ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි (Skilled nominated migration - 190) හෝ සේවය කිරීමේ වීසා (Skilled regional nominated migration - 489) ලබා ගත හැකි State Nomination Ceilings හෙවත් ප්‍රාන්ත සඳහා නිර්දේශිත ඇතැම් රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි හා බැඳුනු ප්‍රාන්ත නිර්දේශිත රැකියා ලැයිස්තු වල එම වෙනස්වීම් පහත පරිදි වේ.

Source: Getty Images
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව www.industry.nsw.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් මාසය වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා 190 වීසා ආරාධනාවන්256 ක් ද 489 වීසා ආරාධනාවන්95 ක්ද නිකුත් කර තිබේ.
ක්වීන්ස්ලන්තය
පසුගිය මැයි මාසය අවසාන වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුව සඳහා පහත රැකියා ද්විත්වය අලුතින් එකතු කර තිබේ.
- 272413 - Translator
- 254424 - Registered Nurse (Surgical)
වික්ටෝරියා
වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා ප්‍රාන්ත ආගමන අයදුම්පත් බාරගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙන අතර පසුගිය අප්‍රේල් මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා 190 වීසා ආරාධනාවන්278 ක් නිකුත් කර තිබෙන බව www.liveinmelbourne.vic.gov.au වාර්තා කරයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
දකුණු ඔස්ට්‍රේලියාව
දකුණු ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව ද යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව සඳහා පහත රැකියා අලුතින් එකතු කර තිබේ.
- 272413 - Translator
- 321212 - Diesel Motor Mechanics
- 262113 - Systems Administrator
- 313113 - Web Administrator

Source: SBS
ටස්මේනියාව
ටස්මේනියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව ද යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව ටස්මේනියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුවෙන් පහත රැකියා ඉවත් කර තිබේ.
- 251513 - Retail Pharmacist
- 251511 - Hospital Pharmacist
Northern Territory
Northern Territory නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර පසුගිය අප්‍රේල් මාසය වන විට Northern Territory සඳහා 190 වීසාආරාධනාවන් 14 ක් ද 489 වීසා ආරාධනාවන්49 ක්ද නිකුත් කර තිබේ.
Australian Capital Territory (ACT)
ACT නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර පසුගිය අප්‍රේල් මාසය වන විට ACT සඳහා 190 වීසා ආරාධනාවන්100 ක් නිකුත් කර තිබේ.
බටහිර ඔස්ට්‍රේලියාව
බටහිර ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ Migration Services කාර්යාලය දැන් 1 Prospect Place, West Perth යන ස්ථානයට ගෙනගොස් ඇති බව www.migration.wa.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------