AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයින්ට කලාතුරකින් රුධිරය කැටි ගැසෙනවා යනුවෙන් මේ වන විට තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබා නොගන්නා ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කර තිබේ.
මේ නිසාම AstraZeneca එන්නත හා රුධිරය කැටි ගැසීම පිළිබඳ සමාජයේ තිබෙන ප්‍රයෝගික ගැටලු සඳහා පිළිතුරු සෙවීමට SBS සිංහල ගුවන් විදුලිය උත්සාහ දැරුවේය.
ඒ සඳහා අපි මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා හමුවීමු.
Highlights
- බ්‍රිතාන්‍යයේ නවතම දත්ත වලට අනුව AstraZeneca එන්නත් ලක්ෂ දෙකහාමාරකට එක් අයෙකුට මෙම රුධිරය කැටි ගැසීම ඇතිවිය හැකිය.
- වයස අවුරුදු 20 ත් 29 ත් අතරේ පසුවන කණ්ඩායමට මේ තත්ත්වය නිසා අතිශය ඉහළ අවදානමක් ඇති බව හෙළිවී තිබේ.
- වයස අවුරුදු 70 ට වඩා වැඩි පුද්ගලයින්ට මෙහි ඇති අවදානම ඉතාමත් අඩු බවද මේ වන විට හඳුනාගෙන ඇත.
AstraZeneca එන්නත හා රුධිරය කැටි ගැසීම අතර සම්බන්ධය ඇතිවන්නේ කෙසේද?
බ්‍රිතාන්‍යයේ නවතම දත්ත වලට අනුව AstraZeneca එන්නත් ලක්ෂ දෙකහාමාරකට එක් අයෙකුට මෙම රුධිරය කැටි ගැසීම ඇතිවිය හැකිය.
එසේ රුධිරය කැටි ගැසුණහොත් එය 25% ක පමණ ප්‍රතිශතයකින් මාරාන්තික විය හැකි බව වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එමෙන්ම AstraZeneca එන්නත ලබා දී දින 4 කට පමණ පසුව මෙම රුධිර කැටි ගැසීම් දක්නට ලැබෙන බවත් ඒවා දින 20 ක් පමණ යනතෙක් පවතින බවත් අදාළ දත්ත මගින් පෙන්නුම් කර තිබේ.
මෙසේ රුධිරය කැටි ගැසීමට හේතු පිළිබඳ සොයා යන විට දුර්ලභ රෝගයක් පිළිබඳ කතා කිරීමට සිදුවන බව වෛද්‍ය බදුරලිය මහතා පැවසීය.
පුද්ගලයෙකුගේ රුධිරය කැටි ගැසීම වැළක්වීම සඳහා "හෙපරීන්" නමැති ඖෂධයක් වෛද්‍යවරු ලබා දෙන බව ඔහු සඳහන් කළේය.
නමුත් මෙම හෙපරීන් ඖෂධය නිසා පුද්ගලයෙකුට කලාතුරකින් රුධිරය කැටියක් ඇතිවීමට ඉඩ ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
AstraZeneca එන්නත ලබා දුන් පුද්ගලයින්ට ද කලාතුරකින් රුධිරය කැටි ගැසීමක් ඇතිවන්නේ ඒ ආකාරයෙන් බව වෛද්‍ය ලලිත් බදුරලිය මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.

Source: AP
මෙම තත්ත්වය යටතේ AstraZeneca එන්නත ලබාගැනීමට අවදානම් පිරිස කවුරුන්ද?
වයස අවුරුදු 20 ත් 29 ත් අතරේ පසුවන කණ්ඩායමට මේ තත්ත්වය නිසා අතිශය ඉහළ අවදානමක් ඇති බව වෛද්‍ය බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එමෙන්ම වයස අවුරුදු 70 ට වඩා වැඩි පුද්ගලයින්ට මෙහි ඇති අවදානම ඉතාමත් අඩු බවද මේ වන විට හඳුනාගෙන තිබේ.
ඒ අනුව වියපත් භාවය වැඩි වෙත්ම මෙම අවදානම් තත්ත්වය අඩුවන බවක් පෙනී යන බව ලොව පුරා සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බවද වෛද්‍ය බදුරලිය මහතා සඳහන් කළේය.
කෙසේනමුත් ඔස්ට්‍රේලියානු රජය සහ සෞඛ්‍ය බලධාරීන් AstraZeneca එන්නත නිර්දේශ කරනුයේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ටය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
දැනට AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් කුමක් කළ යුතුද?
මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කරයි.
වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබා නොගන්නා ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කිරීමත් සමග එම පුද්ගලයින් තම AstraZeneca එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීම පිළිබඳ දෙගිඩියාවකින් පසුවෙයි.
දැනට ලැබී ඇති දත්ත වලට අනුව පෙනී ගොස් ඇත්තේ මෙම රුධිරය කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වූයේ AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසුවය.
ඒ අනුව AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන කිසිදු ගැටළුවක් නොවූ පුද්ගලයින්ට තම දෙවැනි මාත්‍රාව ද ලබාගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ වන විට ලොව කිසිදු රටක පළමු මාත්‍රාව සඳහා එක් කොරෝනා එන්නතක්ද දෙවැනි මාත්‍රාව සඳහා තවත් කොරෝනා එන්නතක්ද ලබා නොදෙන බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා අවධාරණය කළේය.

Source: AAP
AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාවේ තහනම් කර තිබෙනවාද?
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේදී ලබාදෙන ප්‍රධානතම කොරෝනා එන්නත් ත්‍රිත්ත්වයෙන් ප්‍රධානතම එන්නත AstraZeneca එන්නත වේ.
මේ වන විට AstraZeneca එන්නත කිසිම අයුරකින් ඔස්ට්‍රේලියාවේ තහනම් කර නොමැති බව වෛද්‍ය බදුරලිය මහතා සඳහන් කළේය.