සුපිරි වෙළඳසැල්වල නාම යටතේ එන home brand භාණ්ඩ මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි පෙළඹීමක්

Woman Grocery Shopping

A woman reads the back of boxed pasta on the lower shelf in the grocery store aisle. Source: Moment RF / Laura Olivas/Getty Images

ජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලපානවා ද? අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා


Home brand භාණ්ඩ යනු සුපිරි වෙළඳසැල් වෙනුවෙන් ම නිර්මාණය කළ එහි වෙළඳ නාමය රැගත් නිෂ්පාදන වෙනවා. Woolworths, Coles සහ Aldi යන වෙළඳසැල්වල සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන මෙම භාණ්ඩ නිෂ්පාදනය ඔවුන් විසින් සිදු කරන්නේ නැහැ. ඒවා තුන්වන පාර්ශ්වයක් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. සමහ අවස්ථාවල දී එකම කර්මාන්තශාලාව විසින් මිලෙන් වැඩි සන්නාමයකට වෙනමත් සුපිරිවෙළඳසැලක සන්නාමය යටතේ වෙනමත් ටින් කළ කෑම නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.

භාණ්ඩ මිල ගණන් සසඳා බැලීමට උපකාර වන Finder වෙබ්අඩවියේ මාධ්‍ය ප්‍රකාශක සාරා මෙගින්සන් මේ සම්බන්ධයෙන් SBS සමඟ අදහස් දැක්වීමකට එක් වුණා. Home brandd නිෂ්පාදන මිලෙන් අඩු වීමට හේතු කීපයක් තිබෙනවා. ආහාර ඇසුරුම්වලට යන අඩු වියදම, සැපයුම් ක්‍රියාදාමයේ දී ආන්තික පිරිවැය අඩු වීම හෝ නොමැති වීම, අමුද්‍රව්‍ය අඩු වීම යනාදිය මෙයට හේතු වන බව මෙගින්සන් පවසනවා. නමුත් මෙයට මුල් වෙන ප්‍රධාන හේතුව අලෙවිකරණය සදහා යන අවම වියදම වෙනවා."වෙළඳ සන්නාම අලෙවිකරණයට පමණක් මුදල් වියදම් කරන්නේ නැහැ. සිය භාණ්ඩ සඳහා රාක්කවල සුදුසු ඉඩක් ලබා ගැනීමට පවා ඔවුන් වියදම් කරනවා.

Home Brands මෙවනි දේවලට වියදම් කරන්නේ නැහැ. ඒ භාණ්ඩ රාක්කවල පහළට වන්නට තමයි තියෙන්නේ. ඒවා හැම විට ම මිලෙන් අඩුයි. ඒ වගේ ම අදාළ කාර්යය සිදු කරනවා නම් ඒවා තෝරාගැනීම ඉතා හොඳ තීරණයක්" Finder වෙබ්අඩවියේ මාධ්‍ය ප්‍රකාශක සාරා මෙගින්සන් මෙලෙස පවසා සිටියා. ඕස්ට්‍රේලියාවේ Home Brand නිෂ්පාදනවල ගුණාත්මක බව ඉතා හොඳ බව Compare Club හි පර්යේෂණ අංශයේ මුලසුන හොබවන කේට් බ්‍රවුන් පවසනවා. මෙහි දී අඩු විය හැකි එක ම දේ තෝරා ගැනීමේ පරාසය වෙනවා. උදාහරණයක් ලෙස Home Brand සෝස් බෝතලයක තක්කාලි පමණක් තිබිය හැකි වෙනවා. නමුත් අනෙකුත් වෙළඳ සන්නාමවල බැසිල්, සුදුළූණු සහ අනෙකුත් රසකාරක තිබිය හැකි වෙනවා. සමහර විට මේ වෙනස ටින් කළ තක්කාලි ඇසුරුම විවෘත කිරීමට උපකාර වන මුදුවක් සමඟ නිෂ්පාදනය කරනවා ද නැති ද යන කාරණය මත පවා වෙනස් වෙනවා.

පාරිභෝගිකයන්ව භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්වත් කරන CHOICE ආයතනය Home Brand නිෂ්පාදන රාශියක් වසර ගණනාවක් තිස්සේ අත්හදා බලා ඇති අතර ඒවා මිල අධික නිෂ්පාදන අබිබවා යන බව ඔවුන් පවසනවා. "මේ බව අපි තේ, කෝපි, අයිස්ක්‍රීම්, රෙදි සෝදන කුඩු සහ තවත් නිෂ්පාදන රාශියකින් සොයා ගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපි මෑතක කළ පරීක්ෂණයක දී Aldi Organic Black Tea නිෂ්පාදනය ඉහළ ම ලකුණ ළඟා කරගත්තා. තවත් තේ වෙළඳ නාම 32ක් අබිබවා ඔවුන් එය සිදු කළා. එක් තේ බෑගයකට සත 6ක් පමණයි වියදම් වෙන්නේ. Lipton, Twinnings, Tetley සහ T2 යන නාමවලට වඩා එය රසයෙන් වැඩි වගේ ම මිලෙන් අඩුයි." SBS වෙත අදහස් දැක්වූ CHOICE විශේෂඥයෙකු එලෙස පවසා සිටියා.

