2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තීරණය කෙරෙන ප්‍රධාන සාධක මෙන්න

2025-01-14_17-31-13.jpg

National home prices were down in December as values dropped for the first time in nearly two years. Credit: lovro77/Getty Images

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පසුගිය වසර දෙක පුරාවටම විශාල වශයෙන් ඉහල ගොස් තිබුනා. කෙසේ උවත් 2024 වසර අවසානය වනවිට ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බව නිවාස වෙළඳපොල දත්ත වාර්තාකරණ ආයතන පෙන්වා දී තිබුනා. මේ හේතුවෙන් 2025 වසරේ නිවාසමිල පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත් වනවා.


LISTEN TO
Tips for homebuyers 2025 image

2025දී ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න හොඳම කාලෙ ගැන විස්තරේ මෙන්න

SBS Sinhala

13/01/202509:46
PropTrack ආයතනයේ වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස මිල සාමාන්‍යය 0.17%කින් පහත වැටී තිබෙනවා. CoreLogic ආයතනයේ වාර්තාවකට අනුව වසර දෙකකට පසුව ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල ගණන් පහත වැටී තිබෙනවා. මීට අමතරව ප්‍රධාන නගරවල නිවාස මිල ගණන් 0.25%කින් පහත වැටී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාස මිල පහත වැටීම මෙල්බර්න් නුවරින් වාර්තා වන අතර (2.49%) වැඩිම මිල ඉහල යාම පර්ත් නුවරින් වාර්තා වනවා.

මෙම ප්‍රවනතාවය ඉදිරියටත් පවතීද ? මේ සඳහා බලපෑ හේතු මොනවාද යන්න සොයා බැලීම මෙහිදී වැදගත් වනවා.

PopTrack ආයතනයේ දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ නිවාසයක මාධ්‍ය මිල $795,000ක් වනවා. 2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අඩුවීමේ ප්‍රවනතාවය ඉදිරියටත් පවතිනු ඇති බවට අපේක්ෂා කලද එය සාධක කිහිපයක් මත රඳා පවතින බව PropTrack හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥවරියක වන Anne Flaherty පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින පොලී අනුපාත

ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීම පසුගිය කාලය පුරාම සිදු කල අතර මෙය ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහළයාම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් වනවා. යම් හෙයකින් පොලී අනුපාත කප්පාදුවක් ඉදිරියේදී සිදු උවහොත් එය වර්තමාන නිවාසමිල ගණන් ඉහල යාමට ප්‍රධාන හේතුවක් වනු ඇති බවට Anne Flaherty පෙන්වා දෙනවා. පොලී අනුපාත සහ ජීවන වියදම් පීඩනය අඩුවීමත් සමග ජනතාවට නිවසක් මිලදීගැනීමට ඉතුරුම් කල හැකි ප්‍රමාණය ඉහල යනු ඇති බවට CoreLogic ආයතනයේ Tim Lawless පෙන්වා දෙනවා. කෙසේ උවත් මේ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවටද Tim Lawless පෙන්වා දෙනවා.

මීට අමතරව පොලී අනුපාත අඩුවීමත් සමග ලබාගත හැකි නිවාස ණය ප්‍රමාණය ඉහල යන බැවින් ඉහල මිලගන යටතේ උවද නිවාස මිලදීගැනීමට ජනතාවට හැකියාව ලැබෙන බැවින් ඒ හරහා නිවාස මිල ඉහල යාමේ හැකියාවක් තිබෙනවා.
2025-01-14_17-35-25.jpg

ආර්ථික සුරක්ෂිත තාවය සඳහා වන රජයේ නව ප්‍රතිපත්ති


ආර්ථික සුරක්ෂිත තාවය සඳහා රජයන් විවිද ප්‍රතිපත්ති ගෙන ඒමක් සිදු කරනවා. උදාහරණයක් ලෙස ණය ලබා ගැනීම සඳහා වන කොන්දේසි ඉහල දැමීම වැනි රාජ්‍ය තීරණ හේතුවෙන් බොහෝ පිරිසකට නිවාස මිලදීගැනීමට සුදුසුකම් ඇහිරීමක් සිදුවනවා. මේ හේතුවෙන් නිවාස මිල අඩුවීමට එය බලපානවා. මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්ති Macroprudential policies ලෙස හඳුන්වන අතර මේ හේතුවෙන් නිවාස වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපෑම් එල්ල වීමක් සිදුවනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සීමා කිරීම

ඔස්ට්‍රේලියාවට පැමිණෙන වාර්ෂික සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය සීමා කිරීමටද ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටිනවා. මේ අනුව 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා ස්ථිර පුරවැසිභාවය ලබාදෙන සංඛ්‍යාවද 190000 සිට 185000 දක්වා අඩුකිරීමට කටයුතු කර තිබෙනවා. සංක්‍රමණිකයින් අඩු වීම හරහා නිවාස සඳහා වන ඉල්ලුම අඩු වනු ඇති බවට Tim Lawless පවසා සිටිනවා. මෙය කුලී නිවාස වෙළඳපොළට ඍජුවම බලපාන අතර මේ වනවිටත් නිවාස කුලී මිලගණන් ස්ථාවර වීමක් දක්නට ලැබෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.

නිවාස වෙළඳපොළට පැමිණෙන නිවාස ප්‍රමාණය ඉහල යාම

2024 අවසාන භාගය වනවිට නිවාස වෙළඳපොළට පැමිණෙන නිවාස ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගැනුම් කරුවන්ට තරඟකාරීත්වයෙන් අඩු නිවාස වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවා. 2025 වසරේදීද නිවාස වෙළඳපොළට පැමිණෙන නිවාස ප්‍රමාණය ඉහළයනු ඇති බවට Anne Flaherty විශ්වාසය පල කරනවා.

දැරියහැකි මිලකට නිවාස ලබාගැනීමේ හැකියාවක් ඉදිරියේදී ඇති වනු ඇති බවට Tim Lawless පවසා සිටිනවා. කෙසේ මේ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවටද ඔහු පෙන්වා දෙනවා. ජනතාවගේ ආදායම් මට්ටම ඉහල යාමත් සමගම නිවාස මිලද යම් ආකාරයකට ස්ථාවර වීම හරහා නිවාස මිල දැරිය හැකි මට්ටමකට පැමිණෙනු ඇති බවට ඔහු විශ්වාස කරනවා.

********************************************************************************









ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.









********************************************************************************

Share

Recommended for you