පසුගිය මැයි 18 වන දින පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජයගත් ලිබරල් සන්ධානය ඔස්ට්‍රේලියානු ආර්ථිකය වර්ධනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මැතිවරණයට පෙරද පසුවද පැවසීය.
විශේෂයෙන්ම භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මැතිවරණයෙන් පසුව පවසා සිටියේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉහළ නැංවීමට නව රජය වඩාත් කැපවීමෙන් කටයුතු කරන බවය.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තම පොලී අනුපාත කප්පාදු කිරීමටද අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Source: AAP
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අවධානය
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සහ උද්ධමනය පහත දැමීමට පොලී අනුපාත කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අවධානය යොමු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසීය.
ඒ සඳහා ලබන සතියේදී පැවැත්වෙන මාණ්ඩලික රැස්වීමේදී සාකච්ඡා කරන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
පහළ පොලී අනුපාත සේවායෝජකත්වය වර්ධනය කිරීමට පිටිවහලක් සපයන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පසුගිය අඟහරුවාදා පැවති ඔස්ට්‍රේලියාවේ ආර්ථික සමාජයේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයේදී 5.2% ක් වූ අතර මාර්තුවෙන් අවසන් වූ කාර්තුවේදී උද්ධමනය බින්දුව මට්ටමේ පැවතිණි.
නමුත් පසුගිය මාස 12 ක කාලය පුරාවටම එය 1.3% මට්ටමේ පැවතිණි.
එය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ සාමාන්‍ය අගය වන 2-3% ට වඩා පහත අගයක් ගත් බවද පැවසේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 2016 වසරේ අගෝස්තු මාසයේ සිට 1.5% මට්ටමේ වාර්තාගත පහළ ප්‍රතිශතයක පවතියි.

RBA Governor Philip Lowe Source: AAP
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ උපදේශය
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සහ උද්ධමනය පහත හෙළීමට රජයේ කුමන ප්‍රතිපත්ති උපකාරී වනු ඇතැයිද යන ප්‍රශ්නයට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe උපදෙස් කිහිපයක් යෝජනා කළේය.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති ලිහිල් කිරීම ඉන් ප්‍රධාන උපදේශය වන අතර යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජනයක් කිරීම දෙවැනි උපදේශය ලෙස ලබා දුන්නේය.
විශේෂයෙන්ම යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමේදී එය මධ්‍යම රජය මෙන්ම ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් විසින්ද සිදුකළ යුතු බව මධ්‍යම බැංකුවේ අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ හරහා රැකියා උත්පාදනය සිදුවන අතරම සැපයුම් ධාරිතාවද වර්ධනය වන බව ඔහු පැහැදිලි කළේය.

Source: SBS Sinhala