පාරිභෝගිකයන් හට වාසිසහගත වීම හා සමානව සුපිරි වෙළඳසැල්වලට මෙම නිෂ්පාදන ලාභ වැඩි කරන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්. "මේ වෙළඳ නාමවලට සුපිරි වෙළඳසැල් ප්‍රිය කරනවා, ඒ මොකද ඒවා ඔවුන්ට අයිති නිසා. ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳාමේ කැපී පෙනෙන වෙනසක් අපි දකිනවා. අවුරුදු 10කට පමණ පෙර වෙළඳ සන්නාම බොහෝ තිබුණා. දැන් අපි වැඩි වැඩියෙන් සුපිරි වෙළඳසැල්වල සන්නාම දකිනවා. මෙය මුළුමනින් ම ලාභ අපේක්ෂාවෙන් කරන්නක්" Compare Club පර්යේෂණ අංශාධිපති බ්‍රවුන් පවසනවා. ඇය පැහැදිලි කරන පරිදි සුපිරි වෙළඳසැල් අනෙකුත් වෙළඳ නාම සමඟ කටයුතු කිරීමේ දී බාහිර සැපයුම්කරුවන් වැනි පුද්ගලයන් කළමනාකරණය කිරීමට ඔවුන්ට සිදු වෙනවා සහ එය අමතර වියදමක් වෙනවා. Home Brands නිසා එවැනි දෙයක් සිදු වන්නේ නැහැ . පාරිභෝගිකයන් හට තේරීම් ප්‍රමාණය අඩු වුව ද වියදම අඩු වීමත් සිල්ලර වෙළඳුන් හට වැඩි පාලන බලයක් ද ඉන් අත් කර දෙනවා.

ජීවන වියදම් අර්බුදය සමඟ බොහෝ ඕස්ට්‍රේලියානුවන් භාණ්ඩ මිල දී ගැනීම කෙරෙහි වෙනස් පිළිවෙත් අනුගමනය කරනවා. ජනවාරි මස කළ CHOICE සමීක්ෂණයකට අනුව සියයට 84ක් නිවාසවල ජනතාව භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වනවා. "වැඩි වන වියදම් සමඟ මුදල් ඉතිරි කිරීමට මිලෙන් අඩු නිෂ්පාදන සඳහා බොහෝ අය යොමු වෙනවා" CHOICE සිය අදහස් එලෙස පළ කරනවා.

Compare Club පර්යේෂණයකට අනුව සියයට 80ක් පමණ වන ඕස්ට්‍රේලියානුවන් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් මානසික පීඩනයකට පත්ව තිබෙන අතර ඉන් හරි අඩක් අත්‍යවශ්‍ය දෑ වන ආහාර සහ තෙල් කපා හැර තිබෙනවා. "චර්යාත්මක වෙනස්කම් බොහොමයක් අපි දකිනවා. සිල්ලර බඩු ගැනීමේ දී ගෙවීම් පසුව කළ හැකි සේවාවලට යොමු වනවා අපි දකිනවා" Compare Club පර්යේෂණ අංශාධිපති බ්‍රවුන් පවසා සිටිනවා. සුපිරි වෙළඳසැල්වලට යාමට පෙර වෙනත් කඩ කිහිපයකට යාම ජනතාව විසින් සිදු කරන බව ඇය තවදුරටත් සඳහන් කරනවා. "ඔවුන්ට අවශ්‍ය වාසිසහගත මිල දී ගැනීමක් කරන්න, ඒ වගේ ම ඔවුන් අළුත් නිෂ්පාදන අත්හදා බලනවා."

කලක දී අත්‍යවශ්‍ය ම නම් පමණක් කරන මිල දී ගැනීමක් වූ Home Brandsවලට දැන් විශාල ඉල්ලුමක් තිබෙනවා. "මේ භාණ්ඩ මිල දී ගැනීම කලක දී යම් දුරකට නොකළ යුතු දෙයක් විදියටයි සැලකුවේ. නමුත් දැන් වෙළඳපොලේ විශාල වෙනසක් කරන්නෙකු විදියට එය වෙනස් වෙලා "

Source:

————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකිය.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00ට SBS livestream හරහා, තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you