛාණ්ඩයට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 47,732 ක් හිමිව තිබේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------