ලිබරල් සන්ධාන රජය විසින් යෝජිත බදු කප්පාදු කිරීමේ සම්පූර්ණ වැඩසටහනට විපක්ෂයේ සහය ලබාගැනීමට මේ දිනවල මධ්‍යම රජයේ වැඩි අවධානය යොමුව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර මේ සම්බන්ධ සෙනට් සභාවට මෝසමක් ඉදිරිපත් කිරීමට සෙනට් සභා නායක Mathias Cormann සූදානම් වේ.

Source: AAP
සෙනට් සභාවට මෝසමක්
පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු සෙනට් සභාව ලබන සතියේදී පළමු වරට රැස්වීමට නියමිතය.
ඒ අනුව එහි පළමු දිනයේදීම සෙනට් සභා නායක Mathias Cormann විසින් සෙනට් සභාවට මෝසමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
ලිබරල් සන්ධාන රජය යෝජනා කළ සම්පූර්ණ බදු කප්පාදු පැකේජය සම්මත කරගන්නා තෙක් සෙනට් සභාවේ පළමු සැසි වාරය අවසන් නොකරන ලෙස එම මෝසමේ සඳහන්.
සම්පූර්ණ බදු කප්පාදු පැකේජය කොටස් තුනකින් සමන්විත වන අතර කම්කරු පක්ෂය එහි පළමු කොටස් දෙක සඳහා පමණක් සහය දක්වන බව පැවසීමෙන් ලිබරල් සන්ධාන රජය සම්පූර්ණ බදු කප්පාදු පැකේජය සම්මත කරගැනීමේ අර්බුදයකට මුහුණ පා සිටියි.
මෙම සම්පූර්ණ පැකේජය සෙනට් සභාවේදී සම්මත කරගැනීමට ලිබරල් සන්ධාන රජය, කම්කරු පක්ෂයේ සහය හෝ අවම වශයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ සහය හෝ ලබාගත යුතුවේ.

Scott Morrison speaks at the Chamber of Commerce and Industry in Perth. Source: AAP
කම්කරු පක්ෂයේ මතය
මධ්‍යම රජය ඉදිරිපත් කර ඇති ආදායම් බදු කප්පාදු යෝජනාවේ ඉහළ ආදායම් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට සහන සැලසෙන පළමු පියවරේ බදු කප්පාදුවට තම පක්ෂය ඕනෑම වෙලාවක සහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව කම්කරු පක්ෂයේ නායක Anthony Albanese පැවසීය.
නමුත් මෙම පැකේජයේ තුන්වන කොටස ක්‍රියාත්මක වීම 2024 තෙක් දිවයන අතර එය මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව බවත් කම්කරු පක්ෂය පවසයි.
එනිසාම මෙයින් පටු දේශපාලන වාසි ලබාගැනීමට ලිබරල් සන්ධාන රජය අපේක්ෂා කරන බව කම්කරු පක්ෂය චෝදනා කරයි.

Shadow Treasurer Jim Chalmers and Opposition leader Anthony Albanese speak in Melbourne. Source: AAP
ලිබරල් සන්ධාන රජයේ ආදායම් බදු කප්පාදු පැකේජය
පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ලිබරල් සන්ධාන රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ මෙම ආදායම් බදු කප්පාදු පැකේජය වේ.
ඒ අනුව ඩොලර් $45,000 ත් $200,000 ත් අතර වාර්ෂික ආදායම් මට්ටමක සිටින ඔස්ට්‍රේලියානුවාසීන් හට ඩොලරයකට ශත 32.5 ක් ලෙස අය කෙරෙන බදු මුදල ශත 30 දක්වා අඩුවන බව මධ්‍යම රජය පවසයි.
මෙම සම්පූර්ණ පැකේජය වසර 10 ක් පුරාවට ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.
මේ අතර මෙහි පළමු පියවර එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ලිබරල් සන්ධාන රජය මහ මැතිවරණයට පෙර සිටම පොරොන්දුවූ නමුත් ඉන් අනතුරුව එය ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපහසු බව ඔවුන් පවසයි.

Source: SBS Sinhala