සේවා යෝජකයකුගේ අනුග්‍රාහකත්වයෙන් අයදුම් කරන Employer Nomination Scheme (ENS) සඳහා Temporary Residence Transition (TRT) and Direct Entry (DE) යන අංශ දෙක ඇතුලත් වන අතර ඔස්ට්‍රේලියාවට අත්‍යවශ්‍ය නිපුනතා සහිත මෙවැනි අයදුම් කරුවන්ට වඩාත් පහසුවෙන් ස්ථිර පදිංචිය ලබාගත හැකි වන ලෙස සංක්‍රමණ වැඩසටහන යාවත්කාලීන කිරීමට ඕස්ට්‍රේලියානු රජය කැපවී සිටී.
මේ අනුව ඔස්ට්‍රේලියාව තුල තාවකාලික වීසා බලපත්‍රයක සිට ස්ථිර පදිංචිය සඳහා යොමුවන අයදුම් කරුවන් සඳහා සිදුකර ඇති වෙනස්කම් පහත පරිදි වනවා.
- අයදුම්කරුවන්ට වසර 2ක සේවා පළපුරුද්ද සඳහා වන අවශ්‍යතවය සපුරාලීම සඳහා ඔවුන්ගේ වත්මන් සේවා යෝජකයා සමග සිටි කාලය පමණක් නොව මින් පෙර ඔවුනට අනුග්‍රහය දැක්වූ සියලුම රැකියා ඇතුළත් කළ හැකිය.
- තම රැකියාවට අදාළ ක්ෂේත්රයක සේවය කර ඇති හෝ උසස්වීමක් ලබා ඇති අයදුම්කරුවන්ට තම සේවා පළපුරුද්ද සඳහා වන අවශ්‍යතාවයට මෙම සේවා පළපුරුදු කාලයද ඇතුලත් කල හැක.
- රැකියාවේ සේවා පළපුරුද්ද පිලිබඳ වන අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම සේවා යෝජකයාට නොව අයදුම් කරු වෙත පැවරීමක් සිදු වේ.
- Core Skills Income Threshold (CSIT) ලෙස මින් පෙර හැඳින්වුණු අවම වාර්ෂික ආදායම් මට්ටම් අවශ්‍යතාවය Temporary Skilled Migration Income Threshold (TSMIT) ලෙස වෙනස් වී ඇත. කෙසේ උවත් ඒ සඳහා වන මූල්‍යමය අවශ්‍යතාවය පෙර පැවති ඕස්ට්‍රේලියානු ඩොලර් 73,150 මට්ටමේම නොවෙනස්ව පවතී.
- Temporary Skill Shortage visa ක්‍රමවේදය යටතේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සේවයේ නියුතු වෛද්‍ය වරුන්ට සහ ඉහල වැටුප් තලවල සිටින අයදුම් කරුවන් සඳහා ලබාදුන් වයස් සීමා සහනය එලෙසම පවතී. මෙම කාණ්ඩයන්ට ඇතුලත් නොවන රැකියා ක්ෂේශ්ත්‍ර වල අයදුම් කරුවන්ට වයස 45 සීමාවට යටත් වීමට සිදුවේ.
- මෙම වෙනස් කම් ප්‍රාදේශීය ප්‍රදේශවල සේවයේ නියුතු අයදුම් කරුවන් සඳහා වෙන් වී තිබුණු Regional Sponsored Migration Scheme (subclass 187) සඳහා වලංගු නොවේ. මෙම වීසා කාණ්ඩය 2019 වසරේදී නවතා දමන ලදී.
Direct Entry stream
සේවා යෝජකයකු හරහා ඍජුවම ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කරන අයදුම් කරුවන්ට මින් පෙරපවති Medium and Long Term Strategic Skills List වෙනුවට අලුතින් හඳුන්වා දී ඇති Core Skills Occupation List (CSOL) රැකියා ලැයිස්තුවට අදාළ රැකියා සඳහා පමණක් අයදුම් කල හැක. ඕස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළට අත්‍යවශ්‍ය රැකියා අධ්‍යයනය කිරීමකින් පසුව මෙම ලැයිස්තුව සඳහා රැකියා ඇතුලත් කර ඇත.
මේ සඳහා ඇතුලත්වන ඇතැම් ක්ෂේශ්ත්‍ර පහත පරිදි වේ.
- ඉදිකිරීම් ක්ෂේශ්ත්රය
- සයිබර් ආරක්ෂාව
- කෘෂිකාර්මික ක්ෂේශ්ත්රය
- සෞඛ්‍ය හා අධ්‍යාපනය ක්ෂේශ්ත්රය
මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.