SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
LISTEN TO

ඕස්ට්‍රේලියානු වීසා සඳහා බලපාන අලුත් විදිහේ scam එකක් ගැන තොරතුරු මෙන්න
SBS Sinhala
17/03/202510:57
ඇමරිකාව ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වැනි මුදලකට ධනවත් පුද්ගලයින්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාදෙන ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. මේ හරහා ධනවත් පුද්ගලයින් ඇමරිකාවට ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වනවා. මේ හරහා ලැබෙන මුදල් ඇමරිකාවේ නය ගෙවා දැමීමට භාවිතා කරන බව මෙම ක්‍රමය පිළිබඳව සඳහන් කරමින් ඇමරිකානු ජනාධිපති වරයා සඳහන් කර සිටියා.
ඕස්ට්‍රේලියාවේද මීට සමාන වීස ලබාදීමේ ක්‍රමවේදයක් පැවතුනා
ඕස්ට්‍රේලියාවද මෙවැනිම වීසා ක්‍රමයක් 2012 වසරේදී හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. එය Significant Investor provisional visa (SIV) subclass 188 ලෙස හැඳින්වුණා. මෙහිදී ඕස්ට්‍රේලියානු ආර්ථිකය වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කරන ආයෝජකයින්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසී තිබුනා.
මේ අනුව අනුමත ආයෝජන මාර්ග හරහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5ක අවම මුදලක් ඔස්ට්‍රේලියාව තුල ආයෝජනය කරන පුද්ගලයින්ට වසර 5ක් දක්වා වන කාලයකට මෙම වීසා නිකුත් කිරීම සිදු වනවා.
මෙම වීසා කාණ්ඩය සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම පරීක්ෂා කිරීමක් සිදු නොකරන තර අයදුම් කල හැකි වයස් සීමක්වක්ද නොමැත. මෙහිදී වසර 5ක කාලයක් සඳහා තම ආයෝජනය ඔස්ට්‍රේලියාව තුල තබාගැනීම සිදුකල යුතු අතර ඉන් පසුව ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබේ.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව, 2020 ජූනි වන විට, අනුමත ආයෝජන හරහා ඩොලර් බිලියන 11.7ක් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට එකතු කිරීමට මෙම වීසා කාණ්ඩය සමත් වී තිබෙනවා. එම කාලය තුල මෙම විසා බලපත්‍ර 2,349ක් ලබා දී ඇත.
මෙම ක්‍රමය අහෝසි කිරීමට හේතු මොනවාද?
කෙසේ වෙතත්, සංක්‍රමණ පද්ධතිය පිළිබඳ 2023 වසරේ ඵලදායිතා කොමිෂන් සභා සමාලෝචනයේදී මෙම වීසා බලපත්‍ර ඕස්ට්‍රේලියානු රජයේ මූලික අරමුණ සපුරා නොමැති බවට නිගමනය කර තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියානු රජය නිකුත් කරන නිපුනතා වීසා සමග සංසන්දනය කිරීමේදී මෙම වීසා කාණ්ඩය ඵලදායීතාවය ඇති අඩු බව ඵලදායිතා කොමිෂන් සභා සමාලෝචනයේදී තීරණය කර ඇත. මේ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil විසින් මෙම වීසා කාණ්ඩය අහෝසිකිරීමට තීරණය කර තිබිණ. අයතා ලෙස මුදල් ඉපැයූ අපරාධ කරුවන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ මාර්ගයක් ලෙස මෙම වීසා ක්‍රමවේදය යොදාගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil එහිදී ප්‍රකාශ කර ඇත.
මෙම වීසා කාණ්ඩය නැවත හඳුන්වාදීමක් සිදුවේවිද?
කෙසේ වෙතත්,මෙම වීසා කාණ්ඩය නැවත හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක පීටර් ඩටන් පවසා සිටී. එළඹෙන ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කළහොත් ධනවත් විදේශිකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබාගත හැකි මෙම වීසා කාණ්ඩය හඳුන්වාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක පීටර් ඩටන් පවසා සිටී.
SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු පමණක් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ එක් එක් පුද්ගලයා සඳහා සුවිශේෂී වූ තොරතුරු සඳහා ලියාපදිංචි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.