දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා අයදුම්පත් බාරගැනීම ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (24/06) පෙරවරු 9 සිට වසා දැමෙන බව දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ 190 සහ 489 යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් අද පෙරවරු 9 න් අනතුරුව බාර නොගනී.

Source: Google
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙලෙස වසා දැමුනේ එළඹෙන නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ සමස්ත පද්ධතියම යාවත්කාලීන කිරීම සඳහා බව වාර්තා වේ.
ඒ අනුව අදින් වසා දැමෙන මෙම වැඩසටහන ලබන මාසයේ (2019 ජූලි) පළමු සතියේදී නැවත විවෘත කරන බව දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
නමුත් එලෙස විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.
අද (24/06) පෙරවරු 9 වන විට ලැබී ඇති අසම්පූර්ණ අයදුම්පත් අදාළ පරිගණක පද්ධතියෙන් මකා දමන බව ද වාර්තා වේ.
අයදුම්පත පරිගණක පද්ධතියේ save කර ඇති නමුත් submit නොකළ අයදුම්පත් ද submit කර ඇති නමුත් අදාළ ගාස්තු තවමත් ලැබී නොමැති අයදුම්පත් ද මෙලෙස මකා දැමෙන බව ඔවුන් පවසයි.

Source: SBS
අයදුම්පත් සලකා බැලීමේ කාල සීමාවන්
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා පිරිනමන ප්‍රධාන වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් වල සලකා බැලීමේ සාමාන්‍ය කාල සීමාවන් එහි නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ පහත අයුරිනි.
- Skilled nomination (subclass 489/190) - සති 8
- Regional Sponsored Migration Scheme (RSMS) - සති 10
- Overseas Qualification Recognition - සති 4
- Skilled Migrant Trade Recognition Pathway Program - සතියයි
- Business Innovation and Investment (Permanent) visa (subclass 888) - සති 3
- Business owner permanent nomination (subclass 892/893) - සති 3
- Business talent permanent nomination (subclass 132) - සති 4
- Significant investor provisional nomination (subclass 188) - සති 2
- Innovation and investment provisional nomination (subclass 188) - සති 4
- Supporting Innovation in South Australia (SISA) Temporary Activity (subclass 408) visa - සති 2 - 12
නමුත් අයදුම්පතට අදාළ අමතර තොරතුරු අවශ්‍ය විටෙක මෙම කාලය තරමක් වැඩි විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.
අදාළ අයදුම්පත පිළිබඳ තීරණය කළ විගසම අයදුම්කරුට ඒ පිළිබඳ තීන්දුව ඊමේල් පණිවිඩයකින් දන්වන බවද ඔවුන් පවසයි.

Source: Flickr
දකුණු ඔස්ට්‍රේලියාවේ දීර්ග කාලීනව වාසය කරන ජාත්‍යන්තර සිසුන් හට පූර්ණ කාලීන රැකියා වීසා
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සිටින ඇතැම් ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සහ තමන්ගේ රැකියා ක්ෂේත්රයේ ස්ථාපිත වීමේ ඉලක්ක වෙත ගමන් කිරීමට ඉතා දිගු මාර්ග වල ගමන් කරන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.
එනිසාම දීර්ග කාලයක් මුළුල්ලේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කරමින් ප්‍රාන්තයට කුමන හෝ මට්ටමක දායකත්වයක් ලබා දෙන වර්තමාන ජාත්‍යන්තර දකුණු ඔස්ට්‍රේලියාවේ සිසුන්ට සහ අධ්‍යාපනය හමාර කළ දකුණු ඔස්ට්‍රේලියාවේ සිසුන් හට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අවස්තාවක් ලබා දීමට ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මාසයේදී තීරණය කළේය.
ඒ අනුව එවැනි සිසු හට පහත සඳහන් කොන්දේසි මත පූර්ණ කාලීන රැකියා කරමින් වසර 4 ක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකි Provisional 489 visa ලබා දීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
කොන්දේසි
දකුණු ඔස්ට්‍රේලියාවේ වාසය කරන වර්තමාන ජාත්‍යන්තර සිසුවෙකු හෝ අධ්‍යාපනය හමාර කළ ජාත්‍යන්තර සිසුවෙකු වීම.
2012 මාර්තු වල සිට හෝ ඊට පෙර සිට මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කර තිබීම සහ ඉදිරියටද වාසය කළ යුතු වීම.
වර්තමානය වන විට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුළ සති දෙකකට අවම පැය 40 ක් වන සේ කුමන හෝ රැකියාවක (තමන්ගේ නිපුණතා අංශෙයන් නොවුණද කම් නැත) අවම වශයෙන් මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවක නිරත වෙමින් සිටීම.
එසේ නොමැතිනම්, දකුණු ඔස්ට්‍රේලියාව තුළ අවම වශයෙන් වසරක කාලයක පාඨ මාලාවක් හදාරමින් සිටිය යුතු වීම.

Source: SBS Sinhala