LISTEN TO
ඕස්ට්‍රේලියාවේ ඔබට ගැලපෙන බැංකු ගිණුමක් තෝරා ගන්නේ කෙසේද?: Australia Explained
SBS Sinhala
18/12/202409:45
Salvation Army ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව 72%ක් පමණ වන වැඩිහිටියන් පෙර වසරට වඩා මුදල් වියදම් කිරීමේදී කල්පනා කාරී වන බව පවසා තිබෙනවා. ආහාර සඳහා උත්සව සමයේ සිදුකරන වියදම් සීමා කරන බව 56%ක් දෙනා පවසා තිබෙනවා. ත්‍යාග මිලදී ගැනීම සඳහා සිදුකරන වියදම් අවම කරන බව සමීක්ෂණයට සහභාගී වූ 48%ක් පවසා තිබෙනවා.
මේ උත්සව සමයේ වියදම් අවමකර සැලසුම් සහගතව මූල්‍ය කළමනාකරණය කිරීම සඳහා පහත උපක්‍රම භාවිතා කිරීම ඵලදායී විය හැක.
Source: SBS News
උත්සව සමයේ සිදුවන වියදම් සම්බන්දයෙන් පුරෝකතනයක් සිදුකිරීම ඉතා වැදගත් බව මූල්‍ය උපදේශකයින් පෙන්වා දෙනවා. හදිසියේ සහ අවසන් මොහොතේ සිදුකෙරෙන වියදම් හේතුවෙන් බොහෝ විට බුද්ධිමත් තීරණ ගැනීමට නොහැකි වන අතර අනවශ්‍ය වියදම් සිදුවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත.
අයවැය පිලිබඳ වාර්තාවක් තබාගන්න
ඔබගේ ආදායම් සහ වියදම් පිළිබඳව වාර්තාවක් සකසා එයට අනුගත වීම මෙහිදී වඩාත් ඵලදායක විය හැක. එහිදී ඔබගේ මූල්‍යමතත්වය පිළිබඳව ඔබටම තක්සේරුවක් කරගැනීමේ හැකියාව ලැබේ. ඉදිරි වියදම් පිළිබඳව සැලසුමක් (Budget) තබාගැනීමෙන් හදිසි සහ අනවශ්‍ය මිලදීගැනීම් අවම කරගැනීමට ඔබට හැකිවේ.
වට්ටම් ලබාදීම් පිළිබඳව සොයා බලන්න
සුපිරි වෙළඳසල් උත්සව සමයේ විශේෂ වට්ටම් දීම් සිදු කරන බැවින් ඒ පිළිබඳව හොඳින් සොයා බැලීම හරහා මුදල් ඉතිරි කරගැනීමට ඔබට හැකිවේ. විශේෂයෙන්ම ඉදිරි වියදම් පිළිබඳව ඔබ සැලසුම් කර ඇත්නම් අදාළ භාණ්ඩ වට්ටම් සහිතව වෙලන්දසල්වල දුටු විට එය මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් මුදල් ඉතිරි කරගැනීමට ඔබට හැකිවේ. උදාහරණයක් ලෙස නත්තල් දිනයේ සාදයක් පැවැත්වීමට ඔබ කටයුතු කරන්නේනම් ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ වට්ටම් සහිතව ඇති අවස්තාවලදී කලින් මිලදීගෙන සූදානම් වීමට ඔබට හැකි වේ.
වියදම් බෙදා ගැනීමට කටයුතු කිරීම
ඔබ සාදයක් හෝ උත්සව අවස්තාවක් සංවිධානය කරන්නේනම් තනිවම සංවිධානය නොකර පවුලේ ය හෝ මිතුරන් සමග වියදම් බෙදා ගන්නා අයුරින් සංවිධානය කිරීමට කටයුතු කල හැක. මෙහිදී ආහාර, මත්පැන් වැනිදා මිලදී ගැනීම පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් අතරේ බෙදී යන හෙයින් අනවශ්‍ය මූල්‍යමය ආතතියක් ඔබ වෙත ඇතිවීම වැළකේ.
සාමාජිකයින් සඳහා වන ලෝයල්ටි වැඩසටහන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න
බොහෝ වෙළඳසැල් තම එදිනෙදා පාරිභෝගිකයින් සඳහා ක්‍රියාත්මක කරන ලොයල්ටි ලකුණු ක්‍රමවේදය හරහා ඔබට ලබාගත හැකි වට්ටම් ලබා ගැනීමට මේ කාලයේ කටයුතු කල හැක. ඒ හරහා තෑගි වවුචර පත් හෝ ත්‍යාග මිලදී ගැනීමට කටයුතු කල හැක. මේ හරහා නත්තල් මාසයේ ඔබේ වියදම යම් ප්‍රමාණයකට සීමා කර ගත හැක.
ඔබට දැඩි මූල්‍යමුය ආතතියක් දැනෙනවානම් වහාම උදව් ලබා ගැනීමට කටයුතු කරන්න. මේ සඳහා නොමිලයේ ලබාදෙන National Debt Helpline සේවාව හරහා මූල්‍ය උපදේශකවරයකු හා සම්බන්ධ වීමේ අවස්තාව ඔබට තිබෙනවා.
ඔබ දැඩි මූල්‍යමය ආතතියකින් පෙළෙන්නේ නම් 1800 007 007 අංකය හරහා National Debt Helpline අමතා නොමිලයේ මූල්‍ය උපදේශන සේවා ලබා ගැනීම සිදුකල හැකියි. වැඩිවිස්තර සඳහා පිවිසෙන්න www.ndh.org.au
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